අපි අද කතා කරන්න යන්නේ කොහොමද මාළුන්ට පණු බෙහෙත් දෙන්නෙ කියන එක ගැන.
1.ඇත්තටම මාළුන්ට පණු බෙහෙත් දෙන්න ඕනද? ඔව්
මිනිසුන්ට, ක්ෂීරපායී සතුන්ට කුරුල්ලන්ට වගේම මාලුන්ටත් පණු ආසාදන ඇති වෙනවා. මේ සඳහා බලපාන පණු වර්ග
Nematode, trematode, hookworm, tapeworm මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. අපි පණු බෙහෙත් දීමෙන් බලාපොරොත්තු වන්නේ මේ පණුවන් සහ පණු බිත්තර විනාශ කිරීමයි.
2. පණු බෙහෙත් දෙන්න ඕනේ ද නැද්ද කියලා අපි කොහොමද දැන ගන්නෙ
මිනිසුන් සාමාන්‍යයෙන් පණු බෙහෙත් බොන්නේ අවුරුද්දකට සැරයක් එහෙමත් නැත්නම් දිගින් දිගටම කෑම අරුචියක් වගේ දැන් උනාට පස්සේ. කුඩා දරුවන්ට නම් මළපහ වල පණුවන් සිටිනවා දුටුවොත් වෛද්‍යවරු පණු බෙහෙත් දෙන්න නිර්දේශ කරනවා.
මත්ස්යයන්නුත් ඒවගේ තමයි.නමුත් වරදවා වටහාගන්න එපා ආතතියට පත් වෙලා ඉන්න මසුන් කෑම ගැනීම සති ගණනක් වුවත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මෙය හොඳින් අවබෝධ කරගෙන තමයි පණු බෙහෙත් දිය යුතු ද නැද්ද කියන එක තීරණය කරන්න ඕන. මොකද බැක්ටීරියා සහ හෙක්සමිටා කියන නිර්වායු බැක්ටීරියා නිසාත් මසුන්ගේ කෑම රුචිය නැති වෙලා යනවා. ශාක භක්ෂක මසුන්ට වගේ නොවෙයි නිතර මස් මාංශ අනුභව කරන මසුන්ට ඉක්මනින් මේ වගේ දේවල් වැළඳෙනව. ඉතින් මේ ආකාරයෙන් ආසාදනය වෙච්ච මත්ස්‍යයෙකුගේ තව රෝග ලක්ෂණයක් තමයි මලපහ සුදු පැහැයෙන් යුක්ත වීම. පළපුරුදු මසුන් ඇති කරන්නෙකුට තීරණය කරන්න පුළුවන් තමන් ඇතිකරන මත්ස්‍යන් සදහා පණු බෙහෙත් දීම අවශ්‍යද නැද්ද කියන එක. අපි ඔවුන්ට කන්න දෙන කෑම වර්ග, අපි ඇති කරන්න මාළු වර්ගය අනුව පණු බෙහෙත් ලබාදීම, ලබා දිය යුතු කාලය වෙනස් වෙනවා. ගොඩක් ළදරු අවධියේ මසුන්ට මෙය කිරීම සුදුසු නැහැ. මම කන්න දෙන දේවල් සහ වාර ගණන අනුව මාස හතරකට වරක් මම පණු බෙහෙත් දීම සිදු කරනවා.
3. කොහොමද පනු බෙහෙත් ලබා දෙන්නේ
මේ ලිපිය ලියන්නේ ලංකාවේ අයට නිසා ලංකාවේ අපිට ගන්න පුළුවන් බෙහෙත් වර්ග සමග මේ ලිපිය ලියන්න තීරණය කළා.
මේක පහසුවෙන් පුළුවන් අඩි දහයට අඩු ටැංකියක ඉන්න මසුන් සඳහා පාවිච්චි කරන්න. මේ සඳහා මම ලියන්න තෝරා ගන්නේ ගොඩක් අය අතර ජනප්‍රිය parzi gold ,worm X, කියන වර්ග දෙක. මේ සඳහා පහත පියවර අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්
👉 මේ බෙහෙත් පාවිච්චි කරන දවස සහ ඔබ ටැංකියේ වතුර මාරු කරන දවස එකම දවසක කරනවානම් හොඳයි. වතුර මාරු කිරීමේදී මසුන්ට අවදානමක් නැතිව දෙන්න පුළුවන් උපරිම water change එක දෙන්න. ටැංකියේ පතුල හොඳින් සයිෆන් කර පිරිසුදු කරගන්න. ඉන්පසු ෆිල්ටරයෙ යාන්ත්‍රික පෙරනය පමණක් හොඳින් පිරිසිදු කරන්න.
👉 filter තුළ activated carbon තිබේනම් ඉවත් කරන්න.
👉 ෆිල්ටර් එක නොකඩවා වෙන දා මෙන් ක්‍රියාත්මක කරවන්න.
👉 Parzi gold ටැංකියේ වතුර ධාරිතාවට ගැලපෙන ලෙස දමන්න.(ලේබලයේ සියලු දේවල් සඳහන් කර ඇත)5ml for 50 l
👉 UV බල්බ සහ අනිකුත් බල්බ ප්‍රතිකාර සම්පූර්ණයෙන් අවසන් වන තෙක් නිවා තබන්න. (දින 5 ක්)
👉 ප්‍රතිකාර කරන දින ඇතුළත ආහාර දීම කළ හැකි නමුත් එය හැකිතාක් අවම කරන්න. නිරාහාරව සිටින විටදී මසුන් අතර ගැටුම් ඇති වේ කියා සිටිනවා නම් පමණක් ආහාර ලබා දෙන්න. ජලය ඉතා හොඳ තත්ත්වයක පවත්වා ගැනීම සඳහා මෙම ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්.
👉 දින පහකට පසු වෙනදා මෙන් වතුර මාරු කර නැවතත් යාන්ත්‍රික පෙරනය පවිත්‍ර කරගන්න.බොහෝ විට මේ අවස්ථාවේදී ඔබට මැරුණු පණුවන් දැකගන්න පුළුවන් වේවි. ඉවත් කළ activated carbon නැවතත් තැන්පත් කරගන්න.
👉සතියකට පසු නැවතත් ඉහත සඳහන් කළ worm X ඖෂධය පෙර භාවිතා කළ පරිදිම භාවිතා කරන්න.
4.මේ බෙහෙත් වර්ග දෙකම ඇයි පාවිච්චි කරන්නේ.
ඔබගේ මත්ස්‍යයාට වැළඳී ඇත්තේ කුමන ආකාරයේ පණු රෝගයක් දැයි විනිශ්චය කිරීමට විද්‍යාගාරයක් තුල මලපහ සාම්පලයක් ගෙන fecal පරීක්ෂණයක් සිදුකළ යුතුයි. මේ ඖෂධ දෙකෙන් විනාශ වන්නේ එකිනෙකට වෙනස් පණු වර්ග සහ බැක්ටීරියා වර්ග බැවින් වර්ග දෙකම භාවිතා කිරීම සාර්ථක බව පැවසෙනවා. එම නිසා සියයට සීයක් ප්‍රතිඵල ලබා ගැනීමට මේ බෙහෙත් වර්ග දෙකම භාවිතා කිරීම සුදුසුයි.
5. pellets ආහාරයට ගන්නා මසුන් සහ ශාක භක්ෂක මසුන් සඳහා මේ පණු ආසාදන හට ගන්නවාද ?ඔව්. නමුත් අවමයි
6. විශාල පොකුණක සිටින මසුන්ට කොහොමද ප්‍රතිකාර කරන්නේ ? වර්ෂාව නැති කාලයක වතුර මට්ටමක අඩු කරල මේ ප්‍රතිකාරය කරන්න පුළුවන්.
7. ඔබගේ විශාල මසුන් විශාල ඉඩ කඩක සිටිනවානම් කොහොමද මේ ප්‍රතිකාරය කරන්නේ. මේ ගැන මම දේශීය හා විදේශීය ප්‍රවීනයන් ගෙන් උපදෙස් ලබා ගත්තා. ඔවුන්ට අනුව
😎ඔබ මසුන්ට ආහාරයට දෙන මස් මාංශ තුළ සුදු ලූනු තැන්පත් කර කෑමට දීම එක ක්‍රමයක්. මෙය එක දිගට සතියක් පමණ කළ යුතුය. වරකට එක සුදු ලූනු බිගක් බැගින් දින හතකට සුදුලූනු බිග් හතක්.ඒ අතර ජලය ගැලුමකට epsom salt තේ හැන්දෙන් එකක් යන අනුපාතයෙන් epsom salt ජලයට එක වරක් පමණක් මිශ්‍ර කිරීම.
😎 ඉහත සඳහන් කළ බෙහෙත් වර්ග දෙක තුළ ආහාරයට දෙන මස්-මාංස පොඟවා තබා ආහාරයට දීම. hand feed කරන අයට මේක කරන්න ලේසියි. කිලෝ දහයක් බර මාලුවෙකුට parzi gold 10ml සහ දින 2 කට පසු worm X 10ml ලබාදීම ප්‍රමාණවත් යැයි පැවසෙනවා. ඔබ සාලයා වැනි මසුන් ආහාරයට දෙනවනම් සිරින්ජරයක් මගින් එය තුළට මෙම ඖෂධ එන්නත් කළ පසු ආහාරයට දීම කරන්නත් පුළුවන්.
😎 සුනඛයන්ට සහ බළලුන්ට පණු බෙහෙත් ලෙස ලබා දෙන dontal plus නිර්දේශ කර ඇත්තේ ශරීර බරට අනුවයි. ඒ ආකාරයටම ඔබගේ මත්ස්‍යයාගේ බරට අවශ්‍ය මාත්‍රාවෙන් 1/4 ප්‍රමාණයක් දවසක් ඇර දවසක් සම්පූර්ණ මාත්‍රාව කොටස් ලෙස ලබා දීම. ඉහත ආකාරයටම කෑම තුළ සඟවා කෑමට දීමට පුළුවන්.
😃පණු බෙහෙත් දීම ලංකාවේ අය අතර ජනප්‍රිය වෙමින් පැවතීම සන්තෝෂයට කාරණයක්. සමූහයේ ගොඩක් අය මීට වඩා වෙනස් ක්‍රම සහ වෙනස් බෙහෙත් වර්ග වර්ග පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. අපි හැමෝන්ටම මේ දේවල් දැන ගන්නත් එක්ක comment section එකේ ඔයාලගේ අත්දැකීම් සහ ඔයාල දන්න දේවල් ලියන්න කියලා ආදරෙන් වෙනදා වගේම ඉල්ලා සිටිනවා ස්තුතියි!!!💚

❤️🥰
ReplyDelete