🔍🔎 මත්ස්‍ය ඇසේ ව්‍යුහය
🐟මාළුවෙකුගේ eyeballs ව්‍යුහය මිනිසුන්ට සමාන ය.එහි පිටත ආවරණය කින් යුක්තව ඇත, එය කෝනියා ලෙස හැඳින්වේ, එය ඇසේ අභ්‍යන්තර ව්‍යුහයට සිදුවිය හැකි හානිවලින් ආරක්ෂා කරයි.
🐟කෝර්නියාවට පහළින් ඇත්තේ අයිරිස් ය, එය ඇස්වලට එන ආලෝකය සකස් කිරීම සඳහා යොදා ගනී. අයිරිස් පිටුපස කාචය ඇති අතර එය වඩා හොඳ සංජානනය සඳහා ඇස් තුළට එන ආලෝකය නැමෙයි.
🐟මිනිසුන් මෙන් නොව, මාළුවෙකුගේ ඇස්වල ඇති කාච ගෝලාකාර ය.මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගේ දැක්ම ගෝලාකාර කාචය මැදදී ඇදහිය නොහැකි තරම් පැහැදිලි බවයි, නමුත් කෙළවර දෙසට වන්නට පෙනීම හොඳ තත්වයක නොමැති වේ.
🐟කාචයට පිටුපසින් දෘෂ්ටි විතානය පිහිටා ඇති අතර එහිදී ආලෝකය සැකසෙන අතර පසුව දෘෂ්ටි ස්නායුව සැකසූ තොරතුරු මොළයට යවනු ලැබේ.
🐟 කොහොමද cloudy ඇතිවෙන්නේ
මාළුවෙකුගේ ඇසට හානි වූ විට, පිටත ඇසෙහි (කෝනියා වලින් සමන්විත කොටසෙහි) හෝ අභ්‍යන්තර ඇසෙහි (අක්ෂි ව්‍යුහයේ ඉතිරි කොටස් වලින් සමන්විත ප්‍රදේශයේ) සුදු පාට පටලයකින් වැසී යාම හෙවත් cloudy තත්වය ලෙස හැඳින්විය හැක.
පොදුවේ ගත් කල, පිටත අක්ෂි හානිය අභ්‍යන්තර අක්ෂි හානියට තරම් බරපතළ නොවේ.ඒ නිසා, සුව කිරීම පහසුයි.
🐟මේ cloudy පටලය හානිකරද?
මාලුවාගේ ඇස් මත සුදු පටල ඇතිවීම රෝගයක් නොවේ.එය රෝග ලක්ෂණයකි.
එය ඔබගේ ටැංකියේ වඩාත් බැරෑරුම් දෙයක් සිදුවෙමින් පවතින බවට ලකුණක් විය හැකි අතර එය නරක අතට හැරීම වළක්වා ගැනීම හැකි ඉක්මනින් සිදු කළ යුතුය. කෙනෙකට කියන්න පුළුවන්
ටැංකියේ මාළු ගොඩක් ඉන්නවා එක මාලුවෙකුට විතරයි මෙහෙම වෙලා තියෙන්නෙ කියලා.නමුත් ඉක්මනට ප්‍රතිකාර නොකළොත් හෝ මේකට හේතු වන කාරණය නිවැරදි නොකලොත් මේක අනිවාර්යෙන්ම අනිත් මාළු අතරත් පැතිර යනවා
🐟මාළු cloudy ඇස සුව කළ හැකිද?
මේ සුදු පැහැති පටලය මූලික අවස්ථාවේදී හඳුනා ගත්තොත් ඉතා පහසුවෙන් සුව කරන්න පුළුවන්. බොහෝ විට මේ සදහා හේතු වන්නේ ජලය අපිරිසිදු බව හෝ පරපෝෂිතයන් විසින් ඇති කරන ක්‍රියාකාරීත්වය ලෙස පෙන්වා දිය හැක. cloudy තත්ත්වය බරපතළ නොවේ නම් ජල මාරුකිරිම් සමග ටැංකි නඩත්තු කටයුතු කරගෙන යනවා නම් ඖෂධ නැතුවම බොහෝ දුරට සුවකර ගන්න පුළුවන්.තත්ත්වය බරපතළ නම් ඖෂධ භාවිතා කරන්නම සිද්ධ වෙනවා.ප්‍රතිකාර වල ප්‍රගතිය සහ සාර්ථකත්වය ජලයේ ගුණාත්මක බව මත තීරණය වන බව තරයේ මතක තබාගත යුතුයි.
කෙසේ වෙතත්, ඔබේ මාළුවාගේ ඇස් ප්‍රතිකාර වලට පමාවී දුර්වල වී ඇත්නම් එය නැවත සුවකළ නොහැකිවනු ඇත.මෙම අවස්ථාවේ දී හොඳම ක්‍රියාමාර්ගය වන්නේ තවදුරටත් හානිය අවම කර වළක්වා ගැනීම පමණයි.
👿වෙනත් හේතු තියෙනවද
🐟ජාන බලපෑම
මුලින්ම මෙහෙම දෙයක් දැක්කොත් ඔබ තුළ අවබෝධයක් තියෙන්න ඕන මේ cloudy තත්වය මසුන්ගේ නිශ්චිත විශේෂ සඳහා සාමාන්‍ය දෙයක් නොවන බව. මොකද කියතොත් ස්වභාවයෙන්ම වලාකුළු වැනි පටල සහිත හෝ කිරි පැහැයක් සහිත ඇස් ඇති මත්ස්‍ය විශේෂ කිහිපයක් තිබේ.
උදාහරණයක් ලෙස, සමහර ගෝල්ඩ්ෆිෂ්, පෆර් ෆිෂ් සහ රැබිට් ෆිෂ් විශේෂ වල ස්වභාවිකව සුදු පැහැති sheen එකක් ඇත. ඒ වගේම මේ තත්ත්වය පැටවුන් ලෙස බිහි වූ දා සිට ඇස් දෙකෙහිම තිබිය යුතුය මේ වෙනස්කම් හඳුනා ගැනීමට ඔබ දක්ෂ විය යුතු වේ.
🐟 ඇසේ සීරීම් සහ තුවාල
එක් ඇසක පමණක් කිරි පැහැති sheen එකක් තිබේ නම්, එයින් අදහස් වන්නේ ඔබේ මාළුවාගේ ඇස යමක ගැටීමෙන් සිදු වූ සීරීමක් හෝ ඉලිප්පුමක් විය හැකි බවයි. මේ වගේ තත්ත්වයක් සාමාන්‍යයෙන් ඉතා ගුණාත්මක වතුර තත්ත්වයක් යටතේදි පහව යන්න පුළුවන්. නමුත් එහි බැක්ටීරියා ආසාදනයක් ඇතිවුණත් තත්ත්වය බරපතළ
වන නිසා ඖෂධ ලබා දීමක් සිදු කළ යුතුයි.
නමුත් ඔබට විනිශ්චය කිරීමේ හැකියාව තියෙන්න ඕන එම සීරීම හෝ තුවාලය ඇසේ කොයි ස්ථරය දක්වා බලපෑමක් සිදු වෙලා තියෙනවාද කියන එක පිළිබඳ සහ කළු ඉංගිරියාව දක්වා එය විහිදිලා ද නැද්ද යන්න පිළිබඳ. මේ වගේ රෝග විනිශ්චයක් වීඩියෝවක් හෝ ඡායාරූපයක් බලල කිරීම ඉතා අසීරු කටයුත්තක්. ඒක නිසා කෙනෙකුගෙන් බෙහෙත් අසා ගන්නවා නම් එය කොයිතරම් භයානකද කියන එක ඔබම තේරුම් ගන්න.
🐟 මාළු ටැංකියේ වැරදි සහ අඩුපාඩු
සමහර මාළු ටැංකි වල අනවශ්‍ය විදියට සැරසිලි තියෙනවා සමහර වෙලාවට මාළුන්ට පීනන්නත් ඉඩකඩ නැති තරමට ගස්වල කොට දාලා ,ගල් මුල් දාලා ඉතින් මේ වගේ ටැංකිවල මාළු කලබල උනාම මේවගේ හැප්පිලා තුවාල සිදුවන අවස්ථා සුලබයි. එහෙම නැත්නම් අනිකුත් මසුන් සමග සටන් කරල ඇස් තුවාල කරගන්න අවස්ථා ඕන තරම් තියෙනවා මේකත් cloudy අයි එන්න එක හේතුවක්.ජල පරාමිතීන් වල හදිසි වෙනස් වීම්, අඩු ඔක්සිජන තත්ත්වයක් පැවතීම, acclimate නොකිරීම, cloudy තත්ත්වයක් වීමට හේතුවක් ලෙස පෙන්වා දිය හැකියි.
🐟ආසාදනය
මසුන්ගෙ අඩු ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පැවතීමෙන් cloudy අයි තත්ත්වය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. මීට අමතරව විශේෂයෙන් ආසාදනයක් හේතුවෙන්.ආසාදනය වීමට වඩාත් පොදු හේතුව වන්නේ ඔබේ ටැංකියේ නඩත්තු නොමැතිකමයි. මේ අවස්ථාවේදී නම් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන්න වෙනවා. යළි යළිත් මේ දේවල් කියන්නෙ කරුණාකර ඔයාලගේ ටැංකියේ filter පද්ධතිය ශක්තිමත් කරගන්න, නඩත්තු කටයුතු කලට වෙලාවට කරන්න ජලය නිවැරදි ප්‍රමාණය නිවැරදි කාලය තුළදී මාරු කරන්න කියන එක මතක් කරන්නයි.
තවත් වැදගත්ම දෙයක් තමයි අලුතෙන් ටැංකියට එකතු කරන සියලුම ශාක මසුන් සහ සජීවී ආහාර ලෙස ලබා දෙන සතුන් නිරෝධායන කටයුතු සඳහා අනිවාර්යයෙන් යොමු කිරීමෙන් පසු ටැංකියට එකතු කරන්න වගබලා ගතයුතුය.තවද අලංකරණය සදහා යොදන මෙවලම් වැනි ඔබේ මින්මැදුරට එකතු වන ඕනෑම දෙයක් හොඳින් පිරිසිදු කිරීම සහ විෂබීජ නාශනය කිරීමට වගබලා ගත යුතුයි.
🐟පරපෝෂිතයන්
ඇසේ ඇති පරපෝෂිතයන්, Eye fluke වැනි දෑ ස්වභාවික පරිසරයෙන් අල්ලා ගන්නා මසුන් තුළ සමහර අවස්ථාවල දක්නට ලැබේ.මේ පරපෝෂිතයන් ඇසේ cloudy තත්වයන් ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. සමහර විට ඇස තුළම cloudy සමග කුඩා පණුවන් දැකිය හැකි. මෙවැනි පරපෝෂිත ආසාදන මාළුගේ දර්ශනය අඩපණ කරයි.සුරතල් මසුන්ගේ Eye fluke වලට ප්‍රතිකාර කිරීම සඳහා මේ වන තක් කිසිදු ආරක්ෂිත සාර්ථක ඖෂධයක් නැත. එම නිසා හේතුව නිරීක්ෂණය තුළින් නිවැරදිව හඳුනාගෙන cloudy eyeසඳහා ප්‍රතිකාර කළ යුතු බව ඔබට දැන් වැටහෙනවා ඇති.
🐟ඇසේ සුද
ඇසේ සුද යනු ඇසේ කාචයට වන හානිය වන අතර එමගින් පාරාන්ධතාවයට පත්වේ. ඇසේ සුද ඇතිවීමට හේතු කිහිපයක් තිබේ පෝෂණ ඌනතා, ආසාදනය හෝ ජානමය සාධක මේ අතරින් ප්‍රධානයි.
මිනිසුන් මෙන්ම, මහලු වියේ පසුවන මත්ස්‍යයින්ට ඇස් පෙනීම දුර්වල වී අවසානයේදී ඇසේ සුද ඇති විය හැකි අතර එමඟින් ඔවුන්ට සැරිසැරීමට හා ආහාර කිරීමට අපහසු වේ.මෙම අවස්ථාවේදී, ඔබේ මාළුන්ගේ ඇස්වල ඇතිවන හානිය ආපසු හැරවීමට ඔබට බොහෝ දේ කළ නොහැක. මිනිසුන්ට කළ හැකි සැත්කම් මෙන් නොව මාළු සඳහා ලබා ගත හැකි ප්‍රතිකාර ඉතා අල්පය.ඒක නිසා දීර්ඝ කාලයක් ඇස් නිරෝගීව තබා ගැනීමට ජලයේ ගුණාත්මකභාවය උසස් ව තබා ගන්නා ලෙස නැවත නැවත පැවසීමට කැමැත්තෙමි.
🐟cloudy අක්ෂි සහිත මාළු සුව කරන්නේ කෙසේද?
බොහෝ කාරණා දම්වැලක් සේ එකිනෙකට බැඳී පවතී.පෝෂණය අඩු ආහාර ලබාදීමෙන් cloudy තත්ත්වය ඇති වෙන බව ඔබ දන්නවාද.විශේෂයෙන්ම විටමින් A ඌනතාවය මෙයට තදින්ම බලපානවා. එමඟින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල තත්ත්වයට පත්වෙනව වගේම එමඟින් ඔවුන් ඉක්මනින් බැක්ටීරියා සහ ආසාදන වලට ගොදුරු වීමට නොවැළැක්විය හැකියි. එමගින් cloudy තත්ත්වය ඇතිවීමට සෘජුව බලපෑමක් කරනවා.
එම නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමටත්, උපරිම සෞඛ්‍ය සම්පන්නව ක්‍රියා කිරීමට අවශ්‍ය විටමින් ඛනිජ ලවණ සහිත ආහාර ලබා දීමට වගබලා ගත්තොත් හොඳයි.
🐟 ජලයේ ගුණාත්මක බව,
ජලයේ දියවී ඇති මසුන්ට හිතකර සහ අවශ්‍ය කැල්සියම් මිනරල් මූලද්‍රව්‍යයන්ගේ සමතුලිතතාවය ඇතැම් මත්ස්‍ය වර්ගයන්ගේ cloudy තත්ත්වය ඇතිවීමට හේතුවක් බව මෑතකදී සොයා ගෙන ඇත. නළ ජලයේ මේ ගුණාංග ඇති බැවින් කලට වෙලාවට ටැංකියේ වතුර මාරු කිරීමෙන් අවශ්‍ය ගුණාංග එකතු කරගන්න පුළුවන්
🐟 ඇමෝනියා මට්ටම්
නයිට්‍රජන් චක්‍රය නිවැරදිව කළමනාකරණය නොකිරීම filter පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම ටැංකියේ ඇමෝනියා සහ nitrite මට්ටම ඉහළ යෑමට හේතුවේ. අලුත් ටැංකිවල මේ තත්ත්වය බහුලව දැකගන්න පුළුවන්. ඇමෝනියා අගය 0 ලෙස පවත්වාගෙන යාමටත් 20ppm ට නොඉක්මවන නයිට්රේට් මට්ටමක් පවත්වා ගැනීමෙන් cloudy තත්ත්වය ඇතිවීම මගහැරවීමට එක හේතුවක් වේ.
🐟ක්ලෝරීන් සහ ක්ලෝරැමීන්
ඔබ ඔබේ ටැංකියේ නළ ජලය භාවිතා කරන්නේ නම්, ක්ලෝරීන් සහ ක්ලෝරමයින් ජලයෙන් ඉවත් කිරීමට වග බලා ගන්න.
ක්ලෝරමයින් ඉවත් කළ හැක්කේ ජල කන්ඩිෂනේෂන් හෝ අධික කාබන් පෙරීම මගින් පමණි.
🐟cloudy තත්ත්වය සඳහා ඔබ ඖෂධ වතුරට එකතු කරන්නේ නම් එය නියමිත මාත්‍රාවට ම පමණක් බෙහෙත් යෙදීමට වග බලා ගන්න මාත්‍රාව වැඩි වුවහොත් එය ඇස විනාශ වීමට හේතුවක් වනු ඇත. මාත්‍රාව අඩුවෙන් යෙදුවහොත් ප්‍රතිඵල නොලැබෙනු ඇත. බෙහෙත් එකතු කිරීමට මත්තෙන්ක වෝටර් න්ඩිෂනර් එකතු කිරීමට මතක තබාගන්න.
😡😡 මොනවද පාවිච්චි කරන්න පුළුවන් බෙහෙත්
බෙහෙත් වරග මෙතන සඳහන් කරාට වැඩක් නැහැ කලින් කිව්වා වගේ නිරීක්ෂණය තුළින් නිගමනයකට එන්න ඕන ඇසට සිදුවෙලා තියෙන හානිය කොතරම්ද කියලා ඒ අනුව තමයි බෙහෙත තීරණය කරන්න ඕන. මොකද හානිය වැඩි නම් ලුණු වගේ දෙයක් පාවිච්චි කරලා ගොඩදාන්න අමාරුයි බෙහෙත් වර්ග තෝරමින් කල් අරගෙන කරන්න ගියොතින් මාළුවාට පෙනීම විතරක් නෙමෙයි සමහර විට ඇසත් අහිමි වෙන්න ඉඩ තියෙනවා.
✅✅✅ බෙහෙතක් පාවිච්චි කරනකොට අඩුවට බෙහෙත් හොයන්න එපා හොඳම බෙහෙත හොයන්න මොකද අපි සතෙකුගේ ජීවිතයක් හෝ ඇහැක් බේරගන්න මේ යන්නේ. සමහර චයිනීස් බෙහෙත් වර්ග තියෙනවා ලෙඩේ හොඳ වුනොත් දීර්ඝකාලීනව ඇහැට නරක බලපෑම් ඇති කරන. වෙන ලෙඩ ගැන කතා කරත් ඔච්චර තමයි කියන්න තියෙන්නේ ඒක නිසා හොඳම බෙහෙත් පාවිච්චි කරන්න නිතරම උත්සාහ කරන්න.
කෙසේ වෙතත් chemical භාවිතයට කලින් කරන්න පුළුවන් එකම දේ ලුණු භාවිතා කිරීම මේ සඳහා ඇක්වේරියම් සෝල්ට් තේ හැන්දක් වතුර ලීටර් පහළොවකට යන අනුපාතයට යොදාගෙන හීටරය 30 -33C ට ක්‍රියාත්මක කරලා ප්‍රතිකාර කරන්න පුළුවන්.
සැ.යූ- ලුණු අහිතකර නොවන මසුන් සඳහා පමණයි
භාවිතා කරන්න පුලුවන් තව ඖෂධ වර්ග මම මේ පෝස්ට් එකට එකතු කරන්නම් තව ඔයාලත් දන්න බෙහෙත් තියෙනවා නම් comments section එකේ කමෙන්ට් එකක් විදියට දාන්න ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක.ස්තුතියි...