activated carbon ඇක්වේරියම් වල විකුණන්න තියෙනවා අපි ඕන තරම් දැකලා තියෙනවා හැබැයි මේවා පාවිච්චි කරන්න ගොඩක් අය එතරම් උනන්දු නැහැ නමුත් මේවා ඉතාමත්ම ප්‍රයෝජනවත් ලෙස අපට යොදාගන්න පුළුවන්. activated carbon වර්ග රාශියක් තිබුනත් ඒ හැම එකක්ම අපිට මාළු ටැංකි වල ෆිල්ටරය ට දමන්න සුදුසු නැහැ. පොස්පේට් අඩංගු නැති අඟුරු වර්ගයක් තමයි සුදුසු. මොකද පොස්පේට් අඩංගු වුනොත් ඒවා ජලයේ දියවී ඇල්ගී ඇතිවෙන්න හේතුවක් වේවි
activated carbon අපිට ගෙදර දි හදා ගන්නත් පුළුවන් මේ සඳහා අපට පොල්කටු අඟුරු යොදා ගන්න පුළුවන් පොල්කටු පිලස්සීමේදී කිසිදු රසායනික ද්‍රව්‍යයක් එකතු නොකිරීමට වග බලා ගන්න.
ඉන්පසු සෙමෙන් ගලාගෙන යන ක්ලෝරින් රහිත ජලයෙන් සෝදාගන්න. මෙයින් අනවශ්‍ය දැලි සහ අළු ඉවත් කර ගැනීමට හැකි වේවි. ඉන්පසු ceremic rings අසුරන ආකාරයට මලුවල බහාලා ෆිල්ටරය තුළ තැන්පත් කර ගැනීම කරන්න පුළුවන්. කාර්මික පෙරණය සහ ceremic rings තැන්පත් කර ඇති ස්ථානය අතර තැනක තැන්පත් කිරීම සුදුසුයි.
😊activated carbon වලින් මොනවද ලැබෙන වාසි
ටැංකියේ ජලය අවපැහැගැන්වීම නැති කරන්න පුළුවන් ශක්තියක් මේවගේ තියෙනවා
ටැංකියේ ජලයේ තියෙන දුර්ගන්ධය ඉවත් කරන්න ප්‍රයෝජනවත් වෙනවා
වර්ධනයට බාධා කරන Growth inhibiting hormone ඉවත් කරන්න ප්‍රයෝජනවත් වෙනවා
ජලයේ දියවී ඇති ක්ලෝරින් ඉවත් කරන්න ප්‍රයෝජනවත් වෙනවා
ඔබ රෝගී වූ මාලුවෙකුට ප්‍රතිකාර කිරීම සඳහා ටැංකියේ ජලය තුළට යම්කිසි බෙහෙත් වර්ගයක් කවලම් කර ඇත්නම් එය මාළුවා සුව වූ පසු තවදුරටත් එම බෙහෙත් ජලය තුළ තිබීම අනවශ්‍ය යැයි සිතන්නේනම් එය ඉවත් කිරීමටත් ප්‍රයෝජනවත් වෙනවා.
ටික කාලයක් පාවිච්චි කරාට පස්සේ මේ අඟුරුවල තියෙන ඇසට නොපෙනෙන හිල් අඟුරු විසින් උරා ගන්නා දේවල් නිසා වැසී යනවා. වාසිය තමයි ඒවා නැවත ජලයට මුසු නොවීම. ඒක නිසා ඔයාට activated carbon ඉවත් කරන්න අමතක උනොත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.
😭අපි දැන් බලමු activated carbon වල තියෙන අවාසි
මේක ඇත්තටම කිව්වොත් රසායනික පෙරණයක් වගේ. මෙහිදී එන ඇසට නොපෙනෙන සිදුරුවලින් තමයි ජලයේ දියවෙලා තියෙන ඉහත කියපු දේවල් උරාගන්නේ ඉතින් ටික කාලයක් යනකොට මේ සිදුරු වැහිලා ගිහිල්ලා activated තත්ත්වය නැතිව යනවා. එතකොට අපිට නැවත නැවත අලුතෙන් activated carbon එකතු කරන්න සිද්ධ වෙනවා.ඒක තීරණය වෙන්නේ ඔයාගේ ටැංකියේ වතුර තියෙන පිරිසුදු භාවය මත. සාමාන්‍යයෙන් මට කියන්න පුලුවන් උපරිම මාසයක් පමණ ගියාට පස්සේ මාරුකිරීම නුවනට හුරුයි කියලා.
activated carbon වලට ජලයේ දියවී ඇති බැරලෝහ (අයන වැනි ද්‍රව්‍ය) ඉවත් කරන්න බැහැ
activated carbon වලට ජලයේ ඇති ammonia ,nitrate සහ nitrite ඉවත් කිරීමේ හැකියාවක් නැහැ.මේ නිසා අපි දැනට කරගෙන යන එදිනෙදා පිරිසිදු කිරීම් , water conditioner වර්ග යෙදීම ,ජලය මාරු කිරීම ඒ අයුරින්ම කළ යුතුයි.
ඒ වගේම වැදගත් තව දෙයක් තියෙනවා කියන්න ඔයා ලෙඩ වෙච්ච මාලුවෙකුට බෙහෙත් විදියට යම්කිසි දෙයක් වතුරට යොදනවා නම් ඒ අවස්ථාවේදී activated carbon අයින් කරන්න අමතක කරන්න එපා. ඒකට හේතුව දැනටමත් ඔයා දන්නවා.
💣 Hole in the head රෝගයට නිශ්චිත හේතුව තවමත් නිශ්චය කර නොමැත.
මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ෆ්ලැජෙලේට් පරපෝෂිත හෙක්සමිටා ය.මෙම පරපෝෂිතයා මූලික වශයෙන් බඩවැල් ආශ්‍රිතව ආසාදනය වන නමුත් පසුව පිත්තාශය, උදර කුහරය, ප්ලීහාව සහ වකුගඩු දක්වා පැතිරෙයි. පසුව රෝගය වර්ධනය වන විට හිසෙහි සිදුරු සාදමින් විවෘත වන අතර පරපෝෂිත කීටයන් අඩංගු කුඩා සුදු කෙඳි බැහැර කරයි.ද්විතියික බැක්ටීරියා හෝ දිලීර ආසාදන පසුව මෙම විවරයන් තුළ වර්ධනය විය හැකි අතර ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් මරණය සිදුවීම නොවැළැක්විය හැක. මේ තත්ත්වය බහුලව ඔස්කා, සික්ලිඩ් ,කාෆ් ගෝල්ඩ්ෆිෂ් ,ඩිස්කස් වැනි මාළු වර්ග වල දකින්න පුළුවන්.
තවත් ජනප්‍රිය සිද්ධාන්තයක් වන්නේ ඛනිජයක් හෝ විටමින් අසමතුලිතතාවයක් මෙම රෝගයේ වර්ධනයට හේතුවක් විය හැකි බවයි. සමහර ජලජ විද්‍යාඥයින් සක්‍රීය කාබන් භාවිතය සහ රෝගයේ වැඩිවීම අතර සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කර ඇත. ඔවුන්ගේ අදහස වන්නේ කාබන් මගින් ජලයේ ඇති වාසිදායක ඛනිජ සමහරක් ඉවත් කළ හැකි බවයි. ඒ අතරම, ඛනිජ අසමතුලිතතාවය බඩවැලේ ඇති හෙක්සමිටා ජීවීන්ගේ වැඩිවීම නිසා ඇති විය හැකි අතර, එමගින් අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ අවශෝෂණය අඩු වේ.
මානසික ආතතිය ඇති කරන තත්වයන් ද මෙම රෝගයේ ප්‍රවණතාව වැඩි කරයි. දුර්වල ජලයේ ගුණාත්මකභාවය, අවශ්‍ය තරම් පෝෂණය නොලැබීම හෝ ටැංකියේ ජල ධාරිතාවට නොගැළපෙන ලෙස මසුන් විශාල ප්‍රමාණයක් ටැංකිය තුළ තබා ගැනීම යන යන කරුණු ආතතිය ඇතිවීමට ප්‍රධාන ලෙස හේතු වේ.මසුන්ගේ ඛනිජ සහ විටමින් අසමතුලිතතාව නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩුවීම හේතු විය හැක. එමනිසා activated carbon එකතුු කිරීමේ දී ඉතා කල්පනාකාරී විය යුතුය. මගේ අදහස නම් එය අවශ්‍ය අවස්ථාවේදී පමණක් යොදා ගැනීම නුවණට හුරුයි.
👉😊මේ පොඩි විස්තරයට අමතරව කියවන ඔයාල දන්න ගොඩක් දේවල් ඇති. එහෙම දේවල් තියෙනවා නම් comments section එකේ ලියන්න කියලා ආදරයෙන් මතක් කරනවා ඒක හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වේවි.. ස්තුතියි!!!

No comments:
Post a Comment