ආධුනිකයන් සඳහා 👇
ඇයි මිනිසුන් විසින් අභිජනනය කරන ලද ඇතැම් polypterus මාළුන්ගේ වර්ගය හරියටම අදුරගන්න බැරි වෙලා තියෙන්නෙ.
1. සමහර මාළුන්ගෙ වයිරම් රටා අක්‍රමවත්ව පිහිටල තියෙන නිසා අපිට හරියටම වර්ගය කුමක්ද කියන අදුරගන්න බැරි අවස්ථා තියෙනවා
2.සමහර මසුන් ගේ මෙම වයිරම් රටා සහ වර්ණ අඩුවෙන් තිබීම නිසාත් අපිට වර්ගය කුමක්ද කියල අඳුරගන්න බැරි අවස්ථාව තියෙනවා
3.සමහර මාළු විකුණනකොට කියන වර්ගය නෙමෙයි ලොකු වෙනකොට ඉතිරි වෙන්නේ. මාළු විකුණන කෙනාට ඇඟිල්ල දික් කරන එක තේරුමක් නැහැ
4. Hybrid කරනයට ලක්වීම නිසා මසුන් වර්ග කිහිපයක ලක්ෂණ පිහිටීම නිසාත් හරියාකාරව හඳුනා ගැනීමට නොහැකියාවක් ඇතිවෙන්න පුළුවන්.සමහරු තමන් ළඟ සිටින මසුන් කුමන වර්ගයකට අයත් දැයි ඇසූවිට දේශීය විදේශීය ප්‍රවීණයන්ට පවා පිළිතුරු නැතිව යන අවස්ථා ඕන තරම් දකින්න පුළුවන්.
👉. මහාපරිමාණයෙන් බොහෝ මත්ස්‍ය වර්ග අභිජනනය කිරීමට ප්‍රසිද්ධ රටක් තමයි ඉන්දුනීසියාව. ඔවුන් විවිධ අත්හදා බැලීම් කරමින් මහා පරිමාණයෙන් මුදල් හම්බ කිරීමේ වෑයමක නිරත වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස හෝමෝන යොදාගෙන මහා පරිමාණයෙන් බෝ කිරීම නිසා විවිධ වූ අඩු පාඩු සහිතව හෝ විකෘති මසුන් වෙළඳ පොලට එනව. සමහර වෙලාවට මේ අඩුපාඩු සහිත මාළුන්ට විශේෂ මිලක් හෝ අධික මිලක් නියම වෙනවා උදා- short body,semi short body, albino, Long feather fins
ස්වභාවික පරිසරයෙන් අල්ලා ගන්නා ලද මසුන් ට ජාත්‍යන්තරයේ දී WC (wild caught) එසේත් නොමැති නම් F0 යනුවෙන් හඳුන්වනවා. F0 ලෙස හඳුන්වන්නේත් කෙලින්ම ස්වභාවික පරිසරයෙන් අල්ලාගත් මසුන් සඳහා ම තමයි.
මෙසේ අල්ලාගත් F0 මසුන් F0 මසුන් සමග අභිජනනය කිරීමෙන් පසු ලැබෙන පැටවුන් WF1 ලෙස හඳුන්වනවා (F0×F0 -WF1)
WF1එකිනෙකා අභිජනනය කිරීමෙන් ලැබෙන මට පැටවුන් WF2 ලෙස හඳුන්වනවා WF1×WF1 -WF2
WF2 මසුන් එකිනෙකා අභිජනනය කිරීමෙන් ලැබෙන පැටවුන් WF3 ලෙස හඳුන්වනවා (WF2×WF2 -WF3)
මේ විදිහට පරම්පරා කීපයක් ඉදිරියට යන විට ඔවුන්ගේ පෙනුම ,හැසිරීම වෙනස් වෙනවා ඒ වගේම ඔවුන්ගේ ශක්තිමත් භාවය, ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව, ආයු කාලය අඩු වෙනවා.කොටින්ම කිව්වොත් සෞඛ්‍ය තත්ත්වය පිරිහී යනවා. මෙහෙම වෙන්නේ ඔවුන්ට ස්වභාවික පරිසරයේ දී වගේ ලැබිය යුතු ආහාර සහ අනෙකුත් පාරිසරික සාධක නොලැබී යාම.
පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා බොහෝ කාලයක් මින් මැදුරක් තුළ ජීවත් වන WF0 මසුන් පවා මේ වෙනස්කම්වලට භාජනය වෙන බව ඇතැම් මසුන්ගෙ බාහිර ස්වරූපය පවා මේ විදිහට වෙනස් වෙන බව පැවසෙනවා. කෙසේ වෙතත් CB (Captive breed) ඇති කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට දෙන්න පුළුවන් උපදෙසක් තමයි පුළුවන් තරම් F0 මසුන්ට සමානකම් දක්වන WF1 සතුන් මිලදී ගැනීම. එමගින් පෙර සදහන් කරපු බොහෝ දේවල් අවම කර ගන්න පුළුවන්. අඩුම තරමේ අඟල් හතක් පමණ විශාල වූ පසු මත්ස්‍යයාගේ අඩුපාඩු හොඳින් බලා මිලදී ගන්න පුළුවන්, ඔබ හයිබ්‍රිඩ් මසුන් ඇති කරන්න ප්‍රිය කරන කෙනෙක් නම් එම මසුන් අභිජනනය කිරීමට යොදාගත් මවු සතුන් මොනවා දැයි යන්න පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගත යුතු බව. අන්තර්ජාලය හරහා හෝ මසුන් පිළිබඳ දැනුමක් ඇති අයකුගෙන් විස්තර අසා දැනගෙන හෝ F0 මසුන්ගේ ඡායාරූප සමග ඔබ මිලදී ගන්නා මත්ස්‍යයා සංසන්දනය කිරීමෙන් පසු මිලදී ගැනීම වගේ ක්‍රම ආධුනිකයන්ට යොදාගන්න පුළුවන්. නමුත් මේ ලිපිය කියවීමෙන් පසු තමන් ළඟ ඉන්න මසුන්ගේ අඩුපාඩු තිබෙනවා කියලා දැනුනොත් කලබලේ විකුණන්න හදන්න එපා. මොකද මාලුවෙකුටම ආවේණිකවූ ලස්සනක් තියෙනවා.😊
No comments:
Post a Comment