Thursday, September 16, 2021

මසුන්ගේ වර්ධනය.





සුරතල් මසුන් ඇති කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද තමන්ගේ මාලුව ඉක්මනට ලොකු කර ගන්නෙ කියලා. මේ ප්‍රශ්නය වැඩිපුරම තියෙන්නේ මොන්ස්ටර් මාලු හදන අය අතර. පෞද්ගලිකව මමත් කැමතියි තමන්ගේ මාළු ලොකු වෙනවා දකින්න .නමුත් මේකේ අයහපත් පැත්ත බොහොම කණගාටුදායකයි.


මාළුවෙකුගේ නිරෝගී වර්ධනයක් සඳහා බොහෝ දේවල් අවශ්‍ය කරනවා. විශේෂයෙන්ම ස්වභාවික පරිසරයෙන් වෙන් කර ගත්තට පස්සේ.ඉතින් ගොඩක් අය කරන්න පුරුදු වෙලා තියෙන්නේ පුළුවන් තරම් කන්න දීලා වතුර මාරු කරලා අසනීප වුණාම බෙහෙත් කරන එක. මේ ටික විතරක් කරාම ඇතිද??? හැමෝම වගේ මේ දේවල් කරනවා. සමහර අය මැසිවිලි නගනවා කොච්චර කන්න දුන්නත් ටැංකියේ වතුර මාරු කරත් අසනීප වුණාම බෙහෙත් කරත් මාළුවෝ ඉක්මනට ලොකු වෙන්නේ නෑනේ කියන කතාව. ඔව් මේ කියන හැමදේම හැමෝම කරනවා හැබැයි  මේ අවශ්‍යතා මාළුවාට ගැලපෙන විදියට අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරනවද කියන එකයි ප්‍රශ්නය.මේ සඳහා එක් ඒක පුද්ගලයා තමාට ආවේනික වෙච්ච එක එක ක්‍රම භාවිතා කරනවා.


අනවශ්‍ය ලෙස මාළුවකු ඉක්මනින් වර්ධනය කිරීමට යාම ඒ මාළුවාගේ ජීවිතේ මරණින් අවසන් වීමට හේතුවක් වේවි.මාළුවගේ මහත කියන්නේ මාළුවා නිරෝගී කියන එක නම් නෙවෙයි.


ඔබ මේ දේවල් ගැන සැලකිලිමත් උනාද 👇


1.ඔබ දවසට මාළුවාට කොපමණ කන්න දෙනවාද කොපමණ වාර ගණනක් කෑම දෙනවාද ( මාළුවගෙ වර්ගය, විශාලත්වය,) වැනි කාරණා ගැන සැලකිලිමත් විය යුතුයි.


2. ඔබ කන්න දෙන්නේ මොනවාද එහි කොතරම් පෝෂ පදාර්ථ අඩංගු ද එයින් කොපමණ පෝෂණයක් දිනක් තුල මාළුවා ලබා ගන්නවාද 


3. ඔබගේ මාළුවා ජීවත්වන වතුරේ ඇති උෂ්ණත්වය සහ ඔක්සිජන් මට්ටම ඉතා හොඳින් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කාරණයක්.(ආහාර ජීරණය කිරීමට අවශ්‍ය තරම් උෂ්ණත්වය වගේම හොඳ ඔක්සිජන් සැපයුමක් තිබිය යුතුවේ)


4. මාළුවාට ඇති ජීරණ හැකියාව.සමහර මාළු වර්ග වලට ඉතා දුර්වල ජීර්ණ ශක්තියක් ඇති නිසා අවශ්‍ය ප්‍රමාණයට පමණක් කෑම දිය යුතුයි. තවද සමහර ආහාර වර්ග මසුන්ට ජීරණය කිරීමට නොහැකි. එම නිසා විවිධ වර්ගයේ ලෙඩ රෝගවලට ගොදුරු වීමේ අවදානමක් පවතීනව.


5. ටැංකියේ විශාලත්වය, එය සැරසීමට යොදා ගෙන ඇති දේවල්, ටැංකියේ පතුලට යොදාගෙන ඇති ද්‍රව්‍ය


6. විවිධ මාළු එකම ටැංකියේ ඇති කරනවා නම් එහෙම මාළු වර්ග මොනවාද ? කොපමණ සංඛ්‍යාවක් සිටිනවා ද? එම මත්ස්‍යයන් කොතරම් විශාල ද? ( ටැංකියක මාළු වර්ග විවිධ ස්ථරවල පිහිනන මාළුන් සිටින්න පුළුවන්. ඒ මාළුන් ඉඩකඩ ,කෑම, ලිංගික අවශ්‍යතා, සැඟවී සිටීමට ස්ථාන, වැනි කාරණා ගොඩක් නිසා අනිත් මාළු සමග තරගයක් ඇති වෙන්න පුළුවන්.අවශ්‍ය පමණට ටැංකියේ පහසුකම් නොතිබුණොත් මේ සුරතල් මසුන් අවාසනාවන්ත ලෙස මරණය කරා ළඟා වෙන්න වුණත් පුළුවන් වගේම වර්ධනය හීන වී යන්නත් පුළුවන්)


7. ඔබේ ටැංකියට යොදාගෙන ඇති filtration system එක, ෆිල්ටරයේ ප්‍රමාණය, filter media කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද යන කාරණා සුන්ගෙ වර්ධනයට ප්‍රබල සාධකයක්.


8.ටැංකියේ වතුර අලුත් කිරීම කොතරම් ප්‍රමාණයක් කරනවාද කොතරම් කාලයකින්ද එය ඔබ ඇතිකරන මාළුවාට සුදුසු ලෙස කරනවද කියන එක මාළුවාගේ වර්ධනයට ඉතා වැදගත් කාරණයක්


9.ඔබ ඇතිකරන මත්ස්‍යයා ස්වභාවික පරිසරයෙන් රැගෙන ආ වර්ගයක් ද නැතහොත්  මිනිසුන් විසින් බෝ කරනු ලැබූ වර්ගයක්ද? සමහර වර්ග ගැන බලනකොට ්වභාවික පරිසරයෙන් රැගෙන ආ සතුන්ගේ අවශ්‍යතා වෙනස් වෙන්න පුළුවන්.


10. පරම්පරාවෙන් උරුම වූ ජානමය ශක්තිමත් භාවය. ඇල්බිනෝ, ප්ලැටිනම් , හයිබ්‍රිඩ් කරණයට ලක් වු, කෘතීම ලෙස අභිජනනය කරන ලද හෝ ෆාම් වල අභිජනනය කළ සතුන්ගේ දුර්වල ජන අනිවාර්යෙන් පැවතීනව. ඔවුන්ගේ ලෙඩ රෝග වලට මුහුණ දීමේ ශක්තිය වගේම වර්ධන වේගය අඩුයි.


ඉහත දක්වලා තිබෙන කාරණා 10 නිසි පරිදි අඳුරගෙන ක්‍රියාත්මක කරනවා නම් ඉතා නිරෝගී වර්ධනයක් අපේ සුරතලාගෙන් දකින්න පුළුවන් වේවි. මේ කාරණා ඉදිරියේ දී එකිනෙක කතා කරන්න බලමු

No comments:

Post a Comment

Polypterus ආධුනිකයන් සඳහා

  ආධුනිකයන් සඳහා 👇 ඇයි මිනිසුන් විසින් අභිජනනය කරන ලද ඇතැම් polypterus මාළුන්ගේ වර්ගය හරියටම අදුරගන්න බැරි වෙලා තියෙන්නෙ.  1. සමහර මාළුන්ගෙ...