😬බයෝ බෝල යනු කුමක්ද මොනවද ඒකෙන් සිද්ධ වෙන්නේ
මින් මැදුර තුළ මසුන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට හිතකර බැක්ටීරියා අවශ්‍ය වෙනවා. ඒ සඳහා නයිට්රජන් චක්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යම දෙයක් තමයි මේ හිතකර බැක්ටීරියා. ඉතින් මේ අත්‍යවශ්‍යය හිතකර බැක්ටීරියාවක් වන නයිට්‍රිෆයින් බැක්ටීරියා වලට ජීවත්වීමට නිවහන අවශ්‍ය වෙනව.මේ සඳහා නොයෙක් මාදිලියේ filter media වර්ග අපි පාවිච්චි කරනවා ඒ අතරින් එකක් තමයි bio බෝල.
අපි කවුරුත් මේ ප්ලාස්ටික් වලින් නිර්මාණය කරල තියෙන බයෝ බෝල දැකලා තියෙනවා එම නිසා ඒ ගැන අමුතුවෙන් කතා කළ යුතු නැහැ. මේවා විවිධ හැඩයෙන් සහ විවිධ ප්‍රමාණවලින් යුක්තයි. එම නිසා හරියටම කියන්න බැහැ කොපමණ ප්‍රමාණයක් ඔබගේ ජෛව පෙරනය සඳහා අවශ්‍ය ද කියලා. මින්මැදුරේ ජල ධාරිතාව සහ මසුන් ප්‍රමාණය මේ සඳහා බලපානවා.
මේ ජෛව බෝල තුළ හිතකර බැක්ටීරියාවන් වැඩි ප්‍රමාණයකට ජීවත්වීම සඳහා අවකාශයක් සලසා දීම සඳහා එහි ඇතුළත ceramic හෝ sponch කැබැල්ලක් දක්නට පුළුවන්. එමගින් පිටත සහ ඇතුලත දෙකෙහිම මේ හිතකර බැක්ටීරියාවන්ට වාසය කිරීමේ අවකාශය සැලසෙනවා.
උදාහරණයක් ලෙස පහත ඡායාරූපය බලන්න. මතුපිට පෘෂ්ඨයේ ඇලී පවතිනවාට වඩා එහි ඇතුලත හිතකර බැක්ටීරියාවන්ට ජීවත් වීමට වැඩි අවකාශයක් සලසා දීලා තියෙනවා ඔබට පේනවා ඇති.
ඉතින් ඔබගේ මින්මැදුරේ ජලය ජෛව විද්‍යාත්මක පෙරනය හරහා බයෝ බෝල තුලින් ගමන් කරවීම ක්‍රියාත්මක කිරීමෙන් පසු ජලයේ ඇති ඇමෝනියා සහ නයිට්‍රයිට් ඉවත් කරමින් වතුරේ ගුණාත්මකභාවය වැඩි කරනවා. ඉතින් මේ බයෝ බෝල ගැලපෙන්නේ පොකුණු හෝ විශාල ටැංකි වලට යොදාගන්නා ජෛව පෙරනයන් සඳහායි.
කෙනෙකුට හිතන්න පුළුවන් ceramic rings පාවිච්චි කරන නිසා බයෝ බෝල පාවිච්චි කරන්න ඕනද කියලා. ඔව් අනිවාර්යෙන්ම දෙකම පාවිච්චි කරනවා නම් හොඳයි මොකද එකිනෙකට වෙනස් හිතකර බැක්ටීරියා වර්ග දෙකක් තමයි මේ media දෙක තුළ ගොඩනැගෙන්නේ.
1. නයිට්‍රයිෆිං බැක්ටීරියා - මෙම බැක්ටීරියා ඇමෝනියා සහ නයිට්‍රයිට් අනුභව කරයි. ඒ වගේම ඔවුන්ට ජීවත් වීමට ජලයේ ඔක්සිජන් අවශ්‍ය වෙනව. නයිට්‍රයිෆයිං බැක්ටීරියා ඔබේ මින්මැදුරේ ඇති වස්තූන්ගේ මතුපිට පෘෂ්ඨයේ තමයි ජීවත් වෙන්නෙ.[Nitrosomonas europaea & Nitobacter winogradskyi]
2. ඩීනයිට්‍රයිෆයිං බැක්ටීරියා - මෙම බැක්ටීරියා නයිට්රේට් අනුභව කරයි. ඔවුන් නොනැසී පවතින්නේ ඔක්සිජන් නොමැති නම් පමණි. පාෂාණ, සෙරමික් සහ වෙනත් සිදුරු සහිත ද්‍රව්‍ය තුළ වාතය නොමැති බැක්ටීරියා වාසය කරයි.Sera siporax,Sobo ceramic rings,Pond matrix,Generic big pumice
ජෛව බෝල රැගෙන යන්නේ නයිට්‍රයිෆිං බැක්ටීරියා පමණි.සෙරමික් පෘෂ්ඨය මගින් මගින් නයිට්‍රයිෆයින් බැක්ටීරියා සහ ඇතුළතින් ඩීනයිට්‍රයිෆයින් බැක්ටීරියා තබාගනී. එමනිසා සෙරමික් මගින් මේ කාරණා දෙකම ඉෂ්ට වෙනවා. නමුත් මේ වර්ග දෙකම භාවිතා කිරීමෙන් වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගන්න පුළුවන්.
මොකද අපි කාටවත් හරියටම කියන්න බැහැ මොන මීඩියා එකෙන්ද වැඩිපුර බැක්ටීරියා තබා ගන්නෙ කියලා.
සෙරමික් වල බැක්ටීරියා සඳහා වැඩි අවකාශයක් සලසලා තියෙන්නේ එහි මතුපිට ඒක ඔබට පැහැදිලිව පේනවා එම රළු පෘෂ්ඨය දිහා බලනකොට. ඉතින් ජෛව බෝල හා සංසන්දනය කරනකොට සෙරමික් හි මතුපිට පෘෂ්ඨය කාලයක් යනකොට ඇහිරී යනවා. ඊට පස්සේ එහි කාර්යක්ෂමතාවත් අඩු වෙනවා. ඉතින් ඒවා පවිත්‍ර කරන්නත් අපිට සිද්ධ වෙනවා. සමහර විට මේ අවහිරවීම් සදාකාලික විය හැකියි. එහෙම වුනොත් අලුත් සෙරමික් නැවත යොදන්න අපිට සිද්ධ වෙනවා.සංසන්දනාත්මකව බැලුවොත් බයෝ බෝල වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. පිරිසුදු කිරීමත් පහසුයි.
බයෝ බෝල ස්ථානගත කිරීමේදී ජෛව විද්‍යාත්මක පෙරනය සහිත කොටසේ ස්ථානගත කිරීමට වගබලා ගත යුතුයි.එසේ නැතිව යාන්ත්‍රික පෙරනයට පෙර ස්ථානගත කළහොත් මින් මැදුරු ජලයත් සමග පැමිණෙන සතුන්ගේ මලපහ දිරා ගිය ශාක කොටස් ආහාරයට නොගත් මත්ස්‍ය ආහාර කොටස් එහි රැඳීම නිසා නයිට්රේට් මට්ටම ඉහළ යාම මසුන්ට මරණය ගෙන දීමට හේතුවක් වෙන්ඩ පුලුවන්.
එමනිසා යාන්ත්‍රික පෙරනය මඟින් සිදු කළ යුතු කාර්ය සහ ජෛව විද්‍යාත්මක පෙරනය මගින් සිදු කළ යුතු කාර්ය පිළිබඳ වෙනම අවබෝධයකින් යුතුව මේ පෙරහන් මධ්‍යන් වෙන වෙනම සුදුසු ස්ථානයන්හි ස්ථානගත කළ යුතුයි.
එසේ බයෝ බෝල නිවැරදිව ස්ථානගත කළ පසු පෙරණය ක්‍රියාත්මක වීමත් පසුව ජෛව බෝල ඇමෝනියා සහ නයිට්‍රයිට් වලට එරෙහිව සටන් කරන තත්ත්වයට පත්වෙනව
අපි දන් බලමු කොහොමද ජෛව බෝල පිරිසුදු කරගන්නෙ කොහොමද කියලා
ඔබ යාන්ත්‍රික පෙරීම මඟ හැරියේ නම්, එවිට ඔබට ඔබේ ජෛව බෝල පරීක්ෂා කිරීමට අවශ්‍ය වනු ඇත. සමීපව බලනවිට ජෛව බෝල කොළ හෝ දුඹුරු පැහැ ගැන්වීමක් ඔබ දුටුවහොත් ඒවා පිරිසිදු කළ යුතුය යන අදහස ඔබට ලබාගත හැක.
පිරිසුදු කිරීම් සඳහා හොඳම දවස ඔබගේ මින්මැදුර සතිපතා වතුර මාරු කර පිරිසුදු කිරීම් කිරීම් දවසයි. මේ සඳහා මින්මැදුරේ ඒ අවස්ථාවේ පවතින ජලය පමණක්ම යොදා ගැනීමට වගබලා ගත යුතුයි.එසේ නොමැතිව නළ ජලය භාවිතා කලහොත් එහි ඇති හිතකර බැක්ටීරියා සියල්ල විනාශ වනු ඇත.
වතුර ස්වල්පයක් භාජනයට ගෙන ඒ තුළට ජෛව බෝල දමා සෙමින් කැලතීමකට ලක් කරන්න. එවිට ජලය අවපැහැ වණු ඔබට දකින්න පුළුවන් මෙසේ වරක් දෙවරක් ජලය මාරු කරමින් සිදු කිරීම් හොඳටම ප්‍රමාණවත්.
ඉතින් අදත් මේ කුඩා ලිපියෙන් ඔබට ජෛව බෝල කිසි වැටහීමක් ලැබෙන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒවගේම මේ ලිපියෙහි සඳහන් නොවූ කාරණා සහ අදහස් ඔබ සතුව ඇත්නම් comments section එකේ පලකරන මෙන් සමූහයෙහි සියලු දෙනාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි !!!

No comments:
Post a Comment