1. විටමින් ඒ - සෛලීය වර්ධනය වේගවත් කරයි
2. විටමින් බී
B2- එන්සයිම නියාමනය කරයි
B6- එන්සයිම පද්ධති සහ ප්‍රෝටීන වල වැදගත් කාර්යභාරයක් ඉටු කරයි
පරිවෘත්තීය
B9- ආහාර ශක්තිය බවට පරිවර්තනය කිරීමට ශරීරයට උදව් කරන්න
බී 12- එන්සයිම පද්ධති, කොලෙස්ටරෝල් පරිවෘත්තීය ඉහළ නංවයි( monster කාණ්ඩයේ මසුන්ට අහිතකරයි)
3. විටමින් ඩී - ශක්තිමත් අස්ථි සඳහා කැල්සියම් අවශෝෂණය කර ගැනීමට උපකාරී වේ
4. විටමින් E- ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වයට සහාය වන අතර හෘද රෝග හා පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි
5. විටමින් K- අස්ථි සෞඛ්‍යය සහ තුවාල සුව කිරීම
6. තඹ-නිරෝගී අස්ථි, ශරීරයට රතු රුධිර සෛල සෑදීමට හැකියාව ලබා දෙයි, නිරෝගී රුධිර නාල, ස්නායු හා ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට උපකාරී වේ, යකඩ අවශෝෂණයට දායක වේ. හෘද රෝග හා ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීමට උපකාරී වේ
7 යකඩ -රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ප්‍රෝටීනයක් වන හිමොග්ලොබින් නිසි ලෙස ක්‍රියා කිරීමට යකඩ අත්‍යවශ්‍ය වේ
8. මැග්නීසියම් - මාංශ පේශි හා ස්නායු ක්‍රියාකාරිත්වය නියාමනය කිරීම, රුධිරයේ සීනි මට්ටම සහ රුධිර පීඩනය පාලනය කිරීම සහ ප්‍රෝටීන්, අස්ථි සහ ඩීඑන්ඒ සෑදීම
9. පොස්පරස් - නිරෝගී අස්ථි සහ දත්, වර්ධනයට සහාය වන අතර ශක්තිය ගබඩා කිරීම හා භාවිතය සමඟ සම්බන්ධ වේ
10. සෙලේනියම්- ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෞඛ්‍යයට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ප්‍රතිඔක්සිකාරකයක් වන ඔක්සිකාරක ආතතිය අඩු කිරීමට උපකාරී වන අතර එය ශක්තිය දහනය අඩු කරන අතර ප්‍රතිශක්තිය වැඩි කරයි.
11. සින්ක් - සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සඳහා අවශ්‍ය වේ
විලෝපික මසුන්ට ඉහළ ප්‍රෝටීන් ආහාරයක් අවශ්‍ය වේ. නමුත් හරක් හදවතේ මෙම ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගනී. සාමාන්‍යයෙන් monster මත්ස්යයකුට අපි කන්න දෙන ආහාරයේ ප්‍රෝටීන් අවම වශයෙන් 28% සහ උපරිම 45% තිබීම යෝග්‍ය යයි පරීක්ෂකයන් පවසයි. ඒ අතර ලිපිඩ 7% සිට 15% දක්වා, තන්තු ඔවුන්ට උපරිම වශයෙන් 2 සිට උපරිම 4% පමණ දක්වා අවශ්‍ය වේ. තන්තු බහුල ආහාර ජීර්ණය කිරීම සඳහා දිගු බඩවැල් ඇති සර්ව භක්‍ෂකයන් හා ශාකභක්‍ෂකයන් මසුන්ට හැකියාවක් පවතින නමුත් මාංශ භක්‍ෂක මසුන්ට එසේ තන්තු හොඳින් ජීර්ණය කළ නොහැක. විලෝපික මසුන්ට කෙටි බඩවැල් සහිත විශාල බඩක් ඇති අතර ඒවා විශාල ගොදුරු ජීර්ණය කර තබා ගැනීමට ස්වභාවධර්මයෙන් සැලසුම් කර ඇත.
විනෝදාංශයක් ලෙස විලෝපික මසුන් ඇතිකරන්නන් අතර හරක් මස් හා කුකුල් මස් ආහාරයට දීම ජනප්‍රිය වුණත් එය නිරන්තරයෙන් ලබා දීම ඉතා හානිකර බව දැනගත යුතුය. මොකද මේ සතුන්ගේ ශරීරයේ ඝන ලිපිඩ ජීරණය කිරීමට අවශ්‍ය එන්සයිම ප්‍රමාණවත් නැති නිසා. ඉඳහිට වෙනසක් ( සංග්‍රහයක් ) සඳහා උපරිම මසකට තුන් වරක් හෝ 4 වරක් සුළු වශයෙන්ද දීම නුවණට හුරුයි හරක් මස් වල මේදය සහ ඇමයිනෝ අම්ල විශාල ප්‍රමාණයක් තිබෙන නිසා ඒවා ආහාර වලට දීමේදී කල්පනාකාරි විය යුතුමයි. ඒවා මසුන්ගේ අවශ්‍යතාවයට වඩා ඉක්මවා යන්නක්. මෙහිදී මසුන්ගෙ ඇඟේ මේදය උවමනාවට වඩා තැන්පත් වී මෙයින් ඌට විවිධ සංකූලතා ඇතිවි ජීවිත කාලය කෙටි වීමට හේතු වේවි. හරක් මස් කුකුළු මස් වැනි දෑ දීමේදී මේ ගැන දෙවරක් සිතනවා නම් හොඳයි.
අත්‍යවශ්‍ය ප්‍රෝටීන්,විටමින් ඛනිජ සියලුම මසුන් වර්ග වලට අවශ්‍ය බව බොහෝ දෙනා දැන සිටියත් අපි ආහාරයට දෙන ආහාරවල මේවා අඩංගු දැයි තවමත් විනෝදඅංශයේ සිටින බහුතරයක් සැලකිල්ලට නොගන්නා කාරණයක්. නැවුම් හාල්මැස්සන් සාලයන් වැනි කුඩා මසුන්ගේ කැල්සියම් ප්‍රමාණය සැලකීය යුතු ප්‍රමාණයකින් ඉහල අගයක පැවතින නමුත් ප්‍රෝටීන් අගය හරක් හදවතට සාපේක්ෂව පහල අගයක් ගනී. මේ සඳහා මාළු වර්ග කිහිපයක් විටින් විට වෙනස් කරමින්ම කෑමට දීමෙන් protein අවශ්‍යතා සහ සියලුම විටමින් අවශ්‍යතා සම්පූර්ණ කළ හැක. කෙසේ වෙතත් කුඩා මසුන් කෑමට දීම ඉතා යෝග්‍ය වේ. සම්පූර්ණ මත්ස්‍යයාගේ කොටස් කෑමට දීම ඉහළ මට්ටමක පෝෂණයක් ලබා දීමට හේතුවේ. කටු කොරපොතුු ඇස් ඉතා පෝෂදායී වෙයි. මෙමගින් අත්‍යවශ්‍ය කැල්සියම් mineral අවශ්‍යතා සපුරාලිය හැකි. නමුත් ඒවා ජිරණය කළ හැකි ප්‍රමාණයේ මසුන්ට පමණක් ආහාරයට දීම සුදුසුයි.නැවත නැවතත් අවධාරණය කරන්න තියෙන්නේ නැවුම්ම ලබාගත් කුඩා මසුන් සහ ඉස්තරම් pallet වර්ගයක් තරම් අනිත් කිසිවක් ප්‍රධාන ආහාර ලෙස නොගත යුතු බවයි. නිසිි වෙලාවට වතුර මාරුකරමින් ජලයේ ගුණාත්මක භාවය රැක ගැනීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක් අප පාවිච්චි කරන නළ ජලයේ දිිය වී ඇති මසුන්ට අත්‍යවශ්‍ය ඛනිජ වන කැල්සියම්, මැග්නීසියම් වැනි ඛනිජ වර්ග රාශියක් අඩංගු වේ. මේවා ආහාර ජීරණය ඉක්මන් කිරීමට උදවු කරයි. එම නිසා හොඳ තත්ත්වයෙන් වතුර කළමනාකරණය කිරීමට වගබලා ගත යුතුමයි.
වෙනදා වගේම මේක කියවන අයගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ මාතෘකාවට අදාළව ඔයාලා දන්න දේවලුත් comments section එකේ ලියන්න කියන්න ඒක සමූහයේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි. ස්තුතියි!!!

No comments:
Post a Comment