දවසක් මල්ලි කෙනෙක් මගෙන් ඇහුවා වැඩිය පීනන්න නැති මාළුවෙක් ඔය තරම් පිස්සුවෙන් හදන්න හේතුව මොකක්ද කියලා..
පුද්ගලිකව හේතු කිහිපයක් සරල ලෙස සඳහන් කළොත් polypterus කියන්නේ දළ වශයෙන් වසර මිලියන 400 පමණ දිගු ඉතිහාසයකට නෑකම් කියන මත්ස්‍යයෙක් ඒක මත්ස්‍යාට ලොකු වටිනාකමක් ලැබෙන්න හේතුවක්.
ප්‍රාග් ඓතිහාසික යුගයේ දී මේ මාළුවන් ඩනෝසරයන්ගේ සමකාලීනයන් වූ අතර නයිල් ගඟේ ජීවත් වන කිඹුලන් සමග වසර දහස් ගණනාවක් නොනැසී එකට ජීවත් වීමට හැකිවූ මත්ස්‍යයෙක්.
කවුරු හරි කෙනෙක් ජීවිතය පලවෙනි පාරට දකිනකොට මේ මොන ජාතියක සතෙක් ද කියල හිතාගන්න බැරි විදියෙ පෙනුමක් තිබෙනව. උභය ජීවියෙකුගේ පෙනුමක් තමයි එකවර දකින්න ඕන කෙනෙකුට හිතෙන්නෙ.
අභ්‍යන්තර හා බාහිර ශරීරයේ පිහිටීම මිහිතලයේ වෙනත් කිසිම මාලුවෙකුට සමාන කළ නොහැකි ලෙස සකස් වී තියෙනවා ඒක ආකර්ෂණීය හේතුවක්.
දිගු කාලයක් ජීවත් විය හැකි, ශක්තිමත් බවින් යුක්ත බැවින් විවිධ පාරිසරික වෙනස්වීම් වලට ඔරොත්තු දෙමින් අවුරුදු මිලියන ගණනාවක් තිස්සේ නොනැසී පැවත එන නිසා
මොවුන් පිළිබඳ විශාල ලෙස යුරෝපයේ රටවල සහ ජපානය වැනි රටවල් විවිධ මට්ටමේ ගවේෂණ සහ පරීක්ෂණ අඛණ්ඩව කිරීමට තරම් වටිනාකමක් මේ මත්ස්‍යයන්ට ලැබුණා. McGill university, kami hata expedition
මෙම මාළුවා ගැන බොහෝ පුරාවෘත අප්‍රිකානු රටවල් වල සමාජගත වී ඇත ඒ වගේම මෙම මත්ස්‍යයා පිළිබඳ වාර්තාමය රූපවාහිනී වැඩසටහන් ,සඟරා සහ පොත්පත් ලියැවී ඇති නිසා.
මම දන්න තරමට කිඹුලගෙන් පස්සේ Death roll ක්‍රමයට ගොදුරු කොටස් කර ගැනීම කරන්න එකම මාලුවා මෙයා විතරයි.
එංගලන්තයේ පිහිටි ලෝකප්‍රකට කෞතුකාගාරයක් වන national history museum එකේ ඔවුන්ගේ විශාල පොසිල එකතුවක් ඇති නිසා.
අප්‍රිකානු මහද්වීපය නිජබිම කොටගත් මෙම සත්වයා තර්ජනයට ලක්ව සිටින සතෙකු ලෙස ලෝක රතු දත්ත පොතට අන්තර්ගත කර තියෙනවා.
ශ්වසන පද්ධතිය ක්‍රියාකාරිත්වය, අභ්‍යන්තර ඉන්ද්‍රීන් ගේ පිහිටම, පිහිනන ආකාරය ගොදුරු ඩැහැ ගන්නා ආකාරය අස්ථි නිර්මාණය වී ඇති ආකාරය වැනි කාරණා අනිත් මාළු සමග කැපී පෙනෙන වෙනසක් පෙන්වන නිසා.
කොටින්ම කිව්වොත් ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසර යුගයේ ජීවත් වන සත්වයෙක් සුරතලයට ඇති කරනවා වැනි හැඟීමක් පුද්ගලිකව මට තියෙනවා.😁
No comments:
Post a Comment