අවාසනාවකට ලංකාවේ තවමත් මසුන්ගෙ පෝෂණය පිළිබඳ ඉතාම අඩු සැලකිල්ලක් දක්වන රටක් විදියට තවමත් දකින්න පුළුවන්. මීට හේතුවක් විදියට ඉතා සීමිත වූ සන්නාම කීපයකට පමණක් මිනිසුන් පුරුදු වෙලා සිටීම සහ මුදල් ප්‍රශ්න, සමහර මත්ස්‍ය ආහාර වල අධික මිල මේකට හේතුවක් වෙන්න පුළුවන්
ඔබ දන්නවද මාලු කෑම නිෂ්පාදන ආයතන විවිධ වර්ගවලින් විවිධ මසුන් සඳහා විවිධ කෑම නිෂ්පාදනය කරන්නේ ඇයි කියලා. ඒකට හේතුව දැනගන්න කලින් අපි බලමු ඇයි මසුන්ගේ පෝෂණය මෙතරම් වැදගත් කියලා
මාළුවෙක් මියයන්න ප්‍රධානම හේතු තමයි නිවැරදි පෝෂණයක් නොමැති කම, හොඳ පෙරහන් පද්ධතියක් නොමැති බව සහ වතුර ගුණාත්මකබව මදිකම නොසැලකිල්ල සහ නිවැරදි බෙහෙත් භාවිතා නොකිරීම දකින්න පුළුවන්. මම මේක ලියන්න බලාපොරොත්තු වෙන්නේ විනෝදාංශයක් විදිහට මසුන් ඇති කරන අය සඳහා පමණයි මොකද වාණිජ පරමාර්ථයෙන් මසුන් ලොකු කර විකිනීම සහ බෝකර විකිණීම වගේ අවස්ථාවල ලබා දෙන කෑම විනෝදාංශයක් විදියට ඇතිකරන මසුන් සඳහා බොහෝවිට යෝග්‍ය නැහැ. විනෝදාංශයක් විදියට ඇති කරන්න අපි තමයි මේ ආදරණීය සුරතලුන් මැරෙන තුරු අපි ළඟ තබාගන්නේ.
මසුන්ගේ පෝෂණය ඉතා වැදගත් කාරණයක් බවට දැන් ඔබට පැහැදිලි ඇති. ඇයි අපි මසුන්ට ආහාර ලබා දෙන්නේ කෙනකුට මේක කුස පිරවීමට කියලා හිතනවා ඇති තවත් කෙනෙකුට පෝෂණය ලබාදීමට කියලා හිතෙනවා ඇති. හරි ඔය කාරණා දෙකම වැදගත් තමයි නමුත් ආහාර ගැනීමෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ ශක්තිය ලබාදීම නිවැරදි වර්ධනය සහ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ගොඩනැගීම යන කාරණා දක්වන්න පුළුවන්.
විවිධ ආයතන විවිධ වර්ග වල මසුන්ට එහි විවිධ කෑම හදල තියෙන්නෙ හේතුවක් ඇතිවයි කොරපොතු තියන මාළු ,කොරපොතු නැති මාළු, වැඩිය ඇක්ටිව් නැති මාළු, වැඩි ක්‍රියාශීලිත්වය දක්වන මාළු, සඳහා ලැබිය යුතු පෝෂණ මට්ටම වෙනස් මේවා නිවැරදිව නොලැබුණොත් මසුන්ට දීර්ඝ කාලයක් ජීවත් වීමට නොහැකි වෙනවා මීට අමතරව ශාක භක්ෂක සර්ව භක්ෂක සහ මාංශ භක්ෂක සතුන්ට ඕනේ කරන පෝෂණය ගැන කතා කරද්දි වුණත් විවිධ වයස් මට්ටම් වලදී ලබා දිය යුතු ආහාර ප්‍රමාණය සහ පෝෂණ මට්ටම් අඩු වැඩි වෙනවා. මම මේකෙන් අදහස් කරන්නේ නැහැ මාළුන්ට කෑම එකක් තෝරනකොට පෝෂණ වේදියෙක් වගේ හිතන්න ඕන කියලා අඩුම තරමේ ඒ ඒ මසුන් වර්ග වලට පමණක් හදලා තියෙන විශේෂිත වූ කෑම වර්ග පාවිච්චි කරොත් අපට ලොකු ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. එමගින් විටමින් ඌනතා ප්‍රෝටීන් ඌනතා කැල්සියම් ඌනතා ලවණ ඌණතා වගේ දේවල් මගහරවා ගන්න පුළුවන් වේවි.
සමහර අය අතර මතයක් තියෙනවා වැඩි ප්‍රෝටීන් සහිත ආහාර තමයි හොඳ කියල මතක තබා ගන්න high protein කියන්නේ බොහොම පරිස්සමෙන් තෝරගන්න ඕන දෙයක් අනවශ්‍ය ලෙස ප්‍රෝටීන් ,තන්තු සහ මේදය ලබා දීම සමහර මසුන් වර්ග වලට ඉතා අහිතකර වෙනවා.
මසුන් වෙනුවෙන් ගෙදර හදාගන්න කෑම එකක් නම් විශේෂයෙන්ම විටමින් වර්ග එකතු කරද්දී බොහෝ පරිස්සම් වෙන්න අවශ්‍යයි මොකද සමහර විටමින් වර්ග වාතයට හිරු එළියට තද සීතලට නිරාවරණය වෙච්ච ගමන් එහි කාර්යක්ශම බව අඩු වෙනවා පමණක් නෙවෙයි සමහර විටමින් වර්ග මසුන්ට විශ වෙනවා.
මසුන්ගේ කෑම ගැන කතා කරද්දි පෙලට් වල හැඩය ඉතා වැදගත් මනුෂ්‍යයන් වන අපට වගේ මාළුන්ට අතින් අරන් කටට කෑම දාගන්න හැකියාවක් නැහැ.නිරීක්ෂණය කරොත් ඔබට පේනවා ඇති විවිධ මසුන්ගෙ ඔලුවේ හැඩය වෙනස් මුඛයේ හැඩය වෙනස් මුඛය පිහිටා ඇති ස්ථානය වෙනස් බව ඉතින් ඒකට ගැලපෙන විදියට තමයි මාලු කෑම වර්ග නිර්මාණය කරලා තියෙන්නේ හරියට පිගානකට දාලා කිරි එකක් අපට බොන්න බැහැ බල්ලෙකුට කෝප්පෙකට දැම්මට කිරි එක බොන්න බැහැ ඒ වගේ තමයි.
ලස්සන කවරයක් සමඟ කෑම එකක් දුටු පමණින් මේක හොඳයි කියලා කියන්න අපි කාටවත් බැහැ මේ ගැන අදහසක් අපට ගන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා අන්තර්ජාලයෙන් විපරම් කරල බලන්න පුළුවන් මේ කෑම වර්ග රටවල් කීයක මිනිස්සු පාවිච්චි කරනවද ඒගොල්ලො මොනවද ඒ ගැන කියලා තියෙන්නේ කියලා ලෝකය පුරාම විසිරී සිටින විනෝදාංශයක් ලෙස මසුන් ඇතිකරන්නන් ගේ අදහස් ඉතා වටිනවා, සාමාන්‍යයෙන් හොඳ පෙලට් වර්ගයක වෙස්ට් එක අඩුයි. සාමාන්‍යයෙන් කෑම එක නැවුම්ව තිබුණෙ නැත්තං බොහෝවිට මාලු කෑම එක ප්‍රතික්ෂේප කරනවා. නමුත් බඩගින්නෙ ටැංකියකට වෙලා ඉන්න මාලුවෙකුට අපි දෙන දෙයක් කනවා ඇරෙන්න විකල්පයක් නැහැ.
පෙලට් එක වතුරට දැම්මට පස්සේ ඒක පෙඟිල දියවෙලා යන්න ගතවන කාලය වැදගත් සමහර මාළු කෙලින්ම ගිලිනවා සමහර මාළු හපල කනව කෙලින්ම ගිලින මාළු අසාමාන්‍ය ලෙස ආහාර ගැනීම බොහෝ විට සිදු කරනවා අන්තිමට මේ ගිල දැමූ පෙලට් බඩ තුළ ප්‍රසාරණය වීමට ඉඩක් නොමැති වුණොත් අනිවාර්යයෙන්ම ජීරන අසීරුතා නිසා මියයන වුණත් පුළුවන්. මේ තත්ත්වය තවත් භයානක වන්නේ pellets සහ මාංශමය ආහාර යන දෙවර්ගයේම එකවිට ලබාදුන්විට ඕවර් ෆීඩ් වුනොත් ජීරණය වීමට වැඩි කාලයක් ගත වෙනවා එවිට අර ආහාරයට ගත් මාංශමය කොටස් ඉතා ඉක්මනින් පල වීමකට ලක් වෙලා විවිධ ආසාදනවලට ගොදුරු වෙන්නත් පුළුවන්.
ඔබ දැනටමත් දන්නවා ශාක ප්‍රෝටීන් සහ සත්ව ප්‍රෝටීන් කියලා කොටස් දෙකක් තියන බව ගොඩක් බාල තත්වයේ මත්ස්‍ය ආහාර වලට බහුලව යොදා ගන්නේ ශාක ප්‍රෝටීන එයට හේතුව ඉතා අඩු මිලට සුලබව ලබා ගන්න පුළුවන් කම නිසායි. ඉතින් මේ ශාක ප්‍රෝටීන් ලබා ගැනීමට යොදා ගන්නා ශාකමය අමුද්‍රව්‍ය වල ඇති ප්‍රෝටීන් නිසා වැඩි වෙස්ට් එකක් ටැංකියේ දකින්න පුළුවන් වගේම දිරවීමේ අපහසුතා මොන්ස්ටර් වර්ගයේ මසුන්ට ඇති වෙන්න පුළුවන්.
Colour enhance දීර්ඝකාලීනව ආහාරයට දීම ඉතා නුසුදුසු දෙයක් මෙමඟින් මසුන්ට මාරාන්තික සංකූලතා ඇතිවන බව පැවසෙනවා.
පෙලට් වර්ග විශේෂයෙන් ම විවෘත කිරීමෙන් පසු කල් ඉකුත්වීමේ දිනය කුමක් වුවත් විවෘත කළ දිනයේ සිට කල් ඉකුත් වීම තමයි සිද්ධවෙන්නේ ඒක නිසා නිවැරදි විදියට ඇසුරුම් ගත කරලා ශීතකරණයක තැබීම හොඳයි කියන කාරණය බොහෝ දෙනා පවසනවා. බෙහෙත් වර්ග නම් උපදෙස් පත්‍රිකාවේ නිර්දේශ කොට ඇති පරිදි හෝ කාමර උෂ්ණත්වයේ තැබීම අනිවාර්යයි.
එසේ නිවැරැදි ලෙස අසුරා නොතැබූ පෙලට් වර්ග වල සැල්මොනෙල්ලා බැක්ටීරියා, ඇෆලටොක්සින් වැනි මාරාන්තික පුස් වර්ග හටගන්නවා මේ මාරාන්තික මයකටොක්සීන් වරග නිසා මසුන්ට මරණය,අක්මාව දුර්වල කිරීම, ප්‍රජනන හැකියාව නැති කිරීම, ලිංගික දුර්වලතා අනිවාර්යෙන්ම සිදුවෙනවා.
යුරෝපීය රටවල විශේෂයෙන්ම ජපානය වැනි රටවල මෙවැනි කල් ඉකුත් වීමට ආසන්න සත්ව ආහාර කල් ඉකුත් වීමට පෙර නොමිලේ බෙදාදීම සිදු කරනවා ඒ රටවල් වල ජීවත් වන මිනිසුන් මේ ගැන හොඳින් දන්නවා ඇති. මොකද මේ කල් ඉකුත් වූ දේවල් විනාශ කිරීමට ඔවුන්ට විශාල පිරිවැයක් දරන්න සිද්ද වෙන නිසා. කල්ඉකුත් වුවහොත් හිතුමතේ ගිනි ගොඩක් ගහලා වත් ජලාශයකට වත් විසි කරන්න ඔවුන්ට නීතියෙන් ඉඩක් නැහැ😃
විවිධ රටවල් වල කූට වෙළඳුන් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා මේ වගේ තැන්වලින් හෝ කර්මාන්තශාලාවලින් ඉවත් කරන්න කෑම තොග වශයෙන් තම රටවල් වලට රැගෙන ඇවිල්ලා නැවත ඇසුරුම් ගත කරනවා. මේවා අඩු මුදලට සොයාදෙන්න තැරැව්කරුවන් මාෆියාවක් විදියට ක්‍රියාත්මක වෙනවා.
ඔබ හිතනවා ඇති ඇසුරුම් ගත කිරීමට ඇසුරුම් කොහෙන්ද කියා. ලෝකයේ ප්‍රසිද්ධ යැයි පවසන සන්නාම වලින් යුත් කෑම වල ඕනෑම ඇසුරුම් වර්ගයක් තොග පිටින් ලබා ගැනීමේ හැකියාව පවතින බව ඔබ දන්නවාද. බදු මුදල් අඩුවෙන් ගෙවා සත්ව කෑම රේගුවෙන් නිදහස් කර ගැනීමට කූට වෙළඳුන් කරන උපක්‍රමයක් තමයි ඉතා විශාල ගෝනි ලෙස මිලදී ගන්නා මේ සත්ව කෑම ගෙනැවිල්ලා එම ආයතනය විසින්ම ලබා දෙන හිස් ඇසුරුම් තොග මෙරටදී ඇසුරුම් ගත කොට නයිට්‍රජන් වායුව පුරවා විකිණීම සිදුකෙරෙනවා.මසුන්ගේ ආහාර පමණක් නොව අනිත් සත්ව ආහාර වලට සිදුවන්නෙත් මේකම තමයි. මීට අමතරව fake product කෙලින්ම ගැන්වීමත් ජයටම සිදු වන කාරණයක්.මේ දේවල් මට අනාවරණය කරගැනීමට පුළුවන් වුණේ ශ්‍රී ලංකා රේගුව සහ NAQDA ආතනය නිළධාරින් දෙපලක් සමග සිදුකළ සාකච්ඡාවකින් පසුවයි.ඒක නිසා තමන්ට අවශ්‍ය දේවල් පරික්ෂා කිරීම කින් ලබා ගැනීම වැදගත්. ස්තුතියි !!!

No comments:
Post a Comment