ceremic rings ඔබේ මින්මැදුර සඳහා ප්‍රබල ජෛව විද්‍යාත්මක පෙරනයක් සපයනවා කියල කිව්වොත් නිවැරදියි. මෙමගින් ඔබගේ ටැංකියේ සිටින සුරතල් මසුන් භයානක රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා කර ගන්න උදව් වෙනවා.
වෙළඳපොලේ විවිධ වර්ණ වලින් සහ විවිධ හැඩයන්ගෙන් යුත් ceremic rings ඔබ දැකලා ඇති. මේ වගේ මැද සිදුරක් සමග ඇසට නොපෙනෙන මිලියන ගණනක් ඉතා කුඩා සිදුරු වලින් සමන්විතයි.ඒ කියන්නේ මාධ්‍යයකට ඒ හරහා ගමන් කරන්න පුළුවන් විදියට.
මත්ස්‍ය ටැංකියක හිතකර සහ අහිතකර බැක්ටීරියා වර්ග කියලා වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා.මෙම ප්‍රයෝජනවත් බැක්ටීරියා ඔබේ මින්මැදුරෙන් ඇමෝනියා සහ නයිට්‍රයිට් (හානිකර රසායනික ද්‍රව්‍ය) ඉවත් කිරීමට උදව් වෙනවා. මේ අහිතකර රසායනික ද්‍රව්‍ය ස්වාභාවිකවම ඔබේ මින්මැදුර තුළ ගොඩ නැගෙනවා. ඔබේ ටැංකියේ ඇති අහිතකර බැක්ටීරියා ඉවත් නොකළහොත් ඔබේ මාළු අවසානයේදී මිය යන එක කෙසේවත් නවත්තන්න බැහැ.
මේ ප්‍රශ්න වලින් අත්මිදීමට හිතකර බැක්ටීරියා ඉතා වැදගත් වෙනවා[nitrifying bacteria සහ denitrifying bacteria] මෙම බැක්ටීරියා ජීවත් වීමට ස්ථානයක් අවශ්යයි.සෙරමික් මුදු ඔබේ මින්මැදුරේ ඇති ප්‍රයෝජනවත් බැක්ටීරියා සඳහා නිවහනක් ලෙස ක්‍රියාත්මක වෙනවා.
සෙරමික් මුදු කුඩා සිදුරු හරහා ඒවායේ මතුපිට ප්‍රමාණය වැඩි කරගන්නව.මෙම සිදුරු තුළ තමයි වාසිදායක බැක්ටීරියා ඔවුන්ගේ නිවස බවට පත්තර ගන්නේ. වරදවා වටහා ගන්න එපා ceremic rings මගින් ඔබේ ජලය පෙරීමක් සිදු කරන්නේ නැහැ.මෙම මුදු වල ජීවත් වන ප්‍රයෝජනවත් බැක්ටීරියා විසින් තමයි මේ පෙරීම සිදු කරන්නේ.
ඔබ ඔබේ ටැංකියට එකතු කරන ඕනෑම නව සෙරමික් මුදු වල කිසිදු බැක්ටීරියාවක් නොමැත. ඉතින් එම නිසා ceremic rings ෆිල්ටරය තුල තැන්පත් කළ පසු ජලය ඒ හරහා ගමන් කරවීමට සැලැස්වීමෙන් පමණයි ඉතා ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. එමනිසා ceremic rings වෙනත් වර්ගවල පෙරහන් මාධ්‍යයන්ට වඩා අමතර වාසියක් තියෙනවා.
✍️කොහොමද ceremic rings ෆිල්ටරය ට දමන්නේ
ඔබ ගෙනා ceremic rings මලු ක්ලෝරීන් අඩංගු නැති ජලයෙන් සෝදාගන්න මගින් එහි ඇති අනවශ්‍ය දූවිලි වැනි දෑ ඉවත් කර ගන්න පුළුවන්. එහෙම නැත්තං ඒවා ෆිල්ටරය තුළ තැන්පත් කරාට පස්සේ ටැංකිය cloudy වෙන්න පුළුවන්. ඕනම ෆිල්ටරයක තියෙනවා යාන්ත්‍රික පෙරනය සහ ජෛව විද්‍යාත්මක පෙරනය කියලා කොටස් දෙකක්.එය මේ අනුපිළිවෙලට විය යුතුයි
විවිධ වර්ගවලින් sponge, bio balls,Activated carbon, lava rock,ceramic rings මේ මාධ්‍ය මොනවද කියලා හැමෝම දන්න නිසා මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. මේ හැම මාධ්‍යයක්ම සම්පූර්ණයෙන් ජලයේ ගිලී පැවතිය යුතු බව හොදින් මතක තබා ගන්න.
✍ ටැංකියකට ceremic rings කොච්චර ඕනෙද
මේකට නිශ්චිත පිළිතුරක් නැහැ. කරන්න පුළුවන් හොඳම දේ තමයි පුළුවන් තරම් ෆිල්ටරයේ ceremic rings තැන්පත් කර ඇති කොටස පුරවන එක. ඔබ ඇති කරන මාලු වර්ගය අනුව ඔබ ටැංකියේ ප්‍රමාණය තීරණය කරනවා සේම එම ජල ධාරිතාවට, මසුන් ප්‍රමාණයට ,මසුන් වර්ගයට ගැලපෙන ලෙස ෆිල්ටරයක් හදාගන්න ඕනේ කියලා බොහෝ දෙනා දැනටමත් දන්නවා. වැඩිපුර හිතකර බැක්ටීරියා ටැංකියේ ඉන්න තරමට වාසි වැඩි.
✍ ceremic rings සුද්ද කරන්නේ කොහොමද කොපමන කාලෙකින්ද
ඔබගේ ටැංකිය කාලයක් පවත්වාගෙන යන කොට ඔබට දකින්න පුළුවන් ඔබගේ ceremic rings සහිත කුටිය අනවශ්‍ය ද්‍රව්‍ය වලින් වැසී ගිහිල්ලා කියලා. එවිට ඔබට කරන්න තියෙන්නේ ඔබගේ මාළු ටැංකියෙන්ම ලබා ගත් වතුරෙන් ceremic rings බෑග පිරිසුදු කරගන්න එක(එහෙම කරන්නේ ceremic rings වල පෘෂ්ඨයේ රැඳී තියෙන හිතකර බැක්ටීරියා ඉවත් වී යාම අවම කිරීමට) ceremic rings බෑග් වශයෙන් අසුරා තිබීම පිරිසුදු කිරීමට ඉතා පහසුයි. ඔබ මේ සඳහා නල ජලය යොදා ගත්තොත් එමගින් ceremic rings වල ඇති හිතකර බැක්ටීරියා සියල්ල විනාශ වීමට හේතුවක් වේවි. සේදීමේදී මෙම ceremic rings පලුදු නොකිරීමට වග බලා ගැනීම වැදගත්.
✍ ceremic rings වලට කල් ඉකුත්වීමේ දිනයක් තියෙනවද
ඇත්තටම ceramic rings නැවත එකතු කිරීමට අවුරුදු දෙකක් තුනක් පමණ ගතවේවි. මෙම හිතකර බැක්ටීරියාවන්ට රැඳී සිටීමට රළු පෘෂ්ඨයක් අවශ්‍යයි. කාලයක් යනකොට ceramic reigns වල සුමට ගතියක් දකින්න පුළුවන්. එසේත් නොමැතිනම් ඒවා කොටස් ලෙස කැඩී ගොස් තිබෙන්නට පුළුවන්. එතකොට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වෙන නිසා අනිවාර්යෙන්ම අලුත් ceremic rings තැන්පත් කළ යුතුයි. මේක කරද්දී පරිස්සං වෙන්න ඕන සම්පූර්ණයෙන්ම අලුත් ceremic rings තැන්පත් කරලා පරණ ඒවා එකවර අයින් කිරීම කිසිසේත් නොකළ යුත්තක්. කොටස් වශයෙන් අලුත් ඒවා තැන්පත් කරමින් පරණ ඒවා ඉවතට ගත යුතුය. මේ ක්‍රියාවලිය සිදුවන කාලයේදී ටැංකියේ ඇමෝනියා සහ නයිට්‍රේට් අගය ගැන කල්පනාවෙන් සිටිය යුතුයි.
✍ මෙය ceremic rings ෆිල්ටරය තුළ තැන්පත් කරන්නේ නැතුව ටැංකිය තුළ තැන්පත් කලොත් මොකද වෙන්නේ
අනිවාරෙන්ම ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වෙනවා. හිතකර බැක්ටීරියා වලට ජීවත්වීමට නිරන්තරයෙන් ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වෙනව එම නිසා මේ තුළින් ජලය ගලායෑමක් කළ යුතුමයි.
ඉතින් මේ කෙටි සටහනෙන් ඔයාලට තේරෙනවා ඇති ceremic rings කොතරම් වැදගත්ද කියලා.
ස්තුතියි.

No comments:
Post a Comment