Wednesday, November 3, 2021

ඔක්සිජන් - දෙවැනි කොටස

 


පෝස්ට් දැකලා තියෙනවා ඔක්සිජන් නැතුව මාළු හුරු කරන්න පුලුවන්ද කියලා😂


ඇත්තටම අහන්න ඕන air pump එකක් ටැංකියට අත්‍යවශ්‍ය ද නැද්ද කියලා.


 අහන කෙනා නොදන්නකමට ඒ විදියට ඇහුවත් කමෙන්ට් කරන බහුතර දෙනා දිහා බැලුවම තේරෙන්නේ ඒගොල්ලෝ මේක හරිහැටි දන්නේ නැහැ කියලයි.


මෙම ලිපියේ ඉතා සරලව කරපු විග්‍රහයක් මගින් ඔබට කිසියම් අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි


සමහර මසුන් ජලය මතුපිටට ඇවිල්ලා බාහිර වාතය ආශ්වාස කරනවා දකින්න පුළුවන් නමුත් බොහෝ වර්ග වල මාළු එහෙම කරන්නේ නැහැ ඒ මසුන් ජලයේ දියවී ඇති ඔක්සිජන් ඔවුන්ගේ කර මල් හරහා තමයි පෙරා ගන්නෙ. සමහර මසුන් ජීවිතේ යම් කාලයක් පමණක් (පෙනහළු වැඩෙන තෙක්) ජලයේ දිය වූ ඔක්සිජන් වාතය ස්වසන ක්‍රියාවලිය සඳහා ප්‍රයෝජනයට ගන්නවා. සමහර මාළුන්ට අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත ජලයේ ජීවත් වෙන්න හැකියාව තියෙනවා.


මින් මැදුරක ජීවත්වන මසුන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය ගැනන කතා කරනකොට යම් විශේෂ කරුණු කිහිපයක් ගැන අපගේ අවධානය යොමු කරන්න ඕන. කොටින්ම කියනවනං ඔක්සිජන් කියන දේ මාළුන්ට අත්‍යවශ්‍ය දෙයක් ඒ හුස්ම ගන්න විතරක්ම නෙවෙයි කියන කාරණය


👉ෆිල්ටර් පද්ධතිය සහ ජලයේ ගුණාත්මක බව


ජලයේ ගුණාත්මක බව ඉහල මට්ටමක තබා ගැනීම ජලයේ වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් රඳවා තබා ගැනීමට හේතුවක් වෙනවා.ෆිල්ටර් සිස්ටම් එකක් නොමැතිව තියෙන ටැංකියක ජලය අපිරිසිදු වුනොත් ජල ස්ථරය මත තෙල් තට්ටුවක් හෝ අම්ල තට්ටුවක් ලෙස යම් ස්ථරයක්(Biofilms)ගොඩනැගෙනවා සමහරවිට ඔබල දැකලා ඇති. මේ ස්ථරය මගින් අවකාශයේ ඇති වාතය ජලය සමග ගැටීමේ අවස්ථාවට මග හරවනවා එමගින් ජලයට ඔක්සිජන් එකතු වීම වළක්වනව. අඛණ්ඩ ඔක්සිජන් සැපයුමක් මගින් මින් මැදුර තුළ ඇති හිතකර බැක්ටීරියාවන්ට අපද්‍රව්‍ය බිඳ හෙලා නයිට්‍රජන් චක්‍රය ස්ථාවරව පවත්වා ගැනීමට සෘජු බලපෑමක් කරනවා. මින් මැදුර තුළ ඇති ජලය නිරෝගී ගුණාත්මක මට්ටමක තියෙනවා කියන්න හොඳ ඔක්ෂිජන් සාධාරණයක් තියනවා කියන එක. ඔක්සිජන් ජලයේ ගුණාත්මක බව රැක ගැනීමට සෘජු සාධකයක් වනවා.


👉මසුන් ප්‍රමාණය


 කෙතරම් හොඳ පෙරහන් පද්ධතියක් තිබුණත් අනවශ්‍ය ලෙස මින්මැදුර තුළ මසුන් විශාල ප්‍රමාණයක් තබා ගැනීමෙන් ජලයේ දිය වූ ඔක්සිජන් වාතය ඉතා ඉක්මණින් අඩුවෙලා යනවා. ඒක නිසා අනවශ්‍ය ලෙස ආස කරන හැම මාළුවා ම ටැංකියට දාගන්න එපා. 


එහෙම අවශ්‍යතාවක් තියෙනවා නම් විශාල ජල ධාරිතාවක් සහිත මින් මැදුරක් නිර්මාණය කර ගැනීම වැදගත් විශාල ජල ධාරිතාවක් තියෙනවා කියන්නේ විශාල ඔක්සිජන් ප්‍රමාණයක් ඒ ජලයේ දිය වෙලා තියෙනවා කියන එක. දිගින් වැඩි පළලෙන් අඩු ටැංකියක් නිර්මාණය කරනවට වඩා ජලයේ පෘෂ්ඨිය වර්ගඵලය වැඩි වන ලෙස වැඩි පළලකින් යුතු ටැංකියක් නිර්මාණය කිරීම වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් බාහිරින් ටැංකිය තුලට ලබාගැනීමට අවකාශ සැලසෙනවා.


😜 අපි නම් ඔක්සිජන් දෙන්නෙ නැතුව පුරුදු කරලා තියෙන්නේ අපේ ටැංකිවල ෆිල්ටරුත් නැහැ 


ජලයේ දියවී ඇති ඔක්සිජන් මසුන් විසින් අඛණ්ඩව පරිභෝජනය කරනවා අපිට ඒක පාලනය කරන්න බැහැ මසුන්ට ඒ පාලනය කරන්නත් බැහැ. ජලයේ දියවී ඇති ඔක්සිජන් අවසන් වන තෙක් පමණයි මසුන්ට ජීවත්වෙන්න පුළුවන් එහෙම නැතුව ඔක්සිජන් සැපයුමක් නොදී පුරුදු කර ගන්නවා කියන කතාව හාස්‍යජනක මිත්‍යාවක් විතරයි. මේවා සාමාන්‍ය දැනුම 😁


👉 ඔක්සිජන්, ආහාර ජීර්ණය සහ වර්ධනය අතර සම්බන්ධතාවය


හොඳ ඔක්සිජන් සැපයුමක් තිබුනොත් මසුන්ට ඉතා ඉක්මනින් ආහාර ජීර්ණය කිරීමේ පහසුව සැලසෙනවා. අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත පරිසරයක ජීවත්වන මසුන්ගේ ආහාර දිරවීමේ හැකියාව ඉතා සෙමෙන් සිදු වන්නේ. මේ ආහාර දිරවීමේ මන්දගාමී බව නිසා ලබාගත් ආහාර ආමාශය තුළ පල්වී මසුන්ට විවිධ රෝගාබාධ වලට ගොදුරු වීමේ අවදානමක් ඇති කරනවා. මෙයින් පේනවා ඔක්සිජන් මසුන්ගෙ වරදනයට සෘජුව බලපාන සාධකයක් බව.


👉 ජලයේ උෂ්ණත්වය සහ ඔක්සිජන් මට්ටම අතර සම්බන්ධතාවය


 ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ ජලයේ දියවෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා කියන එක. මෙම නිසා ඉර එළිය වැටෙන තැනක තියෙන දැන් කියපු හෝ හීටරයක් දාලා තියෙන අවස්ථාවක ඔක්සිජන් සැපයුමක් ලබා දීම ඉතා වැදගත්


👉 ඇල්ගී සහ බැක්ටීරියා ඔක්සිජන් වරට කරන බලපෑම


නයිට්‍රජන් චක්‍රය ක්‍රියාත්මක නොවූ ටැංකියක සතිපතා දිනපතා කළ යුතු සුළු සුළු නඩත්තු කටයුතු සිදු නොවන අවස්ථාවන් වල පමණට වඩා අධික ලෙස ඇල්ගී සහ බැක්ටීරියා වර්ධනය වීම සිදු වෙනවා මේ බැක්ටීරියා සහ ඇල්ගී ඉතා විශාල ලෙස ඔක්සිජන් පරිභෝජනය කිරීම නිසා ජලයෙ දියවී ඇති ඔක්සිජන් ප්‍රමාණය පහත කිරීමට හේතුවක් වනු ඇත.


👉 ජලජ ශාක සහ ඔක්සිජන් මට්ටම අතර සම්බන්ධය


දිවා කාලයේදී ආලෝකය ඇති විට ඉතා විශාල වශයෙන් ජලජ ශාක ජලයට ඔක්සිජන් එකතු කිරීමක් සිදු වුණත් ආලෝකය නොමැති රාත්‍රී කාලයේ දී හෝ අලුයම් කාලයේ දී  ජලජ ශාක ජලයේ දියවී ඇති ඔක්සිජන් විශාල ලෙස පරිභෝජනය කරන නිසා මසුන්ට අවශ්‍ය ඔක්සිජන් අඩුවීමේ අවධානමක් පවතිනවා. ඒක නිසා පුළුවන් තරම් ටැංකිවලට ගස් දාන්න කියලා නම් කියන්න එපා 😁


👉කවුද වැඩිපුර ඔක්සිජන් පරිභෝජනය කරන්නේ


සමහර මසුන් වර්ග ඉතා විශාල ලෙස ජලයේ දිය වී ඇති ඔක්සිජන් පරිභෝජනය කරනවා. විශේෂයෙන්ම විශාල මසුන් කුඩා මසුන්ට සාපේක්ෂව විශාල ලෙස ඔක්සිජන් පරිභෝජනය කරනවා ඒ වගේම තමයි සෙමෙන් පිහිනන මාළුන්ට වඩා ජලයේ වේගයෙන් පිහිනන මසුන්මට විශාල ලෙස ඔක්සිජන් අවශ්‍ය කරනවා


😞කොහොමද නිවැරදි මට්ටමට ඔක්සිජන් ටැංකියේ නැහැ කියලා අදුරගන්නේ


ඔක්සිජන් අඩු වන අවස්ථාවලදී මසුන් ජලයේ මතුපිටට පැමිණිලා මුව විවර කරමින් ආශ්වාස කරන්න උත්සාහ ගන්නවා දකින්න පුළුවන් තවද මසුන් ඉක්මනින් ඉක්මනින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම, ක්‍රියාශීලී බව අඩුවීම සහ කෑමට ඇති රුචිය අඩු වී යාම දකින්න පුළුවන්. හයිඩ්‍රජන් සල්ෆයිඩ් විෂ වීම නිසාත් මේ විදියේ හැසිරීම දකින්න පුළුවන් එම නිසා හරියාකාරව අවබෝධයෙන් වැඩ කරන්න.


😞 ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉතා ඉහල ගියොත් මොකද වෙන්නෙ(hyperoxygenated)


අවධාරණයෙන්ම මතක තියාගන්න ඕන කාරණයක් තියනවා ටැංකියේ ඔක්සිජන් ප්‍රමාණය වැඩිවීමත් මසුන්ට ඉතා අහිතකරයි එමගින් මසුන්ට gas bubble disease රෝගය වැළඳීමට හේතුවක් වේවි. ඒ වගේම අධික ඔක්සිජන් සාන්ද්‍රණයක් තිබීම මාළු විශාල ලෙස ආතතියට පත් වෙනවා මෙහිදී කෝටිසෝල් නැමැති stress හෝමෝනය අධික ලෙස ශ්‍රාවය වීමෙන් මසුන් මරණයට පවා පත්විය හැකියි.


👉ඔක්සිජන් සහ ඖෂධ


සමහර ඖෂධ වල ඇති රසායනික ගුණය නිසා ජලයේ ඇති ඔක්සිජන් මට්ටම පහළ යාම සිදුවෙන්න පුළුවන්. එම නිසා එවැනි ඖෂධ යොදා ගන්නවා නම් උපදෙස් පත්‍රිකාවට අනුව යොදා ගැනීම වැදගත්. එවැනි අවස්ථාවල පිටතින් ඔක්සිජන් සැපයුමක් ලබා දීම අනිවාර්යයි.


👉 ලුණු මින් මැදුරු ජලයට එකතු කිරීම සහ ඔක්සිජන් මට්ටම අතර සම්බන්ධය


ජලයේ ලවණ ගතිය වැඩිවීමෙන් ජලයේ දිය වී ඇති ඔක්සිජන් සාන්ද්‍රණය පහල යෑමක් සිදු වෙනවා. එම නිසා ලුණු භාවිතා කිරීමේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි


🤲කොහොමද ටැංකියට ඔක්සිජන් එකතු කරන්නේ


👍ටැංකිය තුල ජලය අඛණ්ඩව ගලා යාමට සැලැස්වීම මගින් ටැංකියේ ජලය සෙලවීමට සැළැස්වීම හරහා බාහිර ඇති ඔක්සිජන් වාතය ටැංකියේ ජලය සමඟ මිශ්‍ර කිරීමට උදව්වක් වනු ඇත


👍යම්කිසි උස මට්ටමක සිට ටැංකියේ ජල ස්ථරයට වතුර වැටීමට සැලැස්වීමෙන් ජලයේ ඔක්සිජන් මිශ්‍ර කිරීමට උදව් වෙනවා


👍HBO filter,Air pump, spray bar,trickle filters. භාවිතය ගැන අපි කවුරුත් දන්න නිසා ඒ ගැන කියන්න යන්නෙ නැහැ


👍හදිසි අවස්ථාවන්වලදී ජලයේ උෂ්ණත්වය ඉහළ ගිය විට ඇතිවූ ඔක්සිජන් මදිකම මඟහරවා ගැනීමට අයිස් කැට බහාලන ලද බෑගයක් ටැංකිය තුළට දමීම තාවකාලික තරමක් සාර්ථක ක්‍රමයක්. උෂ්ණත්ව වෙනස්වීම් ක්ෂණිකව සිදු නොවන ලෙස මේ කළ යුතුයි එසේ නොමැති නම් මාළු විශාල ලෙස ආතතියට පත් වෙන්න හේතුවක් වේවි.


👍විශාල වතුර ප්‍රමාණයක් අලුතින් එකතු කිරීමෙන් ජලයේ දියවූ ඔක්සිජන් විශාල ප්‍රමාණයක් එකතු කිරීමට අවස්ථාව සැලසෙනවා.


👍විදුලිය විසන්ධි වූ අවස්ථාවලදී Battery air pump භාවිතා කිරීමත් සාර්ථක ක්‍රමවේදයක් ලෙස දකින්න පුළුවන්.


👍 කිසිම විටක විදුලිය විසන්ධි වූ අවස්ථාවක මසුන්ට ආහාර ලබාදීම සුදුසු නැහැ මේ අවස්ථාවේ දී පෙරහන් පද්ධතිය සහ ඔක්සිජන් සැපයීම දෙකම අඩාල වෙනවා. මෙවැනි අවස්ථාවල ප්‍රමාණවත් ඔක්සිජන් නොමැතිව ලබාගත් ආහාර ජීර්ණය කිරීමට මසුන්ට නොහැකි වී යනවා. එහෙමත් නැත්නම් මන්දගාමී වෙනවා. නැවත පෙරහන් පද්ධතිය සහ ඔක්සිජන් සැපයුම ක්‍රියාත්මක වූ පසු අවම වශයෙන් පැයක පමණ කාලයක්වත් ගත වූ පසු ආහාර ලබාදීම සුදුසුයි

Thursday, September 16, 2021

පණු බෙහෙත් (Deworming) දෙවැනි කොටස


ශරීර ස්කන්ධය විශාල, විශාල ජල ධාරිතාවක ජීවත් වන මසුන්ට ජලයේ දියවන පණු බෙහෙත් දීම ඉතා අපහසු කාර්යයක්. එවැනි අවස්ථාවල කෑම සමඟ මිශ්‍රකර මේ බෙහෙත් ලබාදීම කරන්න පුළුවන්.අසා තියෙනව ඩොන්ටාල් ප්ලස් සාර්ථක ලෙස මසුන් සඳහා deworming සඳහා යොදා ගත් අවස්ථා.


සැ.යු 

මසුන්ගේ මලපහ නියැදි පරීක්ෂණාගාරයක පරික්ෂා කිරීමෙන් අනතුරුව විතරයි හරියටම කියන්න පුළුවන් කුමන ආකාරයේ පණුවන් නිසා ආසාදන තත්ත්වයක් ඇති වෙලා තියෙනවද කියලා. සාර්ථක ක්‍රමයක් නොවුනත් මලපහ වල වර්ණය අනුව මේ ගැන යම්කිසි මට්ටමක නිගමනයකට පැමිණිය හැකි බව බොහෝ දෙනාගේ මතයයි. කෙසේ වෙතත් මසුන් සදහාම නිෂ්පාදනය කල බෙහෙත් යොදා ගැනීම ආරක්ෂිත බව අපි හැමෝම දන්නවා. එමගින් නිවැරදි මාත්‍රාව ලබා දීමට සහ අතුරු ප්‍රතිඵල අවම කරගැනීමට හේතුවක් වේවි. සාමාන්‍යයෙන් 90%ක පණු ආසාදන සහ අභ්‍යන්තර බැක්ටීරියා සහ පරපෝෂිත ආසාදන සඳහා ආවරණයක් ලබා ගැනීමට පහත සඳහන් ඖෂධයන් අන්තර්ගත ඖෂධ ලබාදිය හැක. 


praziquantel

metronidazole 

levamisole

albendazole

Fenbendazole

mebendazole



මේ එකිනෙකට වෙනස් ඖෂධ වර්ග වලින් විනාශ වන්නේ එකිනෙකට වෙනස් පණු වර්ග, අභ්‍යන්තර බැක්ටීරියා හා පරපෝෂිතයන් වන නිසා එක් වර්ගයක් පමණක් භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න බැහැ. එහෙම සාර්ථක ප්‍රතිඵලයක් ගන්න නම් හරියටම දැනගෙන ඉන්න වෙනවා වැළඳිලා තියෙන්නේ මොන පණු රෝගය ද කියලා. නැත්නම් ඉතින් ඔය ඉහත සඳහන් කරපු බෙහෙත් වර්ග වතාවන් කිහිපයකදී ප්‍රතිකාර සඳහා ප්‍රයෝජනයට  ගන්න සිද්ධ වෙනවා.

මසුන්ගෙ පෝෂණය.

 


අවාසනාවකට ලංකාවේ තවමත් මසුන්ගෙ පෝෂණය පිළිබඳ ඉතාම අඩු සැලකිල්ලක් දක්වන රටක් විදියට තවමත් දකින්න පුළුවන්. මීට හේතුවක් විදියට ඉතා සීමිත වූ සන්නාම කීපයකට පමණක් මිනිසුන් පුරුදු වෙලා සිටීම සහ මුදල් ප්‍රශ්න, සමහර මත්ස්‍ය ආහාර වල අධික මිල මේකට හේතුවක් වෙන්න පුළුවන්


ඔබ දන්නවද මාලු කෑම නිෂ්පාදන ආයතන විවිධ වර්ගවලින් විවිධ මසුන් සඳහා විවිධ කෑම නිෂ්පාදනය කරන්නේ ඇයි කියලා. ඒකට හේතුව දැනගන්න කලින් අපි බලමු ඇයි මසුන්ගේ පෝෂණය මෙතරම් වැදගත් කියලා


මාළුවෙක් මියයන්න ප්‍රධානම හේතු තමයි නිවැරදි පෝෂණයක් නොමැති කම, හොඳ පෙරහන් පද්ධතියක් නොමැති බව සහ වතුර ගුණාත්මකබව මදිකම නොසැලකිල්ල සහ නිවැරදි බෙහෙත් භාවිතා නොකිරීම දකින්න පුළුවන්. මම මේක ලියන්න බලාපොරොත්තු වෙන්නේ විනෝදාංශයක් විදිහට මසුන් ඇති කරන අය සඳහා පමණයි මොකද වාණිජ පරමාර්ථයෙන් මසුන් ලොකු කර විකිනීම සහ බෝකර විකිණීම වගේ අවස්ථාවල ලබා දෙන කෑම විනෝදාංශයක් විදියට ඇතිකරන මසුන් සඳහා බොහෝවිට යෝග්‍ය නැහැ. විනෝදාංශයක් විදියට ඇති කරන්න අපි තමයි මේ ආදරණීය සුරතලුන් මැරෙන තුරු අපි ළඟ තබාගන්නේ.


මසුන්ගේ පෝෂණය ඉතා වැදගත් කාරණයක් බවට දැන් ඔබට පැහැදිලි ඇති. ඇයි අපි මසුන්ට ආහාර ලබා දෙන්නේ කෙනකුට මේක කුස පිරවීමට කියලා හිතනවා ඇති තවත් කෙනෙකුට පෝෂණය ලබාදීමට කියලා හිතෙනවා ඇති. හරි ඔය කාරණා දෙකම වැදගත් තමයි නමුත් ආහාර ගැනීමෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ ශක්තිය ලබාදීම නිවැරදි වර්ධනය සහ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ගොඩනැගීම යන කාරණා දක්වන්න පුළුවන්.


විවිධ ආයතන විවිධ වර්ග වල මසුන්ට එහි විවිධ කෑම හදල තියෙන්නෙ හේතුවක් ඇතිවයි කොරපොතු තියන මාළු ,කොරපොතු නැති මාළු, වැඩිය ඇක්ටිව් නැති මාළු, වැඩි ක්‍රියාශීලිත්වය දක්වන මාළු, සඳහා ලැබිය යුතු පෝෂණ මට්ටම වෙනස් මේවා නිවැරදිව නොලැබුණොත් මසුන්ට දීර්ඝ කාලයක් ජීවත් වීමට නොහැකි වෙනවා මීට අමතරව ශාක භක්ෂක සර්ව භක්ෂක සහ මාංශ භක්ෂක සතුන්ට ඕනේ කරන පෝෂණය ගැන කතා කරද්දි වුණත් විවිධ වයස් මට්ටම් වලදී ලබා දිය යුතු ආහාර ප්‍රමාණය සහ පෝෂණ මට්ටම් අඩු වැඩි වෙනවා. මම මේකෙන් අදහස් කරන්නේ නැහැ මාළුන්ට කෑම එකක් තෝරනකොට පෝෂණ වේදියෙක් වගේ හිතන්න ඕන කියලා අඩුම තරමේ ඒ ඒ මසුන් වර්ග වලට පමණක් හදලා තියෙන විශේෂිත වූ කෑම වර්ග පාවිච්චි කරොත් අපට ලොකු ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. එමගින් විටමින් ඌනතා ප්‍රෝටීන් ඌනතා කැල්සියම් ඌනතා ලවණ ඌණතා වගේ දේවල් මගහරවා ගන්න පුළුවන් වේවි.


සමහර අය අතර මතයක් තියෙනවා වැඩි ප්‍රෝටීන් සහිත ආහාර තමයි හොඳ කියල මතක තබා ගන්න high protein කියන්නේ බොහොම පරිස්සමෙන් තෝරගන්න ඕන දෙයක් අනවශ්‍ය ලෙස ප්‍රෝටීන් ,තන්තු සහ මේදය ලබා දීම සමහර මසුන් වර්ග වලට ඉතා අහිතකර වෙනවා.


මසුන් වෙනුවෙන් ගෙදර හදාගන්න කෑම එකක් නම් විශේෂයෙන්ම විටමින් වර්ග එකතු කරද්දී බොහෝ පරිස්සම් වෙන්න අවශ්‍යයි මොකද සමහර විටමින් වර්ග වාතයට හිරු එළියට තද සීතලට නිරාවරණය වෙච්ච ගමන් එහි කාර්යක්ශම බව අඩු වෙනවා පමණක් නෙවෙයි සමහර විටමින් වර්ග මසුන්ට විශ වෙනවා. 


මසුන්ගේ කෑම ගැන කතා කරද්දි පෙලට් වල හැඩය ඉතා වැදගත් මනුෂ්‍යයන් වන අපට වගේ මාළුන්ට අතින් අරන් කටට කෑම දාගන්න හැකියාවක් නැහැ.නිරීක්ෂණය කරොත් ඔබට පේනවා ඇති විවිධ මසුන්ගෙ ඔලුවේ හැඩය වෙනස් මුඛයේ හැඩය වෙනස් මුඛය පිහිටා ඇති ස්ථානය වෙනස් බව ඉතින් ඒකට ගැලපෙන විදියට තමයි මාලු කෑම වර්ග නිර්මාණය කරලා තියෙන්නේ හරියට පිගානකට දාලා කිරි එකක් අපට බොන්න බැහැ බල්ලෙකුට කෝප්පෙකට දැම්මට කිරි එක බොන්න බැහැ ඒ වගේ තමයි.


ලස්සන කවරයක් සමඟ කෑම එකක් දුටු පමණින් මේක හොඳයි කියලා කියන්න අපි කාටවත් බැහැ මේ ගැන අදහසක් අපට ගන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියෙනවා අන්තර්ජාලයෙන් විපරම් කරල බලන්න පුළුවන් මේ කෑම වර්ග රටවල් කීයක මිනිස්සු පාවිච්චි කරනවද ඒගොල්ලො මොනවද ඒ ගැන කියලා තියෙන්නේ කියලා ලෝකය පුරාම විසිරී සිටින විනෝදාංශයක් ලෙස මසුන් ඇතිකරන්නන් ගේ අදහස් ඉතා වටිනවා, සාමාන්‍යයෙන් හොඳ පෙලට් වර්ගයක වෙස්ට් එක අඩුයි. සාමාන්‍යයෙන් කෑම එක නැවුම්ව තිබුණෙ නැත්තං බොහෝවිට මාලු කෑම එක ප්‍රතික්ෂේප කරනවා. නමුත් බඩගින්නෙ  ටැංකියකට වෙලා ඉන්න මාලුවෙකුට අපි දෙන දෙයක් කනවා ඇරෙන්න විකල්පයක් නැහැ.


පෙලට් එක වතුරට දැම්මට පස්සේ ඒක පෙඟිල දියවෙලා යන්න ගතවන කාලය වැදගත් සමහර මාළු කෙලින්ම ගිලිනවා සමහර මාළු හපල කනව කෙලින්ම ගිලින මාළු අසාමාන්‍ය ලෙස ආහාර ගැනීම බොහෝ විට සිදු කරනවා අන්තිමට මේ ගිල දැමූ පෙලට් බඩ තුළ ප්‍රසාරණය වීමට ඉඩක් නොමැති වුණොත් අනිවාර්යයෙන්ම ජීරන අසීරුතා නිසා මියයන වුණත් පුළුවන්. මේ තත්ත්වය තවත් භයානක වන්නේ pellets සහ මාංශමය ආහාර යන දෙවර්ගයේම එකවිට ලබාදුන්විට ඕවර් ෆීඩ් වුනොත් ජීරණය වීමට වැඩි කාලයක් ගත වෙනවා එවිට අර ආහාරයට ගත් මාංශමය කොටස් ඉතා ඉක්මනින් පල වීමකට ලක් වෙලා විවිධ ආසාදනවලට ගොදුරු වෙන්නත් පුළුවන්.


ඔබ දැනටමත් දන්නවා ශාක ප්‍රෝටීන් සහ සත්ව ප්‍රෝටීන් කියලා කොටස් දෙකක් තියන බව ගොඩක් බාල තත්වයේ මත්ස්‍ය ආහාර වලට බහුලව යොදා ගන්නේ ශාක ප්‍රෝටීන එයට හේතුව ඉතා අඩු මිලට සුලබව ලබා ගන්න පුළුවන් කම නිසායි. ඉතින් මේ ශාක ප්‍රෝටීන් ලබා ගැනීමට යොදා ගන්නා ශාකමය අමුද්‍රව්‍ය වල ඇති ප්‍රෝටීන් නිසා වැඩි වෙස්ට් එකක් ටැංකියේ දකින්න පුළුවන් වගේම දිරවීමේ අපහසුතා මොන්ස්ටර් වර්ගයේ මසුන්ට ඇති වෙන්න පුළුවන්. 


Colour enhance දීර්ඝකාලීනව ආහාරයට දීම ඉතා නුසුදුසු දෙයක් මෙමඟින් මසුන්ට මාරාන්තික සංකූලතා ඇතිවන බව පැවසෙනවා.


පෙලට් වර්ග විශේෂයෙන් ම විවෘත කිරීමෙන් පසු කල් ඉකුත්වීමේ දිනය කුමක් වුවත් විවෘත කළ දිනයේ සිට කල් ඉකුත් වීම තමයි සිද්ධවෙන්නේ ඒක නිසා නිවැරදි විදියට ඇසුරුම් ගත කරලා ශීතකරණයක තැබීම හොඳයි කියන කාරණය බොහෝ දෙනා පවසනවා. බෙහෙත් වර්ග නම් උපදෙස් පත්‍රිකාවේ නිර්දේශ කොට ඇති පරිදි හෝ කාමර උෂ්ණත්වයේ තැබීම අනිවාර්යයි.


එසේ නිවැරැදි ලෙස අසුරා නොතැබූ පෙලට් වර්ග වල සැල්මොනෙල්ලා බැක්ටීරියා, ඇෆලටොක්සින් වැනි මාරාන්තික පුස් වර්ග හටගන්නවා මේ මාරාන්තික මයකටොක්සීන් වරග නිසා මසුන්ට මරණය,අක්මාව දුර්වල කිරීම, ප්‍රජනන හැකියාව නැති කිරීම, ලිංගික දුර්වලතා අනිවාර්යෙන්ම සිදුවෙනවා.


යුරෝපීය රටවල විශේෂයෙන්ම ජපානය වැනි රටවල මෙවැනි කල් ඉකුත් වීමට ආසන්න සත්ව ආහාර කල් ඉකුත් වීමට පෙර නොමිලේ බෙදාදීම සිදු කරනවා ඒ රටවල් වල ජීවත් වන මිනිසුන් මේ ගැන හොඳින් දන්නවා ඇති. මොකද මේ කල් ඉකුත් වූ දේවල් විනාශ කිරීමට ඔවුන්ට විශාල පිරිවැයක් දරන්න සිද්ද වෙන නිසා. කල්ඉකුත් වුවහොත් හිතුමතේ ගිනි ගොඩක් ගහලා වත් ජලාශයකට වත් විසි කරන්න ඔවුන්ට නීතියෙන් ඉඩක් නැහැ😃


විවිධ රටවල් වල කූට වෙළඳුන් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා මේ වගේ තැන්වලින් හෝ කර්මාන්තශාලාවලින් ඉවත් කරන්න කෑම තොග වශයෙන් තම රටවල් වලට රැගෙන ඇවිල්ලා නැවත ඇසුරුම් ගත කරනවා. මේවා අඩු මුදලට සොයාදෙන්න තැරැව්කරුවන් මාෆියාවක් විදියට ක්‍රියාත්මක වෙනවා.


 ඔබ හිතනවා ඇති ඇසුරුම් ගත කිරීමට ඇසුරුම් කොහෙන්ද කියා. ලෝකයේ ප්‍රසිද්ධ යැයි පවසන සන්නාම වලින් යුත් කෑම වල  ඕනෑම ඇසුරුම් වර්ගයක් තොග පිටින් ලබා ගැනීමේ හැකියාව පවතින බව ඔබ දන්නවාද. බදු මුදල් අඩුවෙන් ගෙවා සත්ව කෑම රේගුවෙන් නිදහස් කර ගැනීමට කූට වෙළඳුන් කරන උපක්‍රමයක් තමයි ඉතා විශාල ගෝනි ලෙස මිලදී ගන්නා මේ සත්ව කෑම  ගෙනැවිල්ලා එම ආයතනය විසින්ම ලබා දෙන හිස් ඇසුරුම් තොග මෙරටදී ඇසුරුම් ගත කොට නයිට්‍රජන් වායුව පුරවා විකිණීම සිදුකෙරෙනවා.මසුන්ගේ ආහාර පමණක් නොව අනිත් සත්ව ආහාර වලට සිදුවන්නෙත් මේකම තමයි. මීට අමතරව fake product කෙලින්ම ගැන්වීමත් ජයටම සිදු වන කාරණයක්.මේ දේවල් මට අනාවරණය කරගැනීමට පුළුවන් වුණේ ශ්‍රී ලංකා රේගුව සහ NAQDA ආතනය නිළධාරින් දෙපලක් සමග සිදුකළ සාකච්ඡාවකින් පසුවයි.ඒක නිසා තමන්ට අවශ්‍ය දේවල් පරික්ෂා කිරීම කින් ලබා ගැනීම වැදගත්. ස්තුතියි !!!

ඔක්සිජන්

සමාජ මාද්‍ය වල ගොඩක් පෝස්ට් දැකලා තියෙනවා
ඔක්සිජන් නැතුව මාළු හුරු කරන්න පුලුවන්ද කියලා😂

ඇත්තටම අහන්න ඕන air pump එකක් ටැංකියට අත්‍යවශ්‍ය ද නැද්ද කියලා.


 අහන කෙනා නොදන්නකමට ඒ විදියට ඇහුවත් කමෙන්ට් කරන බහුතර දෙනා දිහා බැලුවම තේරෙන්නේ ඒගොල්ලෝ මේක හරිහැටි දන්නේ නැහැ කියලයි.

මෙම ලිපියේ ඉතා සරලව කරපු විග්‍රහයක් මගින් ඔබට කිසියම් අවබෝධයක් ලබාගන්න පුළුවන් වේවි


සමහර මසුන් ජලය මතුපිටට ඇවිල්ලා බාහිර වාතය ආශ්වාස කරනවා දකින්න පුළුවන් නමුත් බොහෝ වර්ග වල මාළු එහෙම කරන්නේ නැහැ ඒ මසුන් ජලයේ දියවී ඇති ඔක්සිජන් ඔවුන්ගේ කර මල් හරහා තමයි පෙරා ගන්නෙ. සමහර මසුන් ජීවිතේ යම් කාලයක් පමණක් (පෙනහළු වැඩෙන තෙක්) ජලයේ දිය වූ ඔක්සිජන් වාතය ස්වසන ක්‍රියාවලිය සඳහා ප්‍රයෝජනයට ගන්නවා. සමහර මාළුන්ට අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත ජලයේ ජීවත් වෙන්න හැකියාව තියෙනවා.


මින් මැදුරක ජීවත්වන මසුන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය ගැනන කතා කරනකොට යම් විශේෂ කරුණු කිහිපයක් ගැන අපගේ අවධානය යොමු කරන්න ඕන. කොටින්ම කියනවනං ඔක්සිජන් කියන දේ මාළුන්ට අත්‍යවශ්‍ය දෙයක් ඒ හුස්ම ගන්න විතරක්ම නෙවෙයි කියන කාරණය


👉ෆිල්ටර් පද්ධතිය සහ ජලයේ ගුණාත්මක බව


ජලයේ ගුණාත්මක බව ඉහල මට්ටමක තබා ගැනීම ජලයේ වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් රඳවා තබා ගැනීමට හේතුවක් වෙනවා.ෆිල්ටර් සිස්ටම් එකක් නොමැතිව තියෙන ටැංකියක ජලය අපිරිසිදු වුනොත් ජල ස්ථරය මත තෙල් තට්ටුවක් හෝ අම්ල තට්ටුවක් ලෙස යම් ස්ථරයක්(Biofilms)ගොඩනැගෙනවා  සමහරවිට ඔබල දැකලා ඇති. මේ ස්ථරය මගින් අවකාශයේ ඇති වාතය ජලය සමග ගැටීමේ අවස්ථාවට මග හරවනවා එමගින් ජලයට ඔක්සිජන් එකතු වීම වළක්වනව. අඛණ්ඩ ඔක්සිජන් සැපයුමක් මගින් මින් මැදුර තුළ ඇති හිතකර බැක්ටීරියාවන්ට අපද්‍රව්‍ය බිඳ හෙලා නයිට්‍රජන් චක්‍රය ස්ථාවරව පවත්වා ගැනීමට සෘජු බලපෑමක් කරනවා. මින් මැදුර තුළ ඇති ජලය නිරෝගී ගුණාත්මක මට්ටමක තියෙනවා කියන්න හොඳ ඔක්ෂිජන් සාධාරණයක් තියනවා කියන එක. ඔක්සිජන් ජලයේ ගුණාත්මක බව රැක ගැනීමට සෘජු සාධකයක් වනවා.


👉මසුන් ප්‍රමාණය


 කෙතරම් හොඳ පෙරහන් පද්ධතියක් තිබුණත් අනවශ්‍ය ලෙස මින්මැදුර තුළ මසුන් විශාල ප්‍රමාණයක් තබා ගැනීමෙන් ජලයේ දිය වූ ඔක්සිජන් වාතය ඉතා ඉක්මණින් අඩුවෙලා යනවා. ඒක නිසා අනවශ්‍ය ලෙස ආස කරන හැම මාළුවා ම ටැංකියට දාගන්න එපා. 

එහෙම අවශ්‍යතාවක් තියෙනවා නම් විශාල ජල ධාරිතාවක් සහිත මින් මැදුරක් නිර්මාණය කර ගැනීම වැදගත් විශාල ජල ධාරිතාවක් තියෙනවා කියන්නේ විශාල ඔක්සිජන් ප්‍රමාණයක් ඒ ජලයේ දිය වෙලා තියෙනවා කියන එක. දිගින් වැඩි පළලෙන් අඩු ටැංකියක් නිර්මාණය කරනවට වඩා ජලයේ පෘෂ්ඨිය වර්ගඵලය වැඩි වන ලෙස වැඩි පළලකින් යුතු ටැංකියක් නිර්මාණය කිරීම වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් බාහිරින් ටැංකිය තුලට ලබාගැනීමට අවකාශ සැලසෙනවා.


😜 අපි නම් ඔක්සිජන් දෙන්නෙ නැතුව පුරුදු කරලා තියෙන්නේ අපේ ටැංකිවල ෆිල්ටරුත් නැහැ 


ජලයේ දියවී ඇති ඔක්සිජන් මසුන් විසින් අඛණ්ඩව පරිභෝජනය කරනවා අපිට ඒක පාලනය කරන්න බැහැ මසුන්ට ඒ පාලනය කරන්නත් බැහැ. ජලයේ දියවී ඇති ඔක්සිජන් අවසන් වන තෙක් පමණයි මසුන්ට ජීවත්වෙන්න පුළුවන් එහෙම නැතුව ඔක්සිජන් සැපයුමක් නොදී පුරුදු කර ගන්නවා කියන කතාව හාස්‍යජනක මිත්‍යාවක් විතරයි. මේවා සාමාන්‍ය දැනුම 😁


👉 ඔක්සිජන්, ආහාර ජීර්ණය සහ වර්ධනය අතර සම්බන්ධතාවය


හොඳ ඔක්සිජන් සැපයුමක් තිබුනොත් මසුන්ට ඉතා ඉක්මනින් ආහාර ජීර්ණය කිරීමේ පහසුව සැලසෙනවා. අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් සහිත පරිසරයක ජීවත්වන මසුන්ගේ ආහාර දිරවීමේ හැකියාව ඉතා සෙමෙන් සිදු වන්නේ. මේ ආහාර දිරවීමේ මන්දගාමී බව නිසා ලබාගත් ආහාර ආමාශය තුළ පල්වී මසුන්ට විවිධ රෝගාබාධ වලට ගොදුරු වීමේ අවදානමක් ඇති කරනවා. මෙයින් පේනවා ඔක්සිජන් මසුන්ගෙ වරදනයට සෘජුව බලපාන සාධකයක් බව.


👉 ජලයේ උෂ්ණත්වය සහ ඔක්සිජන් මට්ටම අතර සම්බන්ධතාවය


 ජලයේ උෂ්ණත්වය වැඩි වෙනවා කියලා කියන්නේ ජලයේ දියවෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා කියන එක. මෙම නිසා ඉර එළිය වැටෙන තැනක තියෙන දැන් කියපු හෝ හීටරයක් දාලා තියෙන අවස්ථාවක ඔක්සිජන් සැපයුමක් ලබා දීම ඉතා වැදගත්


👉 ඇල්ගී සහ බැක්ටීරියා ඔක්සිජන් වරට කරන බලපෑම


නයිට්‍රජන් චක්‍රය ක්‍රියාත්මක නොවූ ටැංකියක සතිපතා දිනපතා කළ යුතු සුළු සුළු නඩත්තු කටයුතු සිදු නොවන අවස්ථාවන් වල පමණට වඩා අධික ලෙස ඇල්ගී සහ බැක්ටීරියා වර්ධනය වීම සිදු වෙනවා මේ බැක්ටීරියා සහ ඇල්ගී ඉතා විශාල ලෙස ඔක්සිජන් පරිභෝජනය කිරීම නිසා ජලයෙ දියවී ඇති ඔක්සිජන් ප්‍රමාණය පහත කිරීමට හේතුවක් වනු ඇත.


👉 ජලජ ශාක සහ ඔක්සිජන් මට්ටම අතර සම්බන්ධය


දිවා කාලයේදී ආලෝකය ඇති විට ඉතා විශාල වශයෙන් ජලජ ශාක ජලයට ඔක්සිජන් එකතු කිරීමක් සිදු වුණත් ආලෝකය නොමැති රාත්‍රී කාලයේ දී හෝ අලුයම් කාලයේ දී  ජලජ ශාක ජලයේ දියවී ඇති ඔක්සිජන් විශාල ලෙස පරිභෝජනය කරන නිසා මසුන්ට අවශ්‍ය ඔක්සිජන් අඩුවීමේ අවධානමක් පවතිනවා. ඒක නිසා පුළුවන් තරම් ටැංකිවලට ගස් දාන්න කියලා නම් කියන්න එපා 😁


👉කවුද වැඩිපුර ඔක්සිජන් පරිභෝජනය කරන්නේ


සමහර මසුන් වර්ග ඉතා විශාල ලෙස ජලයේ දිය වී ඇති ඔක්සිජන් පරිභෝජනය කරනවා. විශේෂයෙන්ම විශාල මසුන් කුඩා මසුන්ට සාපේක්ෂව විශාල ලෙස ඔක්සිජන් පරිභෝජනය කරනවා ඒ වගේම තමයි සෙමෙන් පිහිනන මාළුන්ට වඩා ජලයේ වේගයෙන් පිහිනන මසුන්මට විශාල ලෙස ඔක්සිජන් අවශ්‍ය කරනවා


😞කොහොමද නිවැරදි මට්ටමට ඔක්සිජන් ටැංකියේ නැහැ කියලා අදුරගන්නේ


ඔක්සිජන් අඩු වන අවස්ථාවලදී මසුන් ජලයේ මතුපිටට පැමිණිලා මුව විවර කරමින් ආශ්වාස කරන්න උත්සාහ ගන්නවා දකින්න පුළුවන් තවද මසුන් ඉක්මනින් ඉක්මනින් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම, ක්‍රියාශීලී බව අඩුවීම සහ කෑමට ඇති රුචිය අඩු වී යාම දකින්න පුළුවන්. හයිඩ්‍රජන් සල්ෆයිඩ් විෂ වීම නිසාත් මේ විදියේ හැසිරීම දකින්න පුළුවන් එම නිසා හරියාකාරව අවබෝධයෙන් වැඩ කරන්න.


😞 ජලයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉතා ඉහල ගියොත් මොකද වෙන්නෙ(hyperoxygenated)


අවධාරණයෙන්ම මතක තියාගන්න ඕන කාරණයක් තියනවා ටැංකියේ ඔක්සිජන් ප්‍රමාණය වැඩිවීමත් මසුන්ට ඉතා අහිතකරයි එමගින් මසුන්ට gas bubble disease රෝගය වැළඳීමට හේතුවක් වේවි. ඒ වගේම අධික ඔක්සිජන් සාන්ද්‍රණයක් තිබීම මාළු විශාල ලෙස ආතතියට පත් වෙනවා මෙහිදී කෝටිසෝල් නැමැති stress හෝමෝනය අධික ලෙස ශ්‍රාවය වීමෙන් මසුන් මරණයට පවා පත්විය හැකියි.


👉ඔක්සිජන් සහ ඖෂධ


සමහර ඖෂධ වල ඇති රසායනික ගුණය නිසා ජලයේ ඇති ඔක්සිජන් මට්ටම පහළ යාම සිදුවෙන්න පුළුවන්. එම නිසා එවැනි ඖෂධ යොදා ගන්නවා නම් උපදෙස් පත්‍රිකාවට අනුව යොදා ගැනීම වැදගත්. එවැනි අවස්ථාවල පිටතින් ඔක්සිජන් සැපයුමක් ලබා දීම අනිවාර්යයි.


👉 ලුණු මින් මැදුරු ජලයට එකතු කිරීම සහ ඔක්සිජන් මට්ටම අතර සම්බන්ධය


ජලයේ ලවණ ගතිය වැඩිවීමෙන් ජලයේ දිය වී ඇති ඔක්සිජන් සාන්ද්‍රණය පහල යෑමක් සිදු වෙනවා. එම නිසා ලුණු භාවිතා කිරීමේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි


🤲කොහොමද ටැංකියට ඔක්සිජන් එකතු කරන්නේ


👍ටැංකිය තුල ජලය අඛණ්ඩව ගලා යාමට සැලැස්වීම මගින් ටැංකියේ ජලය සෙලවීමට සැළැස්වීම හරහා බාහිර ඇති ඔක්සිජන් වාතය ටැංකියේ ජලය සමඟ මිශ්‍ර කිරීමට උදව්වක් වනු ඇත


👍යම්කිසි උස මට්ටමක සිට ටැංකියේ ජල ස්ථරයට වතුර වැටීමට සැලැස්වීමෙන් ජලයේ ඔක්සිජන් මිශ්‍ර කිරීමට උදව් වෙනවා


👍HBO filter,Air pump, spray bar,trickle filters. භාවිතය ගැන අපි කවුරුත් දන්න නිසා ඒ ගැන කියන්න යන්නෙ නැහැ


👍හදිසි අවස්ථාවන්වලදී ජලයේ උෂ්ණත්වය ඉහළ ගිය විට ඇතිවූ ඔක්සිජන් මදිකම මඟහරවා ගැනීමට අයිස් කැට බහාලන ලද බෑගයක් ටැංකිය තුළට දමීම තාවකාලික තරමක් සාර්ථක ක්‍රමයක්. උෂ්ණත්ව වෙනස්වීම් ක්ෂණිකව සිදු නොවන ලෙස මේ කළ යුතුයි එසේ නොමැති නම් මාළු විශාල ලෙස ආතතියට පත් වෙන්න හේතුවක් වේවි.


👍විශාල වතුර ප්‍රමාණයක් අලුතින් එකතු කිරීමෙන් ජලයේ දියවූ ඔක්සිජන් විශාල ප්‍රමාණයක් එකතු කිරීමට අවස්ථාව සැලසෙනවා.


👍විදුලිය විසන්ධි වූ අවස්ථාවලදී Battery air pump භාවිතා කිරීමත් සාර්ථක ක්‍රමවේදයක් ලෙස දකින්න පුළුවන්.


👍 කිසිම විටක විදුලිය විසන්ධි වූ අවස්ථාවක මසුන්ට ආහාර ලබාදීම සුදුසු නැහැ මේ අවස්ථාවේ දී පෙරහන් පද්ධතිය සහ ඔක්සිජන් සැපයීම දෙකම අඩාල වෙනවා. මෙවැනි අවස්ථාවල ප්‍රමාණවත් ඔක්සිජන් නොමැතිව ලබාගත් ආහාර ජීර්ණය කිරීමට මසුන්ට නොහැකි වී යනවා. එහෙමත් නැත්නම් මන්දගාමී වෙනවා. නැවත පෙරහන් පද්ධතිය සහ ඔක්සිජන් සැපයුම ක්‍රියාත්මක වූ පසු අවම වශයෙන් පැයක පමණ කාලයක්වත් ගත වූ පසු ආහාර ලබාදීම සුදුසුයි 


👍 ඔක්සිජන් මට්ටම පහළ යෑම සහ දුර්වල මසුන්


විශේෂයෙන්ම විදුලිය විසන්ධි වූ අවස්ථාවක ඔක්සිජන් සැපයුමක් ලබාදීමට නොහැකි වුනොත් ජලයේ දියවී ඇති ඔක්සිජන් පරිභෝජනයෙන් පසු දුර්වල වීමට පටන් ගන්නවා. විශේෂයෙන්ම රෝගී තත්ත්වයකින් පසුවන මසුන් සිටියහොත් ජලයෙ ඇති පරපෝෂිත සහ බැක්ටීරියා වර්ග සමග සටන් කිරීමට නොහැකි වෙනවා.


👍 air stone මිත්‍යාව


ටැංකියට air stone එකක් සවි කළ පමණින් අවශ්‍ය තරම් ඔක්සිජන් ලැබෙනවා කියලා නම් හිතන්න එපා මොකද air pump එකකින් කරන්නේ බාහිර වාතය ජලය තුල නිදහස් කිරීම පමණයි මේ නිදහස් කරන වාතය තුල ඔක්සිජන් පමණක් නොව අනෙකුත් වායු වර්ගත් තියෙනවා. air stone එකක් මගින් ජලය සෙලවීමකට සැලකීමකට ලක් වෙනවා මෙමඟින් බාහිර වාතය ජල ස්ථරය සමග ගැටීමට අවස්ථාව උදා කරමින් ජලය තුළට ඔක්සිජන් ලබා ගැනීම සිදුවෙනවා.


මේ කෙටි ලිපිය ඔයාලට වැදගත් උනා කියල හිතනවා ඔයාලා දන්න තවත් කරුණු තියෙනවා නම් comment කරන්න. ආපහු ඔක්සිජන් නොදී මාළු හුරු කරන්න නම් යන්න එපා. කිසිම ජීවියෙකුට එහෙම හුරු වෙන්න බෑ 😂

ස්වයං විවේචනය සඳහා.


 


ඔබගේ සුරතල් මත්ස්‍යයාගේ රෝගාබාධ ඇතිවීම සඳහා බලපාන එක් හේතුවක් වන්නේ වැරදි ආහාර රටාවක් පවත්වාගෙන යාමයි. සමහර කෙනකුට මේ රෝග සඳහා අත්දැකීමුත ඇති. බෙහෙත්වලින් අපි රෝග සුවපත් කරත්. නැවත නැවත මෙහෙම වෙන්නෙ ඇයි කියලා කවදාවත් හොයලා බැලුවද. නිෂ්පාදනය කරන සමාගමක් සඳහන්ව නැති ,ආරක්ෂිත ඇසුරුමක් නැති, කල් ඉකුත්වීමේ දිනයක් සඳහන්ව නැති කිලෝ ගානට විකුණනන ලාභදායී ගුණාත්මක බවෙන් අඩු බාල කෑම වර්ග දුන්නොත් පහත සඳහන් ප්‍රතිවිපාක වලට ඔබට මුහුණ දන්න සිදුවේවි!!( තොරතුරු ලබාගැනීම අන්තර්ජාලයෙන්)


1. විටමින් ඒ - අක්ෂි ආබාධ, ආහාර රුචිය නැතිවීම, වර්ධනය අඩුවීම, අභ්‍යන්තර මාංශ පේශි සහ වරල් රක්තපාතය (අභ්‍යන්තර රුධිර වහනය), රක්තහීනතාවය, බිංදු, දුර්වල වූ ඇඹරුම්.


2.විටමින් බී (සංකීර්ණ) - ආහාර රුචිය නැතිවීම, දුර්වල වර්ධනය, බිඳෙන සුළු රුධිර නාල, දුර්වල වර්ධනය, රක්තහීනතාවය, මාංශ පේශි නාස්තිය, කම්පනය, සමතුලිතතාවය නැතිවීම, වළාකුළු පිරි ඇස්, දුර්වල පෙනීම, අධික වර්ණක, වායුව හා ගිල් ආවරණ දැල්වීම.


3.විටමින් සී - ආහාර රුචිය නැතිවීම, අධික වර්ණක, අක්ෂි රක්තපාතය, විකෘති වූ කාටිලේජ හා කොඳු ඇට පෙළ (සාමාන්‍යයෙන් සිග්-සැග් හැඩයක් ලෙස පෙනේ.  රුධිර නාල.


4.විටමින් ඩී - දුර්වල වර්ධනය.


5.විටමින් ඊ - මාංශ පේශි නාස්තිය සහ දුර්වල වර්ධනය.


6.බයෝටින් - ආහාර රුචිය නැතිවීම, දුර්වල වර්ධනය, මාංශ පේශි නාස්තිය, කැළඹීම්, බඩවැල් තුවාල හා කැළඹීම්.


7.Choline - දුර්වල වර්ධනය, දුර්වල ආහාර පරිවර්තනය, අක්මාව, වකුගඩු සහ අක්මා රක්තපාතයේ මේද එකතු කිරීම.


8.ෆෝලික් අම්ලය - දුර්වල වර්ධනය, උදාසීන, බිඳෙනසුලු වරල්, අධික වර්ණක හා රක්තහීනතාවය.


9.ඉනොසිටෝල් - දුර්වල වර්ධනය, දුරස්ථ ආමාශය (බිංදු - ශරීර කුහරයේ තරල එකතු කිරීම), සමේ තුවාල සහ ආමාශය හිස් කිරීමේ කාලය වැඩි කිරීම.


10.නියාසින් - ආහාර රුචිය නැතිවීම, ගුද මාර්ගයේ තුවාල, මාංශ පේශි කැක්කුම, සමේ රක්තපාතය, සමේ තුවාල හා රක්තහීනතාවය.


අවවාදය - කෙතරම් මුදලක් වියදම් කරලා මාලු ගත්තත් වැඩක් නැහැ ඒ සතාට කන්න දෙන්න මුදල් වියදම් කරන්න ලෝබයි නම්. ලෙඩ රෝග ඇති වුණාට පස්සේ වියදම් කරන මුදල් ප්‍රමාණය බලනකොට ඒ සල්ලි පෝෂදායී ආහාර ලබා ගැනීමට වියදම් කරා නම් ඉහත සඳහන් දේවල් වළක්වන්න තිබුණා කියලා ඔබට හිතේවි.

සුරතලාට කන්න දෙනකොට මහත් වෙන්න ඉක්මනින් ලොකු වෙන්න පාට එන්න කෑම ගන්න එපා ඊට වඩා ගොඩක් පුළුල් පරාසයකින් හිතලා බලන්න. ඊට වඩා සෑහෙන්න අවශ්‍යතා ඔවුන්ට තියෙනවා කෑම කන එකේ අවශ්‍යතාවය ඒකයි. 😄👌

මාළු කෑම කන එක නවත්තලා.




 




සමහර වෙලාවට බොහෝ දෙනෙක් මැසිවිලි නගනවා මාළු කෑම කන එක නවත්තලා ඒ මොකද කියලා.ලෝකේ ජීවත් වෙන අපි කාටවත් හැමදාම එකම විදිහට කෑම කන්න බැහැ කෑම කන්න බැරි දවස් තියෙනවා ඒත් එක දිගට දවස් කිහිපයක් නොකා ඉන්නවා කියන්නේ ඒක අවධානයට ලක් විය යුතු අවස්ථාවක්. ඒකට අනිවාර්යන්ම හේතුවක් තියෙන්නම ඕන. අපි දැන් කෙටියෙන් කතා කරමු මොනවද මේ හේතු වෙන්න පුළුවන් අවස්ථා කියලා.


✍️වතුර අපිරිසිදුභාවය සහ රසායන ද්‍රව්‍ය


වතුරේ ගුණාත්මකබව කියන්නේ මූලික අවශ්‍යතා වලින් එකක්. මසුන්ගේ මලපහ ආහාරයට නොගත් කෑම විශාල වශයෙන් වතුරේ ගුණාත්මකභාවය පහළ දමන කාරණා වෙනවා. විශේෂයෙන්ම මසුන්ගෙ මුත්‍රා විශාල ලෙස ඇමෝනියා මට්ටම ඉහළ යෑමට හේතුවක්. ඒ වගේම ටැංකියේ ජලයේ ගුණාත්මක බව වැඩි කිරීමට අප යොදන රසායන ද්‍රව්‍ය මගින් ඉතා සුළු වශයෙන් හෝ මසුන් ආතතියට පත් වෙනවා ඒ වගේම මසුන්ගේ ලෙඩ රෝග සදහා භාවිතා කරන බෙහෙත් වර්ග වලිනුත් මසුන් අනිවාර්යෙන්ම ආතතියට පත් වෙනවා. මේ වගේ අවස්ථාවල මසුන්ම කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනවා.

😂 නිකමට සිතන්න ඔයාට පිරිසිදු වාතාශ්‍රය නැති දුර්ගන්ධයක් සහිත කුඩා කාමරයක කෑම ගන්න පුළුවන්ද ඒ හැඟීමම තමයි මම මේ විස්තර කරලා තියෙන්නේ.

👌 ඉතින් බොහොම සරලයි බෙහෙත් වලට වියදම් ගන්නවට වඩා හොඳයි පොඩි ගානක් වියදම් කරලා ෆිල්ටරේ හරියට හදාගන්න හරියට වෙලාවට වතුර මාරු කරලා නඩත්තු කටයුතු කරන්න. ඇන්ටි ක්ලෝරීන් එකක් වෝටර් කන්ඩිෂනර් පාවිච්චි කරන්නම ඕන කියලා නීතියක් නැහැනේ මේ දේවල් හැකි සෑම විටම ස්වභාවික ක්‍රමයට හරිගස්ස ගන්න පුළුවන්. බෙහෙත් පාවිච්චි කරන වෙලාවට අනිත් මාළු ගැන හිතලා භාවිතයට ගන්න.


✍️නිවැරදි කෑම නිවැරදි මාළුවාට නොදීම

ශාක භක්ෂක, මාංශ භක්ෂක, සර්ව භක්ෂක කියලා මසුන් කොටස් තුනක් ඉන්නවා කියන අපි හැමෝම දන්නවා. ඉතිං ඒ විවිධ වූ මාළු වර්ග වල මසුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස හදපු කෑම වර්ග අද වෙළඳපොලේ ඕනතරම් ගන්න තියෙනවා. මීට අමතරව අපට ස්වභාවිකවත්  කෑම  ගැලපෙන විදියට දෙන්න පුළුවන්. මාංශ භක්ෂක මසුන්ගේ පෝෂණ අවශ්‍යතා ශාක භක්ෂක මසුන් ගේ පෝෂණ අවශ්‍යතාවන්ට වඩා හාත්පසින්ම වෙනස්.ඉතින් නිවැරදි කෑම නොලැබුණොත් කොහොමත් මාලු කෑම කන එක ප්‍රතික්ෂේප කරනවා. අකමැත්තෙන් හරි කෑවත් මාලුවා මන්දපෝෂණය නිසා කාලයක් යද්දි දුර්වල වෙනවා.

😂 නිකමට හිතන්නකෝ ඔයා කවදාවත් කන්න අකමැති කෑම විතරක්ම ඔයාට කන ලැබුණොත් ඔයාට මොකද හිතෙන්නේ කියල.

👌 මාළු වර්ග කිහිපයක් එක ටැංකියක ඇති කරනවානම් ආහාර දීම අතින් ගැලපෙන මාළු විතරක් යොදා ගැනීම මේ තත්ත්වය මඟ හරවා ගන්න උදව්වක් වේවි.


✍️ජලයේ උෂ්ණත්වය අවශ්‍ය මට්ටමේ නොතිබීම සහ ජල පරාමිතීන් අනවශ්‍ය ලෙස වෙනස් කිරීම.

ශීත පරිසරයක ජීවත් වෙන මසුන් සහ උණුසුම් පරිසරයක ජීවත් වන මසුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඉන්නවා. නිවැරදි උෂ්ණත්වය ඒ මසුන්ගේ ආහාර දිරවීමට සහ ආතතිය අවම වීමට හේතුවක්. මේ වගේ අවස්ථාවන්වලදී මසුන් කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනවා.

😂 කට්ට අව්වේ පිට්ටනියක් මැද වාඩි කරල කෑම කන්න කිව්වම දාඩිය පෙරාගෙන අපිට කෑම කන්න පුලුවන්ද ඒ වගේ තමයි.


1.උෂ්ණත්වයන් පහළ යාම 

මිනිසුන්ට වගේ මසුන්  තමන්ගේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය නියාමනය කරන්න බැහැ. උෂ්ණත්වය පහළ යාම මසුන්ට ඉතා පීඩාකාරී තත්ත්වයක් ගෙන දෙනවා.මේ වගේ අවස්ථාවන් වල මාළු ඉතා උදාසීන ලෙස ටැංකියේ කොනකට වෙලා ඉන්නවා දකින්න පුළුවන්.


2.උෂ්ණත්වය ඉහළ යාම

ජලයේ උෂ්ණත්වය ඉහළ යෑමෙන් ජලයේ දියවූ ඔක්ෂිජන් මට්ටම පහළ යනවා. ඉන්පස්සේ සිදු වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ශ්වසනය කිරීමේ සංකූලතා ඇතිවීම නිසා ආතතියට පත්වන මාළුවා කිසිසේත්ම ආහාර ගන්නේ නෑ වගේම ආහාරයට ගත් කොටස් ජීරණය කිරීමටත් අපහසු වෙනවා.


3.විශේෂයෙන්ම ph අගයේ විශාල වෙනස්කම් බොහෝ මසුන්ට දරාගන්න අමාරුයි. බොහෝ විට මෙය මසුන් මිය යෑමට පවා හේතුවක් වෙනවා. මේ වගේ අවස්ථාවක් ඇති වුනොත් මසුන්ට ඒකට හැඩගැහෙන්න මසුන්ට කාලයක් ගත වෙන්න පුළුවන් ඒක හරියට ෂොක් එකක් වගේ. මේවගේ අවස්ථාවලදී මසුන් ආහාර ගැනීම අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.


✍️නින්ද සහ ආතතිය

අනිත් සතුන් වගේම මත්ස්‍යයනුත් නිදාගන්නවා මේ විවේකය නොලැබෙන කොට ස්වභාවිකම ඕනම කෙනෙක් ආතතියට පත් වෙනවා. ආතතිය කියන්නේ විශාල මාතෘකාවක් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ඒ පිළිබඳ ලියූ පෙර ලිපිය කියවන්න. මේ වගේ අවස්ථාවලදී මසුන් කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනවා.

😂 කෙනෙක් කිව්වොත් පාර මැද්දෙ නිදාගන්න කියලා අපිට කවදාවත් ඒක කරන්න බැහැ අන්න ඒ වගේ තමයි.

👌 ආතතියට පත්වන සියළුම කාරණා මැනවින් නිරීක්ෂණය කරලා ඒ සඳහා ටැංකිය සිදුවිය යුතු වෙනස්කම් සිදු කරන්න ඕන.


✍️ලෙඩ රෝග, බෝවන, බෝනොවන viruses, bacteria, protozoa, worms, crustacea, fungi 


පොදුවේ ගත්තොත් බැක්ටීරියා හෝ පරපෝෂිත ආසාදන සතුන්ට වැලඳෙන්න පුළුවන්. ආසාදිත බොහෝ මසුන් ආහාර ගැනීම අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මේක බෝවන රෝග තත්ත්වයක් නම් white spot disease, fish lice)  ඉක්මනින් ඒ සඳහා ප්‍රතිකර්ම සඳහා ක්‍රියාත්මක විය යුතුයි.


✍️ආහාරයට නොගත් කෑම කොටස්


මේක බොහෝ විට සිදු වන්නේ අනවශ්‍ය ලෙස කෑම ලබා දීම නිසා. මිනිස්සු තේරුම් ගන්න ඇති දෙයක් තමයි අපි මසුන්ට ලබා දෙන්නේ ඉතා පෝෂණයක් සහිත ආහාර නම් උවමනාවට වඩා ලබා දීම තේරුමක් නැහැ. මොකද අවශ්‍ය ප්‍රමාණය ශරීරයට උරාගෙන ඉතිරි ප්‍රමාණය මළ ද්‍රව්‍ය විදියට බැහැර වන නිසා. ඊට අමතරව කාපු නැති කෑම ටැංකියේ හැම තැනම තියෙනවා කියන්නේ ඇමෝනියා මට්ටම ඉහළ ගිහින් වතුර සවුත්තු වෙනවා කියන එක හොඳ ෆිල්ටරයක් තිබ්බත් සමහර වෙලාවට මේ තත්ත්වය පාලනය කරන්න බැරි වෙන්න පුළුවන්.අන්තිමට ලෙඩ රෝග බැක්ටීරියා ආසාදන වලට ගොදුරු වෙනවා. ආහාරයට නොගත් කෑම කොටස් ටැංකිය පතුලේ සහ ජල ස්ථරයේ පාවෙමින් තිබීම මසුන්ට ආහාර ගැනීමට ඇති විශ්වාසය නැතිවෙලා යනවා.මේ වගේ අවස්ථාවන් එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන්නෙ.මේ තත්ත්වයන් වළක්වා ගත්තොත් මසුන් කෑම නොකා ඉන්න එකක් නැහැ .


✍️ පැටවුන් බිහිකිරීමට ආසන්න කාලයේදී

 

මේ අවස්ථාවේදීත් ගැහැනු පිරිමි සතුන් දෙදෙනාම ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.විශේෂයෙන්ම පළමු වර පැටව් බිහි කරන අවස්ථාවේදී. මේ සුවිශේෂී අවස්ථාවන්හිදී මසුන් වැඩිපුර ආතතියට පත් වෙනවා වගේම ඔවුන් වැඩිපුර වෙහෙසෙන්නේ පැටවුන්ගේ ආරක්ෂාව සඳහායි. මේ සඳහා අපිට ඔවුන්ගේ ආරක්ෂාව තහවරු වන ලෙස ටැංකිය setup කරල දෙන එක තමයි කරන්න පුළුවන්. හැබැයි මේක පැටව් බිහි කරන්න කාලෙකට කලින් කරල තියන්න ඕන.ටැංකිය තුළ සිදු කරන හදිසි වෙනස් කිරීම් මසුන්ගේ ආහාර ගැනීම තාවකාලිකව අත්හිටුවීමට හේතුවක් වෙනවා.


✍️ ලිංගිකව එක් වීමට සහකරුවෙක් සොයා ගන්නා අවස්ථාවේදී


මේ කාලයේ මසුන්ගේ මානසික සහ ශාරීරික තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. ඔවුන්ට ආහාර ගැනීමට වඩා සහකරුවන් සොයාගනීම සහ ආරක්ෂා කිරීම වගේ දේවල් වලට මූලිකත්වය දෙනවා.මේ සමයේදී ආහාර ගැනීම බොහෝවිට මග අරිනවා. මේ අවස්ථාවේදී අනවශ්‍ය ලෙස අපි කෑම ලබා දීමට උත්සහ කිරීම ඔවුන්ට කරන අනවශ්‍ය බලපෑමක් වෙනවා වගේම කෑම ගැනීම තව කාලයක් යනකන් ප්‍රමාද වෙන්නත් පුළුවන්.


✍️ ටැංකියේ සිටින අනෙකුත් මසුන් සහ ටැංකියේ සෙට් අප් එක වෙනස් වීම


සමහර මසුන් ටැංකියේ පොඩි පොඩි වෙනස්කම් කිරීමෙන් පස්සේ කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනවා.(අලුත් පැළයක්, කොටයක්, වැලි ටිකක්)


සමහර වෙලාවට අනෙක් මසුන්ට ඇති බය නිසා සහ සැඟවී සිටීමට ආරක්ෂිත තැන් නැති කම නිසා මසුන් කෑම ගැනීම ප්‍රතික්ෂේප කරනවා අපිට දකින්න පුළුවන්.


🆗🆒 සාමාන්‍යෙන් ආහාර නොගැනීමට හේතුව හිතාගන්න බැහැ වගේ අවස්ථාවල පොඩි පොඩි ගොඩ වෙදකම් ටිකක් කරල බලන්න පුළුවන්


*10-20% පොඩි වෝල්ටර් චේන්ජ් එකක් දීම

*micanical filteration එක පිරිසිදු කිරීම

*deworming කරල නැත්නම් කරන්න පුළුවන්

*live feed කරල බලන්න පුළුවන් (Oreochromis niloticus) කාණ්ඩයට අයත් මසුන් ඉතා යෝග්‍ය බව පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා.

*‍ අවශ්‍යතාවය අනුව සුදුසු ලෙස ජලයේ උෂ්ණත්වය ඉහළ දැමීම සහ හොඳ ඔක්සිජන් සැපයුමක් ලබා දීම.

*ආහාර ගැනීම පටන් ගත්තා නම් garlic gard එකක් පාවිච්චි කරලා ආහාර රුචිය වැඩි කරන්න පුළුවන්.


මේ ලිපියේ මගහැරුනු කරුණු තියෙන්න පුළුවන් ඔයාලගේ අත්දැකීම් comment section එකට එකතු කරන්න එතකොට පුළුවන්  ඔබ එකතු කළ ඒ කරුණුත් මේ ලිපියට එකතු කරන්න. ස්තුතියි!!!

හරක් මස් වල පෝෂණ ගුණ සහ අගුණ.


 


1. විටමින් ඒ - සෛලීය වර්ධනය වේගවත් කරයි


2. විටමින් බී 


  B2- එන්සයිම නියාමනය කරයි


  B6- එන්සයිම පද්ධති සහ ප්‍රෝටීන වල වැදගත් කාර්යභාරයක් ඉටු කරයි


පරිවෘත්තීය


  B9- ආහාර ශක්තිය බවට පරිවර්තනය කිරීමට ශරීරයට උදව් කරන්න


  බී 12- එන්සයිම පද්ධති, කොලෙස්ටරෝල් පරිවෘත්තීය ඉහළ නංවයි( monster කාණ්ඩයේ මසුන්ට අහිතකරයි)


3. විටමින් ඩී - ශක්තිමත් අස්ථි සඳහා කැල්සියම් අවශෝෂණය කර ගැනීමට උපකාරී වේ


4. විටමින් E- ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වයට සහාය වන අතර හෘද රෝග හා පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරයි


5. විටමින් K- අස්ථි සෞඛ්‍යය සහ තුවාල සුව කිරීම


6. තඹ-නිරෝගී අස්ථි, ශරීරයට රතු රුධිර සෛල සෑදීමට හැකියාව ලබා දෙයි, නිරෝගී රුධිර නාල, ස්නායු හා ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට උපකාරී වේ, යකඩ අවශෝෂණයට දායක වේ. හෘද රෝග හා ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීමට උපකාරී වේ


7 යකඩ -රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ප්‍රෝටීනයක් වන හිමොග්ලොබින් නිසි ලෙස ක්‍රියා කිරීමට යකඩ අත්‍යවශ්‍ය වේ


8. මැග්නීසියම් - මාංශ පේශි හා ස්නායු ක්‍රියාකාරිත්වය නියාමනය කිරීම, රුධිරයේ සීනි මට්ටම සහ රුධිර පීඩනය පාලනය කිරීම සහ ප්‍රෝටීන්, අස්ථි සහ ඩීඑන්ඒ සෑදීම


9. පොස්පරස් - නිරෝගී අස්ථි සහ දත්, වර්ධනයට සහාය වන අතර ශක්තිය ගබඩා කිරීම හා භාවිතය සමඟ සම්බන්ධ වේ


10. සෙලේනියම්- ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෞඛ්‍යයට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.  ප්‍රතිඔක්සිකාරකයක් වන ඔක්සිකාරක ආතතිය අඩු කිරීමට උපකාරී වන අතර එය ශක්තිය දහනය අඩු කරන අතර ප්‍රතිශක්තිය වැඩි කරයි.


11. සින්ක් - සෞඛ්‍ය සම්පන්න ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සඳහා අවශ්‍ය වේ


විලෝපික මසුන්ට ඉහළ ප්‍රෝටීන් ආහාරයක් අවශ්‍ය වේ. නමුත් හරක් හදවතේ මෙම ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගනී. සාමාන්‍යයෙන් monster‍ මත්ස්යයකුට අපි කන්න දෙන ආහාරයේ ප්‍රෝටීන් අවම වශයෙන් 28% සහ උපරිම  45% තිබීම යෝග්‍ය යයි පරීක්ෂකයන් පවසයි. ඒ අතර ලිපිඩ 7% සිට 15% දක්වා, තන්තු ඔවුන්ට උපරිම වශයෙන් 2 සිට උපරිම 4% පමණ දක්වා අවශ්‍ය වේ.  තන්තු බහුල ආහාර ජීර්ණය කිරීම සඳහා දිගු බඩවැල් ඇති සර්ව භක්‍ෂකයන් හා ශාකභක්‍ෂකයන් මසුන්ට හැකියාවක් පවතින නමුත් මාංශ භක්‍ෂක මසුන්ට එසේ තන්තු හොඳින් ජීර්ණය කළ නොහැක. විලෝපික මසුන්ට කෙටි බඩවැල් සහිත විශාල බඩක් ඇති අතර ඒවා විශාල ගොදුරු ජීර්ණය කර තබා ගැනීමට ස්වභාවධර්මයෙන් සැලසුම් කර ඇත.


විනෝදාංශයක් ලෙස විලෝපික මසුන් ඇතිකරන්නන් අතර හරක් මස් හා කුකුල් මස් ආහාරයට දීම ජනප්‍රිය වුණත් එය නිරන්තරයෙන් ලබා දීම ඉතා හානිකර බව දැනගත යුතුය. මොකද මේ සතුන්ගේ ශරීරයේ ඝන ලිපිඩ ජීරණය කිරීමට අවශ්‍ය එන්සයිම ප්‍රමාණවත් නැති නිසා. ඉඳහිට වෙනසක් ( සංග්‍රහයක් ) සඳහා උපරිම මසකට  තුන් වරක් හෝ 4 වරක්  සුළු වශයෙන්ද දීම නුවණට හුරුයි හරක් මස් වල මේදය සහ ඇමයිනෝ අම්ල විශාල ප්‍රමාණයක් තිබෙන නිසා ඒවා ආහාර වලට දීමේදී කල්පනාකාරි විය යුතුමයි. ඒවා මසුන්ගේ අවශ්‍යතාවයට වඩා ඉක්මවා යන්නක්. මෙහිදී මසුන්ගෙ ඇඟේ මේදය උවමනාවට වඩා තැන්පත් වී මෙයින් ඌට විවිධ සංකූලතා ඇතිවි ජීවිත කාලය කෙටි වීමට හේතු වේවි. හරක් මස් කුකුළු මස් වැනි දෑ දීමේදී මේ ගැන දෙවරක් සිතනවා නම් හොඳයි.

 

අත්‍යවශ්‍ය ප්‍රෝටීන්,විටමින් ඛනිජ සියලුම මසුන් වර්ග වලට අවශ්‍ය බව බොහෝ දෙනා දැන සිටියත් අපි  ආහාරයට දෙන ආහාරවල මේවා අඩංගු දැයි තවමත් විනෝදඅංශයේ සිටින බහුතරයක් සැලකිල්ලට නොගන්නා කාරණයක්. නැවුම් හාල්මැස්සන් සාලයන් වැනි කුඩා මසුන්ගේ කැල්සියම් ප්‍රමාණය සැලකීය යුතු ප්‍රමාණයකින් ඉහල අගයක පැවතින නමුත් ප්‍රෝටීන් අගය හරක්  හදවතට සාපේක්ෂව පහල අගයක් ගනී. මේ සඳහා මාළු වර්ග කිහිපයක් විටින් විට වෙනස් කරමින්ම කෑමට දීමෙන් protein අවශ්‍යතා සහ සියලුම විටමින් අවශ්‍යතා සම්පූර්ණ කළ හැක. කෙසේ වෙතත් කුඩා මසුන් කෑමට දීම ඉතා යෝග්‍ය වේ. සම්පූර්ණ මත්ස්‍යයාගේ කොටස් කෑමට දීම ඉහළ මට්ටමක පෝෂණයක් ලබා දීමට හේතුවේ. කටු කොරපොතුු ඇස් ඉතා පෝෂදායී වෙයි. මෙමගින් අත්‍යවශ්‍ය කැල්සියම් mineral අවශ්‍යතා සපුරාලිය හැකි. නමුත් ඒවා ජිරණය කළ හැකි ප්‍රමාණයේ මසුන්ට පමණක් ආහාරයට දීම සුදුසුයි.නැවත නැවතත් අවධාරණය කරන්න තියෙන්නේ නැවුම්ම ලබාගත් කුඩා මසුන් සහ ඉස්තරම්  pallet වර්ගයක් තරම් අනිත් කිසිවක් ප්‍රධාන ආහාර ලෙස නොගත යුතු බවයි. නිසිි වෙලාවට වතුර මාරුකරමින් ජලයේ ගුණාත්මක භාවය රැක ගැනීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක් අප පාවිච්චි කරන නළ ජලයේ  දිිය වී ඇති  මසුන්ට අත්‍යවශ්‍ය ඛනිජ වන කැල්සියම්, මැග්නීසියම් වැනි ඛනිජ වර්ග රාශියක් අඩංගු වේ. මේවා ආහාර ජීරණය ඉක්මන් කිරීමට උදවු කරයි. එම නිසා හොඳ තත්ත්වයෙන් වතුර කළමනාකරණය කිරීමට වගබලා ගත යුතුමයි.


වෙනදා වගේම මේක කියවන අයගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ මාතෘකාවට අදාළව ඔයාලා දන්න දේවලුත් comments section එකේ ලියන්න කියන්න ඒක සමූහයේ ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි. ස්තුතියි!!!

LIVE FEEDING


 



live feeding මේක ටිකක් කතාකරන්න සංවේදී මාතෘකාවක්. මේ ලිපියෙන් කිසිම ආකාරයකට පණ පිටින් සතුන් ආහාරයට දීමට දිරිගැන්වීමක් කිරීමට අදහසක් නැත.තමා අදහන ආගමට හෝ දර්ශනයට අනුව කළ යුතුදේ නොකළ යුතු දෙය ඔබ තීරණය කරන්න.


ලංකාවේ දැන් දැන් ජනප්‍රිය වෙමින් තිබෙන live feeding කියන දේ ලෝකයේ monster වර්ගයේ මසුන් හදන අය අතර ඉතා ජනප්‍රියයි. මේක විවිධාකාරයෙන් කරන්න පුළුවන්


ස්වභාවික පරිසරයෙන් අල්ලාගත් සතුන්- 


මාළු වර්ග, කෘමි වර්ග , පණුවන් වර්ග, ගෙම්බන් වර්ග, හූනන් වැනි සතුන් යන ආදී විශාල පරාසයක විහිද යන සතුන් අපි ඇති කරන විලෝපිකයන්ට කන්න දෙන්න පුළුවන්.


බෝ කිරීම මගින් - 


මේ ක්‍රමයක් ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධයි. තිලාපි, මොලී, ගෝල්ඩ් ෆිෂ්, සික්ලිඩ්, ගප්පි, කාප්, යනාදී වශයෙන් වර්ග ගණනාවක් ලංකාවේ අය පාවිච්චි කරනවා.ලෝකයේ තය ගත්තොත් මීට වඩා විශාල වර්ග ගණනාවක් විලෝපිකයන්ට කන්න දෙන්න යොදාගන්නවා


🙏මේ පිළිබඳ විවිධ පුද්ගලයන්ගේ මත විවිධයි. හැමෝටම හරියන විදියට මමත් ඇඟ බේරගෙන මේක කෙටියෙන් ලියන්නම්


වාසි😊


1. ටැංකියට අලුතෙන් මාලුවෙක් හඳුන්වල දුන්නට පස්සේ සමහර මාළු පැය කීපයකින් සමහර මාළු සති කිහිපයකින් කෑම ගැනීම කරනවා.සමහර මාළු දිගින් දිගටම මේක ප්‍රතික්ෂේප කරනවා අන්න ඒ වගේ අවස්ථාවලදී සුරතල් මත්සයා නොමැරී ජීවත් කරන්න live feeding technique පාවිච්චි කරන්න පුළුවන්.


2. සමහර මාළුන්ට ඉතාවිශාල වශයෙන් පෝෂණ අවශ්‍යතා තියෙනවා සමහර මාළුන්ට විශේෂ පෝෂණ අවශ්‍යතා තියෙනවා, ඒ වගේ අවස්ථා වලදී මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්.


3. සමහර මාළු වර්ග ගෘහස්ථ මින් මැදුරු වල කොටු වුණම ඔවුන්ගේ ක්‍රියාකාරකම් බොහෝදුරට අඩු වෙලා යනවා. කොටින්ම කිව්වොත් ව්‍යායාම නැතිවෙලා මාළුවා දුර්වල වෙන්න පුළුවන්. මේ ක්‍රමය පාවිච්චි කරාම ගොදුරු අල්ලගන්න හඹා යෑමක් අනිවාර්යෙන් කරන්න වෙනවා. ඔවුන්ට ව්‍යායාමයක් ලබා දීම මෙමඟින් කරන්න පුළුවන්.


4. වෙළඳපොළෙන් මිලදී ගන්නා මසුන් ශීතකරණයේ දින ගණන් තබාගෙන කන්න දෙන මසුන්ට වඩා සජීවී මාළුවකු කෑමට දීම මගින් ඉහළ පෝෂණයක් සුරතල් මසුන්ට ලබා දෙන්න පුළුවන්.


5. Pellet කන්න දෙනකොට ටැංකියේ වතුර අවපැහැ ගැන්වීම ඉක්මනින් සිදු වෙනවා ඒ තත්ත්වය මගහරවා ගන්න ඉහත ක්‍රමය භාවිතා කරන්න පුළුවන්.


6.කෑම අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලබාදීමට උදව්වක් වෙනවා කියලා අහලා තියෙනවා. මොකද හේතුවක් නැතුව දඩයමක් නොකරන නිසා.


අවාසි🙃


1. අහිතකර බැක්ටීරියා , පරපෝෂිතයින් , විෂ ද්‍රව්‍ය අපි කෑමට දෙන්න සතුන්ගේ ඇඟේ තියෙන්න පුළුවන්. නිවැරදි ක්‍රමයට නිරෝධායන නොකර දීම අන්තරාදායක වේවි.


2. නිරෝධායන වැඩපිළිවෙළ සඳහා වැඩි කාලයක් ශ්‍රමයක් වැය කරන්න සිද්ධ වෙනවා.


3. දීර්ඝ කාලයක් තියාගෙන ඉන්න බැහැ මොකද කන්න දෙන ඇතිකරන සජීවි මාළු ලොකු වෙද්දි අපි කන්න දෙන විලෝපිකයන්ට අල්ලගන්න පුළුවන් ප්‍රමාණයේ සතුන් පමණක් කන්න දිය යුතුයි.


5. කෑමට දෙන්න මේ සජීවි මාළු විවිධ වර්ග  වලින් පාවිච්චි කරන්න සිදුවෙනවා. මොකද එකම වර්ගයේ මසුන් කෑමට දීමෙන් විවිධ පෝෂණ ඌණතා ඇති වෙන්න පුළුවන්. (කෑමට දීමට යොදා ගන්නා මාළුන්ගේ පෝෂණ මට්ටම් විවිධ නිසා.)


6 නිරෝධායන සඳහා යොමු කිරීමෙන් පසු විවිධ හේතු නිසා එකවර මේ මසුන් මිය යෑමට වුණත් පුළුවන්. එමගින් ඔබගේ මුදල් සහ ශ්‍රමය අපතේ යෑම සිදු වෙන්න පුළුවන්.


💣සැලකිය යුතුයි -


නිරෝධායනය කරන මසුන් සති 2 සිට සති 6 අතර කාලයක් සිදු කිරීම යෝග්‍ය වේ. මේ නිරෝධායන කාලය තුළදී මෙම මසුන්ට ඉතා හොඳ පෝෂණයක් ලබා , ඉතා පිරිසිදු ජලය ලබාදීම අනිවාර්ය වේ.


මේ මසුන් විලෝපිකයන්ට කන්නට දෙන්න විනාඩි 45කට පෙර ඉතා හොඳ ගුණාත්මක ආහාර වේලක් ලබාදීම හෝ ආහාර පිණිස විලෝපිකයන්ට ලබාදීමට මොහොතකට පෙර විටමින් වර්ග ඉන්නත් කොට කෑමට දීම උසස් ප්‍රතිඵල ළඟාකර හැකි බව පරීක්ෂණවලින් ඔප්පු කරලා තියෙනවා. 


කැරපොත්තන් වැනි සතුන් දින තුනක් නිරෝධායනය කොට කන්න දෙන්න කියලා මතයක් තියෙනවා. මේ වගේ අනිත් හැම සතුන් වර්ගයක්ම නිරෝධායනය කරලා කිසිම රෝගයක් නැති බවට ස්ථිර කර ගත්තට පස්සේ තමයි කන්න දෙන්න සුදුසු. ස්වභාවිකව මැරුණු සතෙකු හෝ කෘමිනාශක යොදා මරණයට පත්කළ සතුන් කිසිවිටෙකත් කෑමට දීම නොකළ යුතුයි.


👌High end brand pellets වර්ග කන්න දෙනකොට මසුන්ට අවශ්‍ය කරන සියලුම පෝෂණ කොටස් අඩංගු කරලයි හදලා තියෙන්නේ. Pellet වගේ දේවල් කන්න දෙනකොට සෞඛ්‍ය සම්පන්න ලෙඩ රෝග අවධානම් අඩු මාලුවෙක් අපිට ඉතිරි වේවි.


👉live feeding ගැන එක්ස්පීරියන්ස් කරල තියන අය මීට වඩා බොහෝ කරුණු දන්නවා ඇති එම නිසා කියවන ඔයාලට ආදරයෙන් ඉල්ලා සිටිනවා තමන් දන්න කරුණු comments section එකේ ලියන්න කියලා. කෙසේ වෙතත් සතෙකුගේ ජීවිතයක් තව කෙනෙකුගේ ගොදුරක් බවට පත්කිරීමට පෙර ඒ ගැන නැවත නැවත සිතා බලන්න. ස්තුතියි!!

විටමින් b1






මේ ලිපියෙන් කියන්න යන්නේ අපි ඇති කරන සුරතල් මාළුන්ට කොහොමද විටමින් b1 ඌනතාවය බලපාන්නෙ කියල විතරයි. මොකද මිනිසුන්ට සහ සතුන්ට මෙහි බලපෑම වෙනස් වෙන්න පුළුවන්.


ඔබ කවදා හෝ අසා තිබෙනවාද තයමිනේස් පිළිබඳ(ශබ්ද කළා හරිද මන්ද😁.Thiaminase)තයමිනේස් කියන්නේ එන්සයිමයක්. අපි කන්න දෙන බොහෝ මාළුන්ගේ මේ එන්සයිමය සුළු වශයෙන් හෝ අන්තර්ගතයි. සමහර අපි මාළුන්ට කන්න දෙන මාළු වර්ග වල මේ එන්සයිම ඉතා වැඩි. ඉතින් මේ එන්සයිම වැඩි මාලු අපි ඇති කරන සුරතල් මසුන්ට දීර්ඝකාලීනව කන්න දුන්නොත් ඉතාම භයානක රෝග තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්.මේක සිද්ධ වෙන්නේ මේ එන්සයිමය වැඩිපුර ඇඟට ඇතුළු වුණාම විටමින් B1 අවශෝෂණය අඩු කරනවා හෝ නැති කරනවා. එමඟින් තමයි විටමින් B1 ඌණතාවය ඇති වෙන්නේ. විශේෂයෙන්ම මේ තයමිනේස් එන්සයිමය ගෝල්ෆිෂ්, කාප් , ඉස්සන්, මෝලි සහ බොහොමයක් රතු මස් සහිත මසුන් ළඟ තියෙනවා කියලා සඳහන් වෙනවා.


👉ගොඩක් අය live feed කරන්න මේ කාප් වර්ග ගෝල්ෆිෂ් මසුන් මෝලි මසුන් යොදා ගන්නවා.


තව ප්‍රධානම කාරණයක් තමයි ශීතකරණයේ දින ගණනාවක් තියාගෙන ආහාර මාළුන්ට කන්න දෙන එක. ශීතකරණයේ දින තුනකට වඩා තියෙනකොට vitamin b1 විනාශ වෙන්න පටන් ගන්නවා වගේම තයමිනේස් එනිසයිමය ඉහළ යනවා. එතකොට අපි නොදැනුවත්ව හෝ අපගේ සුරතලුන්ට කන්න දෙන්නේ මේ තයමිනේස් එනිසයිමය  ඉතා ඉහළ කෑම. නමුත් ශීතකරණයක් තුළ දින දෙකක් පමණ තැන්පත් කර කෑමට දීම හොඳ දෙයක් විදියට දකින්න පුළුවන් මොකද බොහෝ අහිතකර බැක්ටීරියා වර්ග මේ වගේ ඉහල සීතලක දී මිය යනවා.


🙏🙏🙏(කාටහරි පුළුවන්නම් මේ තයමිනේස් එන්සයිම බහූලව අඩංගු ලංකාවේ අපි සුරතල් මසුන්ට පරිභෝජනයට දෙන මාළු වර්ග මොනවද කියල අධ්‍යයනයක් කරලා සමූහයට කියන්න කියලා විවෘත ආරාධනාවක් කරන්න කැමැතියි.හැමෝටම ප්‍රයෝජනවත් වේවි)


කෙනෙක් කියන්න පුළුවන් අපි මෙච්චර කාලයක් ඉඳලා ඉහත සඳහන් කරපු දේවල් කන්න දෙනවා කියලා හොඳයි මට කියන්න තියෙන්නෙ රෝග ලක්ෂණ හෝ රෝගය වැලඳෙන්න කාලයක් ගත වෙන්න පුළුවන්. විටමින් ඌනතාවයන් වල ප්‍රතිඵල කෙටිකාලීනව හෝ දිගු කාලීනව ලැබෙන්න පුළුවන්. මේකෙන් අපේ සුරතල් මසුන්ට මොනවද වෙන්න පුළුවන් හානිය - මාංශපේශී සංනිවේදනය නැතිව යාම, වර්ධනය හීන වීම, ස්නායු දුර්වල වීම, ප්‍රතිශක්තිය අඩුවීම, කාබෝහයිඩ්‍රේට් තුළින් ශක්තිය උත්පාදනය අඩුවීම, ක්‍රියාකාරකම් අඩුවීම, ආහාර අරුචිය අඩුවීම, ආහාර ජීරණ හැකියාව අඩුවීම, අලුත් පටක නිෂ්පාදනය නොවීම වැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. 


මේ ප්‍රශ්නය බොහෝදුරට අවම කර ගන්න පුළුවන් කොහොමද 👇


*නිරෝධායන කරන ලද තිලාපි මසුන් වැනි ගුණාත්මක මසුන් කන්න දීම


*ශීතකරණය තුළ දින තුනකට වඩා තබා නොගත් ආහාර ලබාදීම

 

*විටමින් b1 මස් වලට එකතු කර කන්නට දීම(ලංකාවේ මෙම ක්‍රමය කිහිපදෙනෙකු විසින් සිදුකරන බව අසා තිබුණත් මෙය සමහර රටවල ඉතා සාර්ථකව කරගෙන යනවා)


*ඉතා උසස් තත්වයේ pellets වර්ග ලබාදීම 


*කකුළුවන් වැනි කටුවක් සහිත හෝ කටුවක් තුළ ජීවත් වන සතුන්ගේ මස් කොටස් සුරතල් මසුන්ගේ පරිභෝජනයට නොදීම


*ආහාර විවිධාකාර වර්ගවලින් ලබාදීම


* සමහර අය පුරුදුවෙලා ඉන්නවා කැරපොත්තන් පණුවන්, හූනන්, මීයන් විවිධ වර්ග වල කුරුමිණි සතුන් සුරතල් මසුන්ගේ පරිභෝජනයට දීම. මෙහිදී අප සැලකිලිමත් වෙන්න ඕන කාරණා දෙකක් තියෙනවා එකක් තමයි ස්වභාවිකව මිය ගොස් සිටි සතෙකු පරිභෝජනයට නොදීම අනිත් කාරණය තමයි කන්නට දෙන සත්ත්වයාගේ කොටස් ඉවත් නොකර සියලු කොටස් පරිභෝජනයට ලබාදීම. එමගින් අවශ්‍ය බොහෝ පෝෂපදාර්ථ ලැබෙනවා වගේම මෙම එන්සයිමය ට එරෙහිව සටන් කළ හැකි සංඝටක එමගින් ලැබෙනවා. ස්වභාවික පරිසරයේදී මේ ගැටලුවෙන් මසුන් අත් මිදෙන්නේ එහෙමයි. ( මෙම කාරණය තමා අදහන ආගමට හෝ දර්ශනයට අනුව කිරීම ඔබගේ තීරණයක්)


👉 ඉහත විස්තරයෙහි මං කොතැනකවත් කියලා නැහැ ඉස්සන් වැනි තයමිනේස් එන්සයිමය වැඩියෙන් තියෙන දේවල් කන්න දෙන්න එපා කියලා. ඉඳහිට දුන්නට වරදක් නැහැ.ප්‍රධාන ආහාරය ලෙස දෙන්න එපා කියන එකයි මම අදහස් කරන්නේ.

මසුන් හදන අය අතර මතයක් තියෙනවා මාළුන්ගෙ පාට එන්න නම් අහවල් කෑම වර්ගය වැඩිපුර දෙන්න ඕන කියලා.මේක ගැඹුරින් හිතලා කරන්න ඕන දෙයක්. උදාහරණයක් විදිහට මනුෂ්‍යයෙකුගේ සම පැහැපත් වෙන්න කන්න පුළුවන් කෑම බීම තියනවා වගේම සතුන්ටත් එහෙමයි තමන් ඇතිකරන මාලුවාගේ වැඩිපුර වර්ණයක් දකින්න අවශ්‍ය නම් හොඳින් ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරලා බලන්න කෑමවලින් විතරක්ම නෙවෙයි ඒ දේ කරන්න පුළුවන් එය තමන් ඇති කරන මාලු වර්ගය අනුව තීරණය වෙන දෙයක්. වර්ණය තීව්‍ර කිරීම, මහත වැඩි කිරීම වැනි සාධක වලට වඩා මාළුවාගේ නිරෝගී බව, උපරිම කාලයක් ජීවත් කිරීම වැදගත් බව සිහි තබා ගන්න 🙃 ස්තුතියි.


-මා දන්නා සියලු කරුණු මෙම ලිපියට අඩංගු කර ඇති බැවින්. මීට අමතර යමක් දැනගැනීමට අවශ්‍යනම් කරුණාකර අන්තර්ජාලයෙන් ලබා ගන්න.-

කොට්ටම්බා කොළ නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද??? (Terminalia catappa)


 

කොට්ටම්බා කොල දැම්මම ජලයේ pH අගය බැලන්ස් වෙනවද? සම්පූර්ණයෙන්ම බොරුවක් එහෙම වෙන්නේ නැහැ


ආටිකල් එක බෝරින් වෙන නිසා අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් කියන්න කොට්ටම්බා කොල ගැන මාලු හදන අය අතර බොහොම ප්‍රසිද්ධයි. නමුත් මේවා හරියට පාවිච්චි කරන්නෙ කොහොමද කියල  සමහර අය දන්නෙ නැහැ. සමහරු හේතුවක් නැතුවත් කොට්ටම්බ කොළ භාවිතා කරනවා.කොට්ටම්බා කොල හරියට භාවිතා කලේ නැත්තං එයින් ඉතා අයහපත් ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. ඒක නිසා අපි බලමු කොහොමද හරියට භාවිතා කරන්නේ කියලා


කොට්ටම්බා කොල භාවිතා කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද


😊ජලයේ පීඑච් අගය අඩු කිරීමට

😊 ඖෂධයක් ලෙස


pH මෙතරම් වැදගත් ඇයි


විවිධ මාළුන්ට වෙන වෙනස් pH අගයක් අවශ්‍ය කරයි. ඉතින් තමන් ඇති කරන මාළු වර්ගය අනුව කොට්ටම්බා කොළ භාවිතා කළ යුතු ද නැද්ද කියලා ඔබම තීරණය කරන්න.


මාළු සහ අනෙකුත් ජලජ සත්ව හා ශාක වලට නිරෝගීව සිටීම සඳහා ඔවුන් ජීවත්වන ජලය නිශ්චිත pH මට්ටමක් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.  pH අගය ඉතා අඩු හෝ වැඩි නම්, එමඟින් මසුන් ලෙඩ වීම හෝ මරණයට පත්වීම සිදුවෙන්න පුළුවන්.  අඩු pH අගය යනු ජලය ආම්ලික බව ය;  ඉහළ pH අගය යනු ජලය භාෂ්මික බවයි.ආම්ලික ජලයේ ජීවත් වෙන්න පුළුවන් මසුන් ඉන්නවා වගේම භාෂ්මික ජලය ඉන්න පුළුවන් මාළු ඉන්නවා.


ආමන්ඩ් කොළ  ජලයේ pH අගය සෙමින් අඩු කිරීමට උපකාරී වන හෙයින්, ඇමෝනියා අඩු pH අගයක අඩු විෂ සහිත ඇමෝනියම් බවට පරිවර්තනය වන බැවින් හානිකර ඇමෝනියා මට්ටම පාලනය කර ගැනීම වඩා හොඳ යැයි කියනු ලැබේ 


😊ඖෂධයක් ලෙස


කොට්ටම්බා කොල වල ප්‍රධාන වශයෙන් සුරතල් මසුන්ගෙ ලෙඩ රෝග සුව කරන්න පුළුවන් ඖෂධීය සංඝටක තුනක් අන්තර්ගතයි 

*Flavonoids - ප්‍රතිජීවක හා ප්‍රති-දිලීර කාරකයක් ලෙස ක්‍රියා කරනවා

*saponins -මසුන්ගේ පරිවෘත්තීය හැකියාව ඉහළ දමනවා 

*Punicalagin - ප්‍රතිඔක්සිකාරකයක් ලෙස


👇අපි දැන් බලමු කොහොමද කොට්ටම්බා කොළ භාවිතා කරන්නේ කියලා


හොඳින් විශාලව වැඩුණු කොට්ටම්බා කොළ තුනක්  වතුර ලීටර් 50 කට ප්‍රමාණවත් 

විනාඩි 5ක් පමණ ජලයේ තම්බා ගත් පලුදු නොකල කොට්ටම්බා කොල ඔබට මේ සඳහා යොදාගන්න පුලවන් ,

Activated carbon





අද කතා කරන්න යන්නේ activated carbon කොහොමද මාළු ටැංකියක් නඩත්තු කරන්න ප්‍රයෝජනවත් වෙන්නෙ කියන එක ගැන සහ hole in the head කියන රෝගය පිළිබඳ ඉතාම කෙටියෙන්


activated carbon ඇක්වේරියම් වල විකුණන්න තියෙනවා අපි ඕන තරම් දැකලා තියෙනවා හැබැයි මේවා පාවිච්චි කරන්න ගොඩක් අය එතරම් උනන්දු නැහැ නමුත් මේවා ඉතාමත්ම ප්‍රයෝජනවත් ලෙස අපට යොදාගන්න පුළුවන්. activated carbon වර්ග රාශියක් තිබුනත් ඒ හැම එකක්ම අපිට මාළු ටැංකි වල ෆිල්ටරය ට දමන්න සුදුසු නැහැ. පොස්පේට් අඩංගු නැති අඟුරු වර්ගයක් තමයි සුදුසු. මොකද පොස්පේට් අඩංගු වුනොත් ඒවා ජලයේ දියවී ඇල්ගී ඇතිවෙන්න හේතුවක් වේවි


activated carbon අපිට ගෙදර දි හදා ගන්නත් පුළුවන් මේ සඳහා අපට පොල්කටු අඟුරු යොදා ගන්න පුළුවන් පොල්කටු පිලස්සීමේදී කිසිදු රසායනික ද්‍රව්‍යයක් එකතු නොකිරීමට වග බලා ගන්න.


ඉන්පසු සෙමෙන් ගලාගෙන යන ක්ලෝරින් රහිත ජලයෙන් සෝදාගන්න. මෙයින් අනවශ්‍ය දැලි සහ අළු ඉවත් කර ගැනීමට හැකි වේවි. ඉන්පසු ceremic rings අසුරන ආකාරයට මලුවල බහාලා ෆිල්ටරය තුළ තැන්පත් කර ගැනීම කරන්න පුළුවන්. කාර්මික පෙරණය සහ ceremic rings තැන්පත් කර ඇති ස්ථානය අතර තැනක තැන්පත් කිරීම සුදුසුයි.


😊activated carbon වලින් මොනවද ලැබෙන වාසි


ටැංකියේ ජලය අවපැහැගැන්වීම නැති කරන්න පුළුවන් ශක්තියක් මේවගේ තියෙනවා


ටැංකියේ ජලයේ තියෙන දුර්ගන්ධය ඉවත් කරන්න ප්‍රයෝජනවත් වෙනවා


වර්ධනයට බාධා කරන Growth inhibiting hormone ඉවත් කරන්න ප්‍රයෝජනවත් වෙනවා


ජලයේ දියවී ඇති ක්ලෝරින් ඉවත් කරන්න ප්‍රයෝජනවත් වෙනවා


ඔබ රෝගී වූ මාලුවෙකුට ප්‍රතිකාර කිරීම සඳහා ටැංකියේ ජලය තුළට යම්කිසි බෙහෙත් වර්ගයක් කවලම් කර ඇත්නම් එය මාළුවා සුව වූ පසු තවදුරටත් එම බෙහෙත් ජලය තුළ තිබීම අනවශ්‍ය යැයි සිතන්නේනම් එය ඉවත් කිරීමටත් ප්‍රයෝජනවත් වෙනවා.


ටික කාලයක් පාවිච්චි කරාට පස්සේ මේ අඟුරුවල තියෙන ඇසට නොපෙනෙන හිල් අඟුරු විසින් උරා ගන්නා දේවල් නිසා වැසී යනවා. වාසිය තමයි ඒවා නැවත ජලයට මුසු නොවීම. ඒක නිසා ඔයාට activated carbon ඉවත් කරන්න අමතක උනොත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.


😭අපි දැන් බලමු activated carbon වල තියෙන අවාසි


මේක ඇත්තටම කිව්වොත් රසායනික පෙරණයක් වගේ. මෙහිදී එන ඇසට නොපෙනෙන සිදුරුවලින් තමයි ජලයේ දියවෙලා තියෙන ඉහත කියපු දේවල් උරාගන්නේ ඉතින් ටික කාලයක් යනකොට මේ සිදුරු වැහිලා ගිහිල්ලා activated තත්ත්වය නැතිව යනවා. එතකොට අපිට නැවත නැවත අලුතෙන් activated carbon එකතු කරන්න සිද්ධ වෙනවා.ඒක තීරණය වෙන්නේ ඔයාගේ ටැංකියේ වතුර තියෙන පිරිසුදු භාවය මත. සාමාන්‍යයෙන් මට කියන්න පුලුවන් උපරිම මාසයක් පමණ ගියාට පස්සේ මාරුකිරීම නුවනට හුරුයි කියලා.


activated carbon වලට ජලයේ දියවී ඇති බැරලෝහ (අයන වැනි ද්‍රව්‍ය) ඉවත් කරන්න බැහැ


activated carbon වලට ජලයේ ඇති ammonia ,nitrate සහ nitrite ඉවත් කිරීමේ හැකියාවක් නැහැ.මේ නිසා අපි දැනට කරගෙන යන එදිනෙදා පිරිසිදු කිරීම් , water conditioner වර්ග යෙදීම ,ජලය මාරු කිරීම ඒ අයුරින්ම කළ යුතුයි.


ඒ වගේම වැදගත් තව දෙයක් තියෙනවා කියන්න ඔයා ලෙඩ වෙච්ච මාලුවෙකුට බෙහෙත් විදියට යම්කිසි දෙයක් වතුරට යොදනවා නම් ඒ අවස්ථාවේදී activated carbon අයින් කරන්න අමතක කරන්න එපා. ඒකට හේතුව දැනටමත් ඔයා දන්නවා.


💣 Hole in the head රෝගයට නිශ්චිත හේතුව තවමත් නිශ්චය කර නොමැත.  


මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ෆ්ලැජෙලේට් පරපෝෂිත හෙක්සමිටා ය.මෙම පරපෝෂිතයා මූලික වශයෙන් බඩවැල් ආශ්‍රිතව ආසාදනය වන නමුත් පසුව පිත්තාශය, උදර කුහරය, ප්ලීහාව සහ වකුගඩු දක්වා පැතිරෙයි. පසුව රෝගය වර්ධනය වන විට හිසෙහි සිදුරු සාදමින් විවෘත වන අතර පරපෝෂිත කීටයන් අඩංගු කුඩා සුදු කෙඳි බැහැර කරයි.ද්විතියික බැක්ටීරියා හෝ දිලීර ආසාදන පසුව මෙම විවරයන් තුළ වර්ධනය විය හැකි අතර ප්‍රතිකාර ප්‍රමාද වුවහොත් මරණය සිදුවීම නොවැළැක්විය  හැක. මේ තත්ත්වය බහුලව ඔස්කා, සික්ලිඩ් ,කාෆ් ගෝල්ඩ්ෆිෂ් ,ඩිස්කස් වැනි මාළු වර්ග වල දකින්න පුළුවන්.


තවත් ජනප්‍රිය සිද්ධාන්තයක් වන්නේ ඛනිජයක් හෝ විටමින් අසමතුලිතතාවයක් මෙම රෝගයේ වර්ධනයට හේතුවක් විය හැකි බවයි.  සමහර ජලජ විද්‍යාඥයින්  සක්‍රීය කාබන් භාවිතය සහ රෝගයේ වැඩිවීම අතර සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කර ඇත.  ඔවුන්ගේ අදහස වන්නේ කාබන් මගින් ජලයේ ඇති වාසිදායක ඛනිජ සමහරක් ඉවත් කළ හැකි බවයි.  ඒ අතරම, ඛනිජ අසමතුලිතතාවය බඩවැලේ ඇති හෙක්සමිටා ජීවීන්ගේ වැඩිවීම නිසා ඇති විය හැකි අතර, එමගින් අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ අවශෝෂණය අඩු වේ.


මානසික ආතතිය ඇති කරන තත්වයන් ද මෙම රෝගයේ ප්‍රවණතාව වැඩි කරයි. දුර්වල ජලයේ ගුණාත්මකභාවය, අවශ්‍ය තරම් පෝෂණය නොලැබීම හෝ ටැංකියේ ජල ධාරිතාවට නොගැළපෙන ලෙස මසුන් විශාල ප්‍රමාණයක් ටැංකිය තුළ තබා ගැනීම යන යන කරුණු ආතතිය ඇතිවීමට ප්‍රධාන ලෙස හේතු වේ.මසුන්ගේ ඛනිජ සහ විටමින් අසමතුලිතතාව නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩුවීම හේතු විය හැක. එමනිසා activated carbon එකතුු කිරීමේ දී ඉතා කල්පනාකාරී විය යුතුය. මගේ අදහස නම් එය අවශ්‍ය අවස්ථාවේදී පමණක් යොදා ගැනීම නුවණට හුරුයි.


👉😊මේ පොඩි විස්තරයට අමතරව කියවන ඔයාල දන්න ගොඩක් දේවල් ඇති. එහෙම දේවල් තියෙනවා නම් comments section එකේ ලියන්න කියලා ආදරයෙන් මතක් කරනවා ඒක හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වේවි.. ස්තුතියි!!!


ඇත්තටම මොනවද මේ ceremic rings???


ceremic rings ඔබේ මින්මැදුර සඳහා ප්‍රබල ජෛව විද්‍යාත්මක පෙරනයක් සපයනවා කියල කිව්වොත් නිවැරදියි. මෙමගින් ඔබගේ ටැංකියේ සිටින සුරතල් මසුන් භයානක රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා කර ගන්න උදව් වෙනවා.





වෙළඳපොලේ විවිධ වර්ණ වලින් සහ විවිධ හැඩයන්ගෙන් යුත් ceremic rings ඔබ දැකලා ඇති. මේ වගේ මැද සිදුරක් සමග ඇසට නොපෙනෙන මිලියන ගණනක් ඉතා කුඩා සිදුරු වලින් සමන්විතයි.ඒ කියන්නේ මාධ්‍යයකට ඒ හරහා ගමන් කරන්න පුළුවන් විදියට.


මත්ස්‍ය ටැංකියක හිතකර සහ අහිතකර බැක්ටීරියා වර්ග කියලා වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා.මෙම ප්‍රයෝජනවත් බැක්ටීරියා ඔබේ මින්මැදුරෙන් ඇමෝනියා සහ නයිට්‍රයිට් (හානිකර රසායනික ද්‍රව්‍ය) ඉවත් කිරීමට උදව් වෙනවා. මේ අහිතකර රසායනික ද්‍රව්‍ය ස්වාභාවිකවම ඔබේ මින්මැදුර තුළ ගොඩ නැගෙනවා. ඔබේ ටැංකියේ ඇති අහිතකර බැක්ටීරියා ඉවත් නොකළහොත් ඔබේ මාළු අවසානයේදී මිය යන එක කෙසේවත් නවත්තන්න බැහැ.

මේ ප්‍රශ්න වලින් අත්මිදීමට හිතකර බැක්ටීරියා ඉතා වැදගත් වෙනවා[nitrifying bacteria සහ denitrifying bacteria] මෙම බැක්ටීරියා ජීවත් වීමට ස්ථානයක් අවශ්යයි.සෙරමික් මුදු ඔබේ මින්මැදුරේ ඇති ප්‍රයෝජනවත් බැක්ටීරියා සඳහා නිවහනක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

සෙරමික් මුදු කුඩා සිදුරු හරහා ඒවායේ මතුපිට ප්‍රමාණය වැඩි කරගන්නව.මෙම සිදුරු තුළ තමයි වාසිදායක බැක්ටීරියා ඔවුන්ගේ නිවස බවට පත්තර ගන්නේ. වරදවා වටහා ගන්න එපා ceremic rings මගින් ඔබේ ජලය පෙරීමක් සිදු කරන්නේ නැහැ.මෙම මුදු වල ජීවත් වන ප්‍රයෝජනවත් බැක්ටීරියා විසින් තමයි මේ පෙරීම සිදු කරන්නේ. 


ඔබ ඔබේ ටැංකියට එකතු කරන ඕනෑම නව සෙරමික් මුදු වල කිසිදු බැක්ටීරියාවක් නොමැත. ඉතින් එම නිසා ceremic rings ෆිල්ටරය තුල තැන්පත් කළ පසු ජලය ඒ හරහා ගමන් කරවීමට සැලැස්වීමෙන් පමණයි ඉතා ඉක්මන් ප්‍රතිඵල ගන්න පුළුවන්. එමනිසා ceremic rings වෙනත් වර්ගවල පෙරහන් මාධ්‍යයන්ට වඩා අමතර වාසියක් තියෙනවා.


✍️කොහොමද ceremic rings ෆිල්ටරය ට දමන්නේ


ඔබ ගෙනා ceremic rings මලු ක්ලෝරීන් අඩංගු නැති ජලයෙන් සෝදාගන්න මගින් එහි ඇති අනවශ්‍ය දූවිලි වැනි දෑ ඉවත් කර ගන්න පුළුවන්. එහෙම නැත්තං ඒවා ෆිල්ටරය තුළ තැන්පත් කරාට පස්සේ ටැංකිය cloudy වෙන්න පුළුවන්. ඕනම ෆිල්ටරයක තියෙනවා යාන්ත්‍රික පෙරනය සහ ජෛව විද්‍යාත්මක පෙරනය කියලා කොටස් දෙකක්.එය මේ අනුපිළිවෙලට විය යුතුයි


විවිධ වර්ගවලින් sponge, bio balls,Activated carbon, lava rock,ceramic rings මේ මාධ්‍ය මොනවද කියලා හැමෝම දන්න නිසා මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. මේ හැම මාධ්‍යයක්ම සම්පූර්ණයෙන් ජලයේ ගිලී පැවතිය යුතු බව හොදින් මතක තබා ගන්න.


✍ ටැංකියකට ceremic rings කොච්චර ඕනෙද


මේකට නිශ්චිත පිළිතුරක් නැහැ. කරන්න පුළුවන් හොඳම දේ තමයි පුළුවන් තරම් ෆිල්ටරයේ ceremic rings තැන්පත් කර ඇති කොටස පුරවන එක. ඔබ ඇති කරන මාලු වර්ගය අනුව ඔබ ටැංකියේ ප්‍රමාණය තීරණය කරනවා සේම එම ජල ධාරිතාවට, මසුන් ප්‍රමාණයට ,මසුන් වර්ගයට ගැලපෙන ලෙස ෆිල්ටරයක් හදාගන්න ඕනේ කියලා බොහෝ දෙනා දැනටමත් දන්නවා. වැඩිපුර හිතකර බැක්ටීරියා ටැංකියේ ඉන්න තරමට වාසි වැඩි.


✍ ceremic rings සුද්ද කරන්නේ කොහොමද කොපමන කාලෙකින්ද


ඔබගේ ටැංකිය කාලයක් පවත්වාගෙන යන කොට ඔබට දකින්න පුළුවන් ඔබගේ ceremic rings සහිත කුටිය අනවශ්‍ය ද්‍රව්‍ය වලින් වැසී ගිහිල්ලා කියලා. එවිට ඔබට කරන්න තියෙන්නේ ඔබගේ මාළු ටැංකියෙන්ම ලබා ගත් වතුරෙන් ceremic rings බෑග පිරිසුදු කරගන්න එක(එහෙම කරන්නේ ceremic rings වල පෘෂ්ඨයේ රැඳී තියෙන හිතකර බැක්ටීරියා ඉවත් වී යාම අවම කිරීමට) ceremic rings බෑග් වශයෙන් අසුරා තිබීම පිරිසුදු කිරීමට ඉතා පහසුයි. ඔබ මේ සඳහා නල ජලය යොදා ගත්තොත් එමගින් ceremic rings වල ඇති හිතකර බැක්ටීරියා සියල්ල විනාශ වීමට හේතුවක් වේවි. සේදීමේදී මෙම ceremic rings පලුදු නොකිරීමට වග බලා ගැනීම වැදගත්.


✍ ceremic rings වලට කල් ඉකුත්වීමේ දිනයක් තියෙනවද


ඇත්තටම ceramic rings නැවත එකතු කිරීමට අවුරුදු දෙකක් තුනක් පමණ ගතවේවි. මෙම හිතකර බැක්ටීරියාවන්ට රැඳී සිටීමට රළු පෘෂ්ඨයක් අවශ්‍යයි. කාලයක් යනකොට ceramic reigns වල සුමට ගතියක් දකින්න පුළුවන්. එසේත් නොමැතිනම් ඒවා කොටස් ලෙස කැඩී ගොස් තිබෙන්නට පුළුවන්. එතකොට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වෙන නිසා අනිවාර්යෙන්ම අලුත් ceremic rings තැන්පත් කළ යුතුයි. මේක කරද්දී පරිස්සං වෙන්න ඕන සම්පූර්ණයෙන්ම අලුත් ceremic rings තැන්පත් කරලා පරණ ඒවා එකවර අයින් කිරීම කිසිසේත් නොකළ යුත්තක්. කොටස් වශයෙන් අලුත් ඒවා තැන්පත් කරමින් පරණ ඒවා ඉවතට ගත යුතුය. මේ ක්‍රියාවලිය සිදුවන කාලයේදී ටැංකියේ ඇමෝනියා සහ නයිට්‍රේට් අගය ගැන කල්පනාවෙන් සිටිය යුතුයි.


✍ මෙය ceremic rings ෆිල්ටරය තුළ තැන්පත් කරන්නේ නැතුව ටැංකිය තුළ තැන්පත් කලොත් මොකද වෙන්නේ


අනිවාරෙන්ම ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වෙනවා. හිතකර බැක්ටීරියා වලට ජීවත්වීමට නිරන්තරයෙන් ඔක්සිජන් හා පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වෙනව එම නිසා මේ තුළින් ජලය ගලායෑමක් කළ යුතුමයි.


ඉතින් මේ කෙටි සටහනෙන් ඔයාලට තේරෙනවා ඇති ceremic rings කොතරම් වැදගත්ද කියලා. 


ස්තුතියි.


 අද කතා කරන්න යන්නේ අපි කවුරුත් හොඳින් දන්න ලාවා පාෂාණය ගැන.


ලාවා පාෂාණය යනු ගිනි කඳු පුපුරා යාමෙන් හටගන්නා ජ්වලිත පාෂාණයක්. පුපුරා යාමෙන් පසු උණුවූ ලාවා සිසිල් වී ඝන බවට පත්වෙනවා මෙසේ ඝන බවට පත් වූ මේ කොටස් ලාවා  පාෂාණ ලෙස හඳුන්වනව. මෙම ලාවා පාෂාණවල ඇති සුවිශේෂී දෙයක් නම් එහි මතුපිට පෘෂ්ඨය ඉතා සිදුරු සහිත වීම.මේවා ඉතා සුලභව විවිධ වර්ණයන්ගෙන් අඩු මිල ගණන් යටතේ මිලදී  ගන්න පුළුවන්.


මෙම සිදුරු සහිත ව්‍යුහයට නිසාවෙනම ඒ තුළ හිතකර ක්ෂුද්‍රජීවී ජනපද නිර්මාණය කළ හැක. එමගින් මේ පාෂාණය කදිම ජීව විද්‍යාත්මක පෙරහන් බවට පත්වේ. දැන් බලමු මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා.


පාෂාණ මතුපිටින් සහ එහි ඇති කුඩා වූ සිදුරු හරහා ජලය ගමන් කරන විට,නයිට්‍රිෆයින් බැක්ටීරියා ජලයෙන් ඔක්සිජන් නිස්සාරණය කර පරිභෝජනය කරනු ලබනවා. මේ ආකාරයෙන් පාෂාණය තුළ ස්වායු පරිසරයක් නිර්මාණය කරනව.


මෙම නිර්වායු පරිසරයේ ඇති හිතකර ඩිනයිට්‍රිෆයින් බැක්ටීරියා සියළුම නයිට්රේට් පරිභෝජනය කර ඒවා නයිට්රජන් හා ඔක්සිජන් බවට බිඳ දමනව. මේ ආකාරයෙන්, එය ජලයෙන් අතිරික්ත නයිට්රේට් නිස්සාරණය කර පිරිසිදු ජලය පාෂාණය හරහා අනිත් කෙළවරින් පිට කිරීමේ හැකියාව තිබෙනවා.


මෙමගින් මින්මැදුරු ජලයේ ගුණාත්මකභාවය නැවත නැවත ඇති කිරීම හා වැඩි දියුණු කරීම සිදුකරීම සිද්ධ වෙනවා තවද ‍ ජලයේ ඇති  නයිට්රේට්  ඉවත් කර ජලය පිරිසිදු කිරීමත් සිද්ධ වෙනවා, එමගින් ජලජ ජීවීන්ට වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට උදව් වෙනවා.


 තවත් කාරණයක් තමයි මේ ලාවා පාෂාණය හරහා මින්මැදුරු ජලය ගමන් කිරීමේ දී ජලයේ දිය වී ඇති දුර්ගන්ධයට හේතුවන හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි මූලද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය විනාශ කර දැමීම. 


ලාවා පාෂාණ මගින් Ph අගයට බලපෑමක් සිදු නොවන නිසා විද්‍යාත්මක පෙරනයක් ලෙස පමණක් නොව මින්මැදුරු අලංකරණය සහ මසුන්ට වාසස්ථාන නිර්මාණය කරදීම සඳහාත් මෙම පාෂාණ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. 


ඒ වගේම අනිත් වැදගත්ම කාරණය වන්නේ  නයිට්‍රජන් චක්‍රය මනාව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන හිතකර බැක්ටීරියා ජනපද ඇතිකර ගැනීමට මෙම ලාවා පාෂාණ උදව් වෙනවා


සැහැල්ලු සහ පරිසර හිතකාමී බව සහ පාෂාණය හරහා ජලය ගමන් කිරීමට ඇති හැකියාව නිසාම ජලජ පලටි සහිත මින්මැදුරු නිර්මාණය කිරීම සඳහාත්  ඉතා උචිතයි.


substrate එකක් ලෙස භාවිතා කරනවානම් තරමක් සැලකිලිමත් වෙන්න ඕන. සමහර පාෂාණ කැබලි වල ඇති තියුණු බව නිසා මසුන්ට මෙන්ම ටැංකියේ වීදුරුව තුවාල සිදුවීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒක ගැනත් සැලකිලිමත් විය යුතුමයි.


ජීව විද්‍යාත්මක පෙරනයක් ලෙස කාලයක් භාවිතා කිරීමේ දී මෙහි ඇති කුඩා සිදුරු වැසී යාම සිදුවෙනව එවිට එය නැවත පිරිසුදු කොට භාවිතා කළ හැකිවීම වාසියක්.


ශ්‍රිම්ප් වැනි සතුන්ට සැඟවී සිටීමට සහ උන්ගේ පිටත ආවරණය සවිමත් කර ගැනීමට අවශ්‍ය ස්වභාවික කැල්සියම් වැනි අත්‍යවශ්‍ය දෑ ලාවා පාෂාණ මඟින් ඔවුන්ට ලැබෙනවා.


සමහරු ජීවවිද්‍යාත්මක පෙරනයක් ලෙස ලාවා පාෂාණ භාවිතා කරන කොටසට මෙම කුඩා ඉස්සන් වර්ග දමනවා. ඔවුන් එහි ජීවත් වෙමින් එහි රැඳෙන කුඩා ආහාර කැබලි සහ එහි බැඳෙන ඇල්ජී ආහාරයට ගනිමින් ජීවත් වනවා.

 

 මෙම ලාවා පාෂාණ වල මැග්නීසියම්, කැල්සියම් සහ යකඩ වැනි විවිධ ස්වාභාවික ඛනිජ අඩංගු වෙන නිසා ජලජ ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය දේ නොමිලේම ලැබෙනවා.


මතක තබා ගත යුතු වැදගත්ම කාරණයක් තමයි මින් මැදුර තුළට හෝ පෙරනය තුළට ලාවා පාෂාණ එකතු කිරීමට පෙර අවශ්‍ය ප්‍රමාණයට කැබලි කරගත් පසු ලාවා පාෂාණ කැබලි හොඳින් තම්බා ගත යුතුයි.


ඉතින් ඔබත් ඔබගේ ජීව විද්‍යාත්මක පෙරනයට හෝ මින්මැදුරු අලංකරණය සඳහා ලාවා පාෂාණ යොදා ගැනීමට පසුබට වන්න එපා.


ඉතින් වෙනදා වගේම මේ කුඩා ලිපියේ කතා නොවූ ඔබගේ අදහස් සහ දැනුම comments section එකේ සටහන් කරන ලෙස  සමූහයෙන් සියලු දෙනාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි !!!

අද අපි කතා කරන්න යන්නේ ජෛව බෝල එහෙමත් නැත්නම් බයෝ බෝල් ගැන.


 


😬බයෝ බෝල යනු කුමක්ද මොනවද ඒකෙන් සිද්ධ වෙන්නේ


මින් මැදුර තුළ මසුන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට හිතකර බැක්ටීරියා අවශ්‍ය වෙනවා. ඒ සඳහා ‍නයිට්රජන් චක්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යම දෙයක් තමයි මේ හිතකර බැක්ටීරියා. ඉතින් මේ අත්‍යවශ්‍යය හිතකර බැක්ටීරියාවක් වන නයිට්‍රිෆයින් බැක්ටීරියා වලට ජීවත්වීමට නිවහන අවශ්‍ය වෙනව.මේ සඳහා නොයෙක් මාදිලියේ filter media වර්ග අපි පාවිච්චි කරනවා ඒ අතරින් එකක් තමයි bio බෝල.


අපි කවුරුත් මේ ප්ලාස්ටික් වලින් නිර්මාණය කරල තියෙන බයෝ බෝල දැකලා තියෙනවා එම නිසා ඒ ගැන අමුතුවෙන් කතා කළ යුතු නැහැ. මේවා විවිධ හැඩයෙන් සහ විවිධ ‍ ප්‍රමාණවලින් යුක්තයි. එම නිසා හරියටම කියන්න බැහැ කොපමණ ප්‍රමාණයක් ඔබගේ ජෛව පෙරනය සඳහා අවශ්‍ය ද කියලා. මින්මැදුරේ ජල ධාරිතාව සහ මසුන් ප්‍රමාණය මේ සඳහා බලපානවා.


මේ ජෛව බෝල තුළ හිතකර බැක්ටීරියාවන් වැඩි ප්‍රමාණයකට ජීවත්වීම සඳහා අවකාශයක් සලසා දීම සඳහා එහි ඇතුළත ceramic හෝ sponch කැබැල්ලක් දක්නට පුළුවන්. එමගින් පිටත සහ ඇතුලත දෙකෙහිම මේ හිතකර බැක්ටීරියාවන්ට වාසය කිරීමේ අවකාශය සැලසෙනවා.


උදාහරණයක් ලෙස පහත ඡායාරූපය බලන්න. මතුපිට පෘෂ්ඨයේ ඇලී පවතිනවාට වඩා එහි ඇතුලත හිතකර බැක්ටීරියාවන්ට ජීවත් වීමට වැඩි අවකාශයක් සලසා දීලා තියෙනවා ඔබට පේනවා ඇති.


ඉතින් ඔබගේ මින්මැදුරේ ජලය ජෛව විද්‍යාත්මක පෙරනය හරහා බයෝ බෝල තුලින් ගමන් කරවීම ක්‍රියාත්මක කිරීමෙන් පසු ජලයේ ඇති ඇමෝනියා සහ නයිට්‍රයිට් ඉවත් කරමින් වතුරේ ගුණාත්මකභාවය වැඩි කරනවා. ඉතින් මේ බයෝ බෝල ගැලපෙන්නේ පොකුණු හෝ විශාල ටැංකි වලට යොදාගන්නා ජෛව පෙරනයන් සඳහායි.


කෙනෙකුට හිතන්න පුළුවන් ceramic rings පාවිච්චි කරන නිසා බයෝ බෝල පාවිච්චි කරන්න ඕනද කියලා. ඔව් අනිවාර්යෙන්ම දෙකම පාවිච්චි කරනවා නම් හොඳයි මොකද එකිනෙකට වෙනස් හිතකර බැක්ටීරියා වර්ග දෙකක් තමයි මේ media දෙක තුළ ගොඩනැගෙන්නේ.


1. නයිට්‍රයිෆිං බැක්ටීරියා - මෙම බැක්ටීරියා ඇමෝනියා සහ නයිට්‍රයිට් අනුභව කරයි. ඒ වගේම ඔවුන්ට ජීවත් වීමට ජලයේ ඔක්සිජන් අවශ්‍ය වෙනව. නයිට්‍රයිෆයිං බැක්ටීරියා ඔබේ මින්මැදුරේ ඇති වස්තූන්ගේ මතුපිට පෘෂ්ඨයේ තමයි ජීවත් වෙන්නෙ.[Nitrosomonas europaea & Nitobacter winogradskyi]


2. ඩීනයිට්‍රයිෆයිං බැක්ටීරියා  - මෙම බැක්ටීරියා නයිට්රේට් අනුභව කරයි. ඔවුන් නොනැසී පවතින්නේ ඔක්සිජන් නොමැති නම් පමණි. පාෂාණ, සෙරමික් සහ වෙනත් සිදුරු සහිත ද්‍රව්‍ය තුළ වාතය නොමැති බැක්ටීරියා වාසය කරයි.Sera siporax,Sobo ceramic rings,Pond matrix,Generic big pumice


ජෛව බෝල රැගෙන යන්නේ නයිට්‍රයිෆිං බැක්ටීරියා පමණි.සෙරමික් පෘෂ්ඨය මගින් මගින් නයිට්‍රයිෆයින් බැක්ටීරියා සහ ඇතුළතින් ඩීනයිට්‍රයිෆයින් බැක්ටීරියා තබාගනී. එමනිසා සෙරමික්  මගින් මේ කාරණා දෙකම ඉෂ්ට වෙනවා. නමුත් මේ වර්ග දෙකම භාවිතා කිරීමෙන් වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගන්න පුළුවන්.

මොකද අපි කාටවත් හරියටම කියන්න බැහැ මොන මීඩියා එකෙන්ද වැඩිපුර බැක්ටීරියා තබා ගන්නෙ කියලා.


සෙරමික් වල බැක්ටීරියා සඳහා වැඩි අවකාශයක් සලසලා තියෙන්නේ එහි මතුපිට ඒක ඔබට පැහැදිලිව පේනවා එම රළු පෘෂ්ඨය දිහා බලනකොට. ඉතින් ජෛව බෝල හා සංසන්දනය කරනකොට සෙරමික් හි මතුපිට පෘෂ්ඨය කාලයක් යනකොට ඇහිරී යනවා. ඊට පස්සේ එහි කාර්යක්ෂමතාවත් අඩු වෙනවා. ඉතින් ඒවා පවිත්‍ර කරන්නත් අපිට සිද්ධ වෙනවා. සමහර විට මේ අවහිරවීම් සදාකාලික විය හැකියි. එහෙම වුනොත් අලුත් සෙරමික් නැවත යොදන්න අපිට සිද්ධ වෙනවා.සංසන්දනාත්මකව බැලුවොත් බයෝ බෝල වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. පිරිසුදු කිරීමත් පහසුයි.


බයෝ බෝල ස්ථානගත කිරීමේදී ජෛව විද්‍යාත්මක පෙරනය සහිත කොටසේ ස්ථානගත කිරීමට වගබලා ගත යුතුයි.එසේ නැතිව යාන්ත්‍රික පෙරනයට පෙර ස්ථානගත කළහොත් මින් මැදුරු ජලයත් සමග පැමිණෙන සතුන්ගේ මලපහ දිරා ගිය ශාක කොටස් ආහාරයට නොගත් මත්ස්‍ය ආහාර කොටස් එහි රැඳීම නිසා නයිට්රේට් මට්ටම ඉහළ යාම මසුන්ට මරණය ගෙන දීමට හේතුවක් වෙන්ඩ පුලුවන්.


එමනිසා යාන්ත්‍රික පෙරනය මඟින් සිදු කළ යුතු කාර්ය සහ ජෛව විද්‍යාත්මක පෙරනය මගින් සිදු කළ යුතු කාර්ය පිළිබඳ වෙනම අවබෝධයකින් යුතුව ‍මේ පෙරහන් මධ්‍යන් වෙන වෙනම සුදුසු ස්ථානයන්හි ස්ථානගත කළ යුතුයි.


එසේ බයෝ බෝල නිවැරදිව ස්ථානගත කළ පසු පෙරණය ක්‍රියාත්මක වීමත් පසුව ජෛව බෝල ඇමෝනියා සහ නයිට්‍රයිට් වලට එරෙහිව සටන් කරන තත්ත්වයට පත්වෙනව 


අපි දන් බලමු කොහොමද ජෛව බෝල පිරිසුදු කරගන්නෙ කොහොමද කියලා 

ඔබ යාන්ත්‍රික පෙරීම මඟ හැරියේ නම්, එවිට ඔබට ඔබේ ජෛව බෝල පරීක්ෂා කිරීමට අවශ්‍ය වනු ඇත. සමීපව බලනවිට ජෛව බෝල කොළ හෝ දුඹුරු පැහැ ගැන්වීමක් ඔබ දුටුවහොත් ඒවා පිරිසිදු කළ යුතුය යන අදහස ඔබට ලබාගත හැක. 


පිරිසුදු කිරීම් සඳහා හොඳම දවස ඔබගේ මින්මැදුර සතිපතා වතුර මාරු කර පිරිසුදු කිරීම් කිරීම් දවසයි. මේ සඳහා මින්මැදුරේ ඒ අවස්ථාවේ පවතින ජලය පමණක්ම යොදා ගැනීමට වගබලා ගත යුතුයි.එසේ නොමැතිව නළ ජලය භාවිතා කලහොත් එහි ඇති හිතකර බැක්ටීරියා සියල්ල විනාශ වනු ඇත.


වතුර ස්වල්පයක් භාජනයට ගෙන ඒ තුළට ජෛව බෝල දමා සෙමින් කැලතීමකට ලක් කරන්න. එවිට ජලය අවපැහැ වණු ඔබට දකින්න පුළුවන් මෙසේ වරක් දෙවරක් ජලය මාරු කරමින් සිදු කිරීම් හොඳටම ප්‍රමාණවත්.


ඉතින් අදත් මේ කුඩා ලිපියෙන් ඔබට ජෛව බෝල කිසි වැටහීමක් ලැබෙන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒවගේම මේ ලිපියෙහි සඳහන් නොවූ කාරණා සහ අදහස් ඔබ සතුව ඇත්නම් comments section එකේ පලකරන මෙන් සමූහයෙහි සියලු දෙනාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි !!!

CLOUDY EYE යනු කුමක්ද???




🔍‍🔎 මත්ස්‍ය ඇසේ ව්‍යුහය


🐟මාළුවෙකුගේ eyeballs ව්‍යුහය මිනිසුන්ට සමාන ය.එහි පිටත ආවරණය කින් යුක්තව ඇත, එය කෝනියා ලෙස හැඳින්වේ, එය ඇසේ අභ්‍යන්තර ව්‍යුහයට සිදුවිය හැකි හානිවලින් ආරක්ෂා කරයි.


🐟කෝර්නියාවට පහළින් ඇත්තේ අයිරිස් ය, එය ඇස්වලට එන ආලෝකය සකස් කිරීම සඳහා යොදා ගනී. අයිරිස් පිටුපස කාචය ඇති අතර එය වඩා හොඳ සංජානනය සඳහා ඇස් තුළට එන ආලෝකය නැමෙයි.


🐟මිනිසුන් මෙන් නොව, මාළුවෙකුගේ ඇස්වල ඇති කාච ගෝලාකාර ය.මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගේ දැක්ම ගෝලාකාර කාචය මැදදී ඇදහිය නොහැකි තරම් පැහැදිලි බවයි, නමුත් කෙළවර දෙසට වන්නට පෙනීම හොඳ තත්වයක නොමැති වේ.


🐟කාචයට පිටුපසින් දෘෂ්ටි විතානය පිහිටා ඇති අතර එහිදී ආලෝකය සැකසෙන අතර පසුව දෘෂ්ටි ස්නායුව සැකසූ තොරතුරු මොළයට යවනු ලැබේ.


🐟 කොහොමද cloudy ඇතිවෙන්නේ


මාළුවෙකුගේ ඇසට හානි වූ විට, පිටත ඇසෙහි (කෝනියා වලින් සමන්විත කොටසෙහි) හෝ අභ්‍යන්තර ඇසෙහි (අක්ෂි ව්‍යුහයේ ඉතිරි කොටස් වලින් සමන්විත ප්‍රදේශයේ) සුදු පාට පටලයකින් වැසී යාම හෙවත් cloudy තත්වය ලෙස හැඳින්විය හැක.

පොදුවේ ගත් කල, පිටත අක්ෂි හානිය අභ්‍යන්තර අක්ෂි හානියට තරම් බරපතළ නොවේ.ඒ නිසා, සුව කිරීම පහසුයි.


🐟මේ cloudy පටලය  හානිකරද?


මාලුවාගේ ඇස් මත සුදු පටල ඇතිවීම රෝගයක් නොවේ.එය රෝග ලක්ෂණයකි.

එය ඔබගේ ටැංකියේ වඩාත් බැරෑරුම් දෙයක් සිදුවෙමින් පවතින බවට ලකුණක් විය හැකි අතර එය නරක අතට හැරීම වළක්වා ගැනීම හැකි ඉක්මනින් සිදු කළ යුතුය. කෙනෙකට කියන්න පුළුවන්

 ටැංකියේ මාළු ගොඩක් ඉන්නවා එක මාලුවෙකුට විතරයි මෙහෙම වෙලා තියෙන්නෙ කියලා.නමුත් ඉක්මනට ප්‍රතිකාර නොකළොත් හෝ මේකට හේතු වන කාරණය නිවැරදි නොකලොත් මේක අනිවාර්යෙන්ම අනිත් මාළු අතරත් පැතිර යනවා


🐟මාළු cloudy ඇස සුව කළ හැකිද?


මේ සුදු පැහැති පටලය මූලික අවස්ථාවේදී හඳුනා ගත්තොත් ඉතා පහසුවෙන් සුව කරන්න පුළුවන්. බොහෝ විට මේ සදහා හේතු වන්නේ ජලය අපිරිසිදු බව හෝ පරපෝෂිතයන් විසින් ඇති කරන ක්‍රියාකාරීත්වය ලෙස පෙන්වා දිය හැක. cloudy තත්ත්වය බරපතළ නොවේ නම් ජල මාරුකිරිම් සමග ටැංකි නඩත්තු කටයුතු කරගෙන යනවා නම් ඖෂධ නැතුවම බොහෝ දුරට සුවකර ගන්න පුළුවන්.තත්ත්වය බරපතළ නම් ඖෂධ භාවිතා කරන්නම සිද්ධ වෙනවා.ප්‍රතිකාර වල ප්‍රගතිය සහ සාර්ථකත්වය ජලයේ ගුණාත්මක බව මත තීරණය වන බව තරයේ මතක තබාගත යුතුයි.

කෙසේ වෙතත්, ඔබේ මාළුවාගේ ඇස් ප්‍රතිකාර වලට පමාවී දුර්වල වී ඇත්නම් එය නැවත සුවකළ නොහැකිවනු ඇත.මෙම අවස්ථාවේ දී හොඳම ක්‍රියාමාර්ගය වන්නේ තවදුරටත් හානිය අවම කර වළක්වා ගැනීම පමණයි.


👿වෙනත් හේතු තියෙනවද


🐟ජාන බලපෑම

මුලින්ම මෙහෙම දෙයක් දැක්කොත් ඔබ තුළ අවබෝධයක් තියෙන්න ඕන මේ cloudy තත්වය මසුන්ගේ නිශ්චිත විශේෂ සඳහා සාමාන්‍ය දෙයක් නොවන බව. මොකද  කියතොත් ස්වභාවයෙන්ම වලාකුළු වැනි පටල සහිත හෝ කිරි පැහැයක් සහිත ඇස් ඇති මත්ස්‍ය විශේෂ කිහිපයක් තිබේ.


උදාහරණයක් ලෙස, සමහර ගෝල්ඩ්ෆිෂ්, පෆර් ෆිෂ් සහ රැබිට් ෆිෂ් විශේෂ වල ස්වභාවිකව සුදු පැහැති sheen එකක් ඇත. ඒ වගේම මේ තත්ත්වය පැටවුන් ලෙස බිහි වූ දා සිට ඇස් දෙකෙහිම තිබිය යුතුය මේ වෙනස්කම් හඳුනා ගැනීමට ඔබ දක්ෂ විය යුතු වේ.


🐟 ඇසේ සීරීම් සහ තුවාල

එක් ඇසක පමණක් කිරි පැහැති sheen එකක් තිබේ නම්, එයින් අදහස් වන්නේ ඔබේ මාළුවාගේ ඇස යමක ගැටීමෙන් සිදු වූ සීරීමක් හෝ ඉලිප්පුමක්  විය හැකි බවයි. මේ වගේ තත්ත්වයක් සාමාන්‍යයෙන් ඉතා ගුණාත්මක වතුර තත්ත්වයක් යටතේදි පහව යන්න පුළුවන්. නමුත් එහි බැක්ටීරියා ආසාදනයක් ඇතිවුණත් තත්ත්වය බරපතළ

 වන නිසා ඖෂධ ලබා දීමක් සිදු කළ යුතුයි.


නමුත් ඔබට විනිශ්චය කිරීමේ හැකියාව තියෙන්න ඕන එම සීරීම හෝ තුවාලය ඇසේ කොයි ස්ථරය දක්වා බලපෑමක් සිදු වෙලා තියෙනවාද කියන එක පිළිබඳ සහ කළු ඉංගිරියාව දක්වා එය විහිදිලා ද නැද්ද යන්න පිළිබඳ. මේ වගේ රෝග විනිශ්චයක් වීඩියෝවක් හෝ ඡායාරූපයක් බලල කිරීම ඉතා අසීරු කටයුත්තක්. ඒක නිසා කෙනෙකුගෙන් බෙහෙත් අසා ගන්නවා නම් එය කොයිතරම් භයානකද කියන එක ඔබම තේරුම් ගන්න.


🐟 මාළු ටැංකියේ වැරදි සහ අඩුපාඩු


සමහර මාළු ටැංකි වල අනවශ්‍ය විදියට සැරසිලි තියෙනවා සමහර වෙලාවට මාළුන්ට පීනන්නත් ඉඩකඩ නැති තරමට ගස්වල කොට දාලා ,ගල් මුල් දාලා ඉතින් මේ වගේ ටැංකිවල මාළු කලබල උනාම  මේවගේ හැප්පිලා තුවාල සිදුවන අවස්ථා සුලබයි. එහෙම නැත්නම් අනිකුත් මසුන් සමග සටන් කරල ඇස් තුවාල කරගන්න අවස්ථා ඕන තරම් තියෙනවා මේකත් cloudy අයි එන්න එක හේතුවක්.ජල පරාමිතීන් වල හදිසි වෙනස් වීම්, අඩු ඔක්සිජන තත්ත්වයක් පැවතීම, acclimate නොකිරීම, cloudy තත්ත්වයක් වීමට හේතුවක් ලෙස පෙන්වා දිය හැකියි.


 🐟ආසාදනය

මසුන්ගෙ අඩු ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පැවතීමෙන් cloudy අයි තත්ත්වය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. මීට අමතරව විශේෂයෙන් ආසාදනයක් හේතුවෙන්.ආසාදනය වීමට වඩාත් පොදු හේතුව වන්නේ ඔබේ ටැංකියේ නඩත්තු නොමැතිකමයි. මේ අවස්ථාවේදී නම් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන්න වෙනවා.  යළි යළිත් මේ දේවල් කියන්නෙ කරුණාකර ඔයාලගේ ටැංකියේ filter පද්ධතිය ශක්තිමත් කරගන්න, නඩත්තු කටයුතු කලට වෙලාවට කරන්න ජලය නිවැරදි ප්‍රමාණය නිවැරදි කාලය තුළදී මාරු කරන්න කියන එක මතක් කරන්නයි.

තවත් වැදගත්ම දෙයක් තමයි අලුතෙන් ටැංකියට එකතු කරන සියලුම ශාක මසුන් සහ සජීවී ආහාර ලෙස ලබා දෙන සතුන් නිරෝධායන කටයුතු සඳහා අනිවාර්යයෙන් යොමු කිරීමෙන් පසු ටැංකියට එකතු කරන්න වගබලා ගතයුතුය.තවද අලංකරණය සදහා යොදන මෙවලම් වැනි ඔබේ මින්මැදුරට එකතු වන ඕනෑම දෙයක් හොඳින් පිරිසිදු කිරීම සහ විෂබීජ නාශනය කිරීමට වගබලා ගත යුතුයි.


 🐟පරපෝෂිතයන්

ඇසේ ඇති පරපෝෂිතයන්, Eye fluke වැනි දෑ ස්වභාවික පරිසරයෙන් අල්ලා ගන්නා මසුන් තුළ සමහර අවස්ථාවල දක්නට ලැබේ.මේ පරපෝෂිතයන් ඇසේ cloudy තත්වයන් ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. සමහර විට ඇස තුළම cloudy සමග කුඩා පණුවන් දැකිය හැකි. මෙවැනි පරපෝෂිත ආසාදන මාළුගේ දර්ශනය අඩපණ කරයි.සුරතල් මසුන්ගේ Eye fluke වලට ප්‍රතිකාර කිරීම සඳහා මේ වන තක් කිසිදු ආරක්ෂිත සාර්ථක ඖෂධයක් නැත. එම නිසා හේතුව නිරීක්ෂණය තුළින් නිවැරදිව හඳුනාගෙන cloudy eyeසඳහා ප්‍රතිකාර කළ යුතු බව ඔබට දැන් වැටහෙනවා ඇති.


🐟ඇසේ සුද 

ඇසේ සුද යනු ඇසේ කාචයට වන හානිය වන අතර එමගින් පාරාන්ධතාවයට පත්වේ. ඇසේ සුද ඇතිවීමට හේතු කිහිපයක් තිබේ  පෝෂණ ඌනතා, ආසාදනය හෝ ජානමය සාධක මේ අතරින් ප්‍රධානයි.


මිනිසුන් මෙන්ම, මහලු වියේ පසුවන මත්ස්‍යයින්ට ඇස් පෙනීම දුර්වල වී අවසානයේදී ඇසේ සුද ඇති විය හැකි අතර එමඟින් ඔවුන්ට සැරිසැරීමට හා ආහාර කිරීමට අපහසු වේ.මෙම අවස්ථාවේදී, ඔබේ මාළුන්ගේ ඇස්වල ඇතිවන හානිය ආපසු හැරවීමට ඔබට බොහෝ දේ කළ නොහැක. මිනිසුන්ට කළ හැකි සැත්කම් මෙන් නොව මාළු සඳහා ලබා ගත හැකි ප්‍රතිකාර ඉතා අල්පය.ඒක නිසා දීර්ඝ කාලයක් ඇස් නිරෝගීව තබා ගැනීමට ජලයේ ගුණාත්මකභාවය උසස් ව තබා ගන්නා ලෙස නැවත නැවත පැවසීමට කැමැත්තෙමි.


🐟cloudy අක්ෂි සහිත මාළු සුව කරන්නේ කෙසේද?


බොහෝ කාරණා දම්වැලක් සේ එකිනෙකට බැඳී පවතී.පෝෂණය අඩු ආහාර ලබාදීමෙන් cloudy තත්ත්වය ඇති වෙන බව ඔබ දන්නවාද.විශේෂයෙන්ම විටමින් A ඌනතාවය මෙයට තදින්ම බලපානවා. එමඟින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල තත්ත්වයට පත්වෙනව වගේම එමඟින් ඔවුන් ඉක්මනින් බැක්ටීරියා සහ ආසාදන වලට ගොදුරු වීමට නොවැළැක්විය හැකියි. එමගින් cloudy තත්ත්වය ඇතිවීමට සෘජුව බලපෑමක් කරනවා.

එම නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමටත්, උපරිම සෞඛ්‍ය සම්පන්නව ක්‍රියා කිරීමට අවශ්‍ය විටමින් ඛනිජ ලවණ සහිත ආහාර ලබා දීමට වගබලා ගත්තොත් හොඳයි.


🐟 ජලයේ ගුණාත්මක බව, 


ජලයේ දියවී ඇති මසුන්ට හිතකර සහ ‍ අවශ්‍ය කැල්සියම් මිනරල් මූලද්‍රව්‍යයන්ගේ සමතුලිතතාවය ඇතැම් මත්ස්‍ය වර්ගයන්ගේ cloudy තත්ත්වය ඇතිවීමට හේතුවක් බව මෑතකදී සොයා ගෙන ඇත. නළ ජලයේ මේ ගුණාංග ඇති බැවින් කලට වෙලාවට ටැංකියේ වතුර මාරු කිරීමෙන් අවශ්‍ය ගුණාංග එකතු කරගන්න පුළුවන්


🐟 ඇමෝනියා මට්ටම්

 නයිට්‍රජන් චක්‍රය නිවැරදිව කළමනාකරණය නොකිරීම filter පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකිරීම ටැංකියේ ඇමෝනියා සහ nitrite මට්ටම ඉහළ යෑමට හේතුවේ. අලුත් ටැංකිවල මේ තත්ත්වය බහුලව දැකගන්න පුළුවන්. ඇමෝනියා අගය 0 ලෙස පවත්වාගෙන යාමටත් 20ppm ට නොඉක්මවන නයිට්රේට් මට්ටමක් පවත්වා ගැනීමෙන් cloudy තත්ත්වය ඇතිවීම මගහැරවීමට එක හේතුවක් වේ. 


 🐟ක්ලෝරීන් සහ ක්ලෝරැමීන්

 ඔබ ඔබේ ටැංකියේ නළ ජලය භාවිතා කරන්නේ නම්, ක්ලෝරීන් සහ ක්ලෝරමයින් ජලයෙන් ඉවත් කිරීමට වග බලා ගන්න.

ක්ලෝරමයින් ඉවත් කළ හැක්කේ ජල කන්ඩිෂනේෂන් හෝ අධික කාබන් පෙරීම මගින් පමණි. 


🐟cloudy තත්ත්වය සඳහා ඔබ ඖෂධ වතුරට එකතු කරන්නේ නම් එය නියමිත මාත්‍රාවට ම පමණක් බෙහෙත් යෙදීමට වග බලා ගන්න මාත්‍රාව වැඩි වුවහොත් එය ඇස විනාශ වීමට හේතුවක් වනු ඇත. මාත්‍රාව අඩුවෙන් යෙදුවහොත් ප්‍රතිඵල නොලැබෙනු ඇත. බෙහෙත් එකතු කිරීමට මත්තෙන්ක වෝටර් න්ඩිෂනර් එකතු කිරීමට මතක තබාගන්න.


😡😡 මොනවද පාවිච්චි කරන්න පුළුවන් බෙහෙත්


බෙහෙත් වරග මෙතන සඳහන් කරාට වැඩක් නැහැ කලින් කිව්වා වගේ නිරීක්ෂණය තුළින් නිගමනයකට එන්න ඕන ඇසට සිදුවෙලා තියෙන හානිය කොතරම්ද කියලා ඒ අනුව තමයි බෙහෙත තීරණය කරන්න ඕන. මොකද හානිය වැඩි නම් ලුණු වගේ දෙයක් පාවිච්චි කරලා ගොඩදාන්න අමාරුයි බෙහෙත් වර්ග තෝරමින් කල් අරගෙන කරන්න ගියොතින් මාළුවාට පෙනීම විතරක් නෙමෙයි සමහර විට ඇසත් අහිමි වෙන්න ඉඩ තියෙනවා.


✅✅✅ බෙහෙතක් පාවිච්චි කරනකොට අඩුවට බෙහෙත් හොයන්න එපා හොඳම බෙහෙත හොයන්න මොකද අපි සතෙකුගේ ජීවිතයක් හෝ ඇහැක් බේරගන්න මේ යන්නේ. සමහර චයිනීස් බෙහෙත් වර්ග තියෙනවා ලෙඩේ හොඳ වුනොත් දීර්ඝකාලීනව ඇහැට නරක බලපෑම් ඇති කරන. වෙන ලෙඩ ගැන කතා කරත් ඔච්චර තමයි කියන්න තියෙන්නේ ඒක නිසා හොඳම බෙහෙත් පාවිච්චි කරන්න නිතරම උත්සාහ කරන්න.


කෙසේ වෙතත් chemical භාවිතයට කලින් කරන්න පුළුවන් එකම දේ ලුණු භාවිතා කිරීම මේ සඳහා ඇක්වේරියම් සෝල්ට් තේ හැන්දක් වතුර ලීටර් පහළොවකට යන අනුපාතයට යොදාගෙන හීටරය 30 -33C ට ක්‍රියාත්මක කරලා ප්‍රතිකාර කරන්න පුළුවන්.

සැ.යූ- ලුණු අහිතකර නොවන මසුන් සඳහා පමණයි


භාවිතා කරන්න පුලුවන් තව ඖෂධ වර්ග මම මේ පෝස්ට් එකට එකතු කරන්නම් තව ඔයාලත් දන්න බෙහෙත් තියෙනවා නම් comments section එකේ කමෙන්ට් එකක් විදියට දාන්න ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක.ස්තුතියි...

අද කතා කරන්න යන්නේ තරමක් සංකීර්ණ මාතෘකාවක්. ටැංකියක පසුතල හැඩ ගැන්වීම සඳහා යොදාගන්නා පාට සහ ටැංකිය පතුලට දාන්න ඕන මොනවද කියන එක ගැන.



ඇයි මේක සංකීර්ණ වෙන්නේ, වැල් වටාරම් නැතුව අපි ඉතා කෙටියෙන් මේක විසඳගන්න බලමු,ඉන්ටර්නෙට් එකෙන් තියරි එක කියෙව්වත් මේක ප්‍රායෝගිකව කරන්න ගියාම ලේසි නැහැ. අපට කරන්න පුළුවන් හොඳම දේ තමයි පළපුරුද්දෙන් අත්දැකපු අයගේ අදහස් ලබා ගන්න එක. එමගින් ටැංකියක පසුතල නිර්මාණය සහ ටැංකිය පතුලට දාන්න ඕන මොනවද කියන එක ගැන අවබෝධයක් වගේම පෙර විපරමක් ලබා ගන්න පුළුවන්. පසුතල නිර්මාණය සඳහා තීරණයක් ගන්න එක ලේසි පාසු දෙයක් නෙවෙයි මොකද මේක නිතර නිතර වෙනස් කරන්න බැරි දෙයක් නිසා. අපි පළමුවෙන්ම කරන්න ඕන අපි කැමති මාළු වර්ග තෝරා ගන්න එක. ඊට පස්සේ ටැංකිය ස්ථානගත කරන්න බලාපොරොත්තුවන ස්ථානය තීරණය කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි පසුතලයට අවශ්‍ය පාට තීරණය කරන්න ඕන. ඊට පස්සේ ඒ සඳහා අපි පාවිච්චි කරන ආලෝකකරණ, වැනි කාරණා ගැන ඉතා හොඳින් සැලකිලිමත් වෙන්න ඕන. අලුතින් ටැන්කියක් මේ විදිහට නිර්මාණය කරද්දි මම දකින හොඳම දේ තමයි පළපුරුදු කෙනෙකුගෙන් අසා දැන ගැනීම. දෙවෙනි කාරණය තමයි ඔබ ඇති කිරීමට බලාපොරොත්තු වන මසුන් තව කෙනෙකු ඇති කරනවානම් එය ප්‍රායෝගිකව ගොස් දවසේ කිහිප අවස්ථාවක නිරීක්ෂණය කිරීම. මොකද ඡායාරූපයකින් හැමදේම ගැන නිගමනයකට එන්න අමාරු නිසා.


සාමාන්‍යයෙන් අපිට මොනවද ලංකාවේ ටැංකිය වල පසුතල නිර්මාණය සඳහා දකින්න පුළුවන් පාට වර්ග


කලු,සුදු,නිල් ,කොල කලාතුරකින් අළු පාට ,3D හෝ ස්වභාවික පරිසරයේ දර්ශන සහිත ස්ටිකර්.. තව විවිධ පාට වර්ග තියෙන්න පුළුවන්.විවිධ වර්ගයේ පාට වර්ග පසුතල දර්ශන සඳහා පාවිච්චි කරන කොට එහි වාසි සහ අවාසි දෙපැත්තම තියෙන්න පුළුවන්, ඒක නිසා තමයි අපිට අද මේ ගැන කතා කරන්න වෙලා තියෙන්නේ 😁


✍කළු වර්ණය තෝරගත්තොත් කොහොමද?


කළු කියන්නේ ඉතා අඳුරු වර්ණයක්. මේ වගේ පසුබිමක දී සමහර අරවානා වර්ගග සහ දීප්තිමත් හෝ ලා පැහැති වර්ණයකින් යුක්ත ශාක හෝ මාළු වර්ගයක් සිටිනවා නම් ඔවුන් ඉතා අලංකාරව දර්ශනය කරගන්න පුළුවන්. අඳුරු පැහැයෙන් යුතු මසුන් වර්ග මේ සඳහා සුදුසු නැහැ.කැමරාකරණයට සඳහා ඉතා සුදුසුයි. කළු වර්ණය සමහර ආලෝක උරා ගන්නා නිසා ආලෝකකරණය කිරීමේදී ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. වැඩි ආලෝකකරණයක් යොදා ගැනීමෙන් සහ විවිධ වර්ණවලින් යුත් ආලෝක යොදාා ගැනීමෙන් සමහර මාලූ වර්ග ආතතියට පවා ලක්වන්න පුළුවන් .කළු පසුතලයක් යෙදීමෙන් ඔබගේ මින් මැදුර කුඩාවට පේනවා ඒක නිසා කුඩා ප්‍රමාණයේ ටැංකි සඳහා කළු වර්ණය සුදුසු නැහැ. එය අවාසියක් විදියට මම දකිනවා.ඔබ ස්වභාවික පරිසරයක් බලාපොරොත්තු වෙනවා නම් වෙන වර්ණයක් යොදා ගැනීම උචිතයි.


✍නිල් වර්ණය තෝරගත්තොත් කොහොමද?


කළු වර්ණය මෙන් නොව නිල් වර්ණය අඩු වැඩිව පාවිච්චි කළ හැක. මෙයින් ජලයේ වර්ණය වැඩිකර පෙන්වනවා කළු වර්ණයට වඩා දීප්තිමත් බැවින් එහි ස්වභාවික පෙනුමක් ගන්නවා. මුහුදු මසුන් ඇති කරන ටැංකියක් සඳහා වඩාත් සුදුසුයි. බහුතරයකගේ පිළිගැනීම නම් ලා නිල් පැහැය යෙදීමෙන් ප්‍රතිඵල වැඩි බවයි. මොකද නිල්පැහැති මලාවි වැනි මසුන් පවා මෙම පසුතලයේ දී දැක ගන්න පුළුවන්. අඳුරු පැහැති හෝ වර්ණවත් නොවන මසුන් වුණත් මේ පසුබිමේ දී කැපී පෙනෙනවා වගේම ස්වභාවික හැඟීමක් ලබා දෙනවා. සමහර අරවානා වර්ග වල වර්ණ තීව්‍ර කිරීම සඳහා ඉහළ ප්‍රතිඵල ලබා ගන්න මේ වර්ණය ප්‍රයෝජනවත් වෙනවා.යම් කෙනෙකුට අඳුරු පසුබිමක් අවශ්‍ය නම් ඒ සඳහා කළු වෙනුවට තද නිල් යොදා ගන්නත් පුළුවන්.


✍කොළ වර්ණය තෝරා ගත්තොත් කොහොමද?


නිල් වර්ණය තුළ තිබෙන ගුණාංග බොහෝදුරට මෙම වර්ණයට අදාලයි. ඒ වගේම planted tank එකක් සඳහා උචිතයි මොකද ජලජ ශාක වර්ග සහ ඇල්ගී මේ පසුබිම සමග එකට මුසුවී ඇසට ප්‍රියමනාප දර්ශනයක් ලබා දෙනවා.


✍විවිධ ස්වභාවික දර්ශන සහිත පසුතල යෙදීම


මෙයින් ටැංකියේ දර්ශනය විශාල වශයෙන් වෙනස් කිරීමකට භාජනය වෙනවා. මෙහිදී සමහර මසුන් සහ සමහර ශාක වර්ග වල ස්වභාවික දර්ශනය නැති වී යාමටත් හේතුවක් වෙන්න පුළුවන්. ටැංකිය තුළ  ජලජ ශාක නොමැතිව තබා ගන්න කැමැති කෙනෙකුට මෙය ප්‍රයෝජනවත්. ඉතා කුඩා මසුන් රැන් වශයෙන් ඇති කිරීමට බලාපොරොත්තු වෙන අයට උදව්වක් වේවි.


✍පසුතල නිර්මාණයක් නොමැතිව තැබීම


මෙහිදී වාසි සහගත තත්වයකට වඩා අවාසි සහ සහගත තත්ත්වයන් දකින්න පුළුවන්. වීදුරුව හරහා අවට පරිසරය දැකීම නිසා අපිට මසුන් දර්ශනය වීම සීමා කරනවා වගේම බාධාවක්. ආලෝක කරණය කිරීමත් පහසු නැහැ. යම්කිසි ස්ථානයක මැද ස්ථානගත කරනවා නම් එහි වාසියක් ලබාගන්න පුළුවන්. නමුත් අරවානා මත්ස්‍යයන් සදහා tanning light භාවිතා කිරීමේදී වැඩි සාර්ථකත්වයක් ලබාගන්නන මේ අවස්ථාවේදී පුලුවන්.


✍සුදු පැහැති පසුතලය


මෙහිදී මසුන් ක්ෂණිකව දර්ශනය වීමට පහසුවක් ඇති කරයි නමුත් ස්වභාවික පෙනුම එයින් දුරස් වෙනවා. white tank treatment (WTT)කිරීම සඳහා නම් ඉතා ප්‍රයෝජනවත්. Cross back arowana high back red tail golden arowana, වැනි මසුන් සඳහා සුභ පසුතලය සහ ආලෝකකරණය තුළින් වුන්ගේ පැහැය තීව්‍ර කර ගන්න පුළුවන්.WTT මගින් සමහර polypterus වර්ග අල්ලාගත් ප්‍රදේශය (catch location) පිළිබඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්.Platinum මසුන්ගෙ කොරපොතු වල ඇති සුදු පැහැය දිලිසෙන මට්ටමකට ළඟාකර ගැනීමට සුදු පසුතලය ඉතා ප්‍රයෝජනවත්. උඩ යට ඒකාබද්ධ කළ ටැංකි ඔබට තියනවනම් යට ටැංකියට සුදු පසුතලයක් යෙදීම මගින් ඉක්මනින් මාළු දර්ශනය කිරීමට පහසුවක් ලබා දෙනවා.


👉☠සැලකිය යුතුයි!!


සමහර පසුතල වර්ණ සමග ආලෝක කරණය කිරීමෙන් පසු  ජලයෙහි රසායනික සංයුතිය වෙනස් වීමට පවා පුළුවන් මෙමගින් මසුන්ට ඉතා අහිතකර තත්ත්වයක් උදා වී මරණය පවා සිදුවෙන්න අවස්ථා අහන්න ලැබෙනවා. සමහර පසුතල පාට සහ ආලෝකකරණය නිසා මසුන්ගේ ශරීරයේ සමට සහ කොරපොතු වර්ණයට හානි සිද්ධ වෙන්න පුළුවන් ඒ ගැනත් අපි සැලකිලිමත් විය යුතුමයි. සමහර වර්ණ ගැලපෙන අයුරින් භාවිතා කලත් එය ආලෝකකරණය කළ පසු මසුන්ගේ සෙවනැල්ල දැකීමෙන් සමහර මසුන් වර්ග ආතතියට පවා ලක්වෙනවා. එවැනි අවස්ථාවල ඉක්මනින් එය වෙනස් කිරීම කළ යුතුමයි.මේ සඳහා ටැංකියේ පැති තුනක් ආවරණය කිරීම සුදුසුුයයි සමහර ප්‍රවීනයන් නිර්දේශ කරනවා.


✍සාමාන්‍යයෙන් අපිට මොනවද ටැංකියේ පතුලට යොදාගන්න පුලුවන්


කිසිවක් නොදා හිස්ව තැබීම, විවිධ වර්ණවලින් යුත් ගල් හෝ වැලි යොදා ගැනීම, ජලජ පැලෑටි වලින් ආවරණය කිරීම, කිරීම වගේ තව ගොඩක් දේවල් කරන්න පුලුවන්.


මෙහිදී ප්‍රධාන වශයෙන් අලංකාරය ගැන හිතනවා වගේම එදිනෙදා නඩත්තු කටයුතු සඳහා යන ශ්‍රමය සහ වියදම ගැන දෙපාරක් හිතන්නම ඕන. සමහර මාළු වර්ග වලට වැලි වර්ග අවශ්‍ය උනත් සමහර වර්ග වලට වැලි යෙදීම හානි දායක වෙන්න පුළුවන් comunity ටැංකි පවත්වාගෙන යන මේ ගැන කල්පනාකාරී විය යුතු කාරණාවක්. සමහර මසුන් අපි යොදන වැලි වල වර්ණය නිසා ඔවුන්ගේ නියම වර්ණය මැකී යන්න පුළුවන්. ගල් වර්ග වැඩිපුර පාවිච්චි කරනවා නම් ඇමෝනියා නිශ්පාදනය වීමට තියෙන සම්භාවිතාව වැඩි නිසා පිරිසුදු කිරීම් කටයුතු නිසි පරිදි කරන්න වගබලා ගත යුතුයි.ටැංකියේ පතුල හිස්ව තැබීම පිරිසුදු කිරීම් කටයුතු සඳහා පහසු වුණත් සමහර polypterus වැනි මසුන්ට එය හානි දායක වෙන්න පුළුවන්. අඳුරු පැහැයෙන් යුක්ත මසුන් සිටින ටැංකියක ටැංකියේ පතුලට ලා පැහැති substrate එකක් පාවිච්චි කිරීමෙන් අපට මාලුවා නිරීක්ෂණය කිරීමේ හැකියාව වැඩි වෙනවා. වර්ණවත් මසුන් සිටිනවා නම් තද පැහැයෙන් යුක්ත substrate එකක් යෙදීම මගින් මසුන් පැහැදිලිව දැක ගැනීමේ හැකියාව අපට ලබාගන්න පුළුවන්. ඉහත කී පරිදි පහසුවෙන් දැකගැනීමට හැකිවන පරිදි පමණක් substrate එකක් තෝරා ගැනීම උචිත නැහැ. එය මසුන්ගෙ සෞඛ්‍යයට තර්ජනයක් නොවන ලෙස තෝරා ගත යුතුයි.මේ වගේ අපි මෙතන කතා නොවෙච්ච බොහෝ කාරණා සහ අත්දැකීම් ඔයාලා ළඟත් ඇති. ඔයාලගේ ඒ අත්දැකීමුත් පහල comment section එකේ සමූහය අතර බෙදා ගන්නා ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි!!!

ආතතිය (Stress)




☠බොහෝ දෙනා වැඩි සැලකිල්ලක් නොදක්වන කාරණයක් තමයි අද කතා කරන්න යන්නේ සමහර වෙලාවට අපේ මසුන් හදිසියේ මරණයට පත්වුණාම ඒකට හේතුව අපිට හිතාගන්න බැරි වෙනවා සමහරු කියනවා හැමදේම හොඳින් තිබුන එක පාරට මාළුවා මැරුණා කියලා මෙන්න මේ වගේ හදිසි මරණ වලට එක හේතුවක් තමයි ආතතිය. දීර්ඝ කාලීනව පවතින ආතතිය සහ ක්ෂණික ව ඇතිවන ආතතිය නිසා මසුන් මේ විදියට මිය යන්න පුළුවන්. නවතම පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා ආතතියට පත්වූ දෙමව්පියන්ගෙන් උපදින පැටවුන් පරම්පරා තුනක් පමණ යන තුරු ඔවුන් ආතතියෙන් ජීවත් වන බවත් ඔවුන්ගේ ආයු අපේක්ෂාව ඉතා අඩු බවත්.


✍ඇත්තටම ආතතිය හැදෙනවා කියන්නේ මොකද එතකොට මොකද මාළුවාට වෙන්නේ. තේරෙන භාෂාවෙන්ම කෙටියෙන් කියන්නම්


මෙමගින් මාළුවාගේ අභ්‍යන්තර සහ බාහිර වෙනස්වීම් රැසක් සිදු වෙනවා මෙම ආතතිය නිසා ශරීර අභ්‍යන්තරයෙහි හෝමෝන අසමතුලිතතාව හටගන්නවා එමගින් සිදුවන රසායනික වෙනස් වීම නිසා තමයි මසුන් මරණයට පත් වන්නේ. එය ක්ෂණිකව සිදුවන්න පුළුවන් එසේ නොමැති නම් එමගින් ඇතිවන ප්‍රතිශක්තිය හීන වී යාම නිසා ලෙඩ රෝග වලට ගොදුරු වී මිය යෑමට පුළුවන්.


උදා- මාලුවෙකු ජල ඉන් ඉවතට ගන්න එවිට මොකද සිදුවෙන්නේ එවිට මාළුවාගේ ආතතිය ඉහළ නගිනවා. එවිට ඇඩ්‍රිනලින් සහ නොරඩ්‍රිනලින් අධික ලෙස ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා මේ සමඟම කෙටි කාලයක් තුළදී කෝටිසෝල් මට්ටමත් ඉහළ නගිනවා. මෙම හෝමෝන අධික ලෙස ස්‍රාවය වීම තුළින් මසුන් අනිවාර්යෙන්ම මියයෑමට ලක්වෙනවා. ආතතියට පත් විය හැකි අවස්ථා පහත සඳහන් ලෙස පෙළ ගස්වන්න පුළුවන් 


☹️වතුර ගුණාත්මක බව අඩුවීම.


අදටත් ලංකාවේ මේ විනෝදාංශය යෙදිල ඉන්න බහුතරයක් මිනිස්සු මසුන් මිලදී ගන්න කොතරම් මුදලක් වැය කරත් ෆිල්ටරය එක තියෙන වැදගත්කම තේරුම් අරගෙන නැහැ කියලයි පෙනෙන්නට තියෙන්නේ. කොටින්ම කිව්වොත් ෆිල්ටරය කියන්නේ ටැංකියේ හදවත හදවත නැතුව අපට ජීවත් වෙන්න බැහැ වගේ තමයි හොඳ filter system එකක් තිබුණෙ නැත්තං කවදාවත් මාළුවෙක් ඇති කරන්නත් බැහැ. මේ සඳහා එදිනෙදා සතිපතා කලයුතු පිරිසුදු කිරීම අනිවාර්යයෙන් කරන්න ඕන. Ammonia, nitrate nitrite, phosphate සහ විවිධාකාර වූ විෂ ද්‍රව්‍ය ගෙවෙන හැම තත්පරේ කදීම ටැංකියේ වතුර ට එකතු වෙනවා. එම නිසා පිරිසිදු කිරීම් නඩත්තු කිරීම් ක්‍රමවත්ව කළේ නැත්නම් අනිවාර්යෙන්ම මාළු විවිධ ආකාරයෙන් ආතතියට පත් වෙලා මිය යෑම සිදු වෙන්න පුළුවන්. එය වතුරේ ගුණාත්මක භාවය නැති වීමෙන් කෝ එම නිසා ඇතිවන බැක්ටීරියා පරපෝෂිත ආසාදන වලින් ඇතිවන ලෙඩ රෝග නිසා ආතතියට පත් වී මරණයට පත් වීමටත් පුළුවන්


☹️අවශ්‍ය තරම් ඔක්සිජන් නොමැති වීම


ඇතැම් මසුන් වර්ග වලට ඉතා හොඳ ඔක්සිජන් සැපයුමක් අවශ්‍යයි. ඔබ ඇතැම් විට දැකලා ඇති සමහර මසුන් ජලයේ ඉහළම ස්ථරයට පැමිණ වාතය ගැනීමට උත්සාහ කරන ආකාරය. අවශ්‍ය ප්‍රමාණයට ඔක්සිජන් සැපයුමක් නොලැබුනු විට මාලුවා ආතතියට පත් වෙනවා ඒ වගේම කරමල් දුර්වල වෙනවා සම්පූර්ණ වර්ධනයක් සහ උපරිම ආයු කාලයක් නොලැබී යෑමටත් හොඳ ඔක්සිජන් සැපයුමක් නොමැති වීම හේතු වෙන්න පුළුවන්. ඔක්සිජන් සැපයුමක් ලබා දෙනවා නම් එය ජලයේ ඉක්මනින් දිය වී යන ආකාරයට ලබාදෙන්නත් බලාගන්න ඕන.


☹️නොගැලපෙන උපාංග භාවිතා කිරීම


සමහරු හීටරයක් භාවිතා කිරීමේ හේතුව හරියටම දන්නේ නැහැ හීටරයක් මගින් වතුර උණුසුම් වෙනකොට ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එම නිසා අවශ්‍යතාවය අනුව පමණක් හීටරයක් භාවිතා කරන්න.

සමහර වෙලාවට ටැංකියේ ප්‍රමාණය වත් හිතන්නේ නැතුව භාවිතා කරන corner filter වල ඔක්සිජන් සැපයුම වේගවත් බව නිසා මසුන් නිරන්තරයෙන් වේගයෙන් ඉවතට ඇදී යනවා මසුන්ට නිරන්තරයෙන් පිහිනමින් ඔවුන් විශාල ආතතියකට පත්වනවා ඔබ සමහරවිට දැකලා ඇති. සමහර සැරසිලි සඳහා යොදා ගන්නා දේවල් නිසාත් මින් මැදුර තුළ හෝ පිටත භාවිතා කරන විවිධ උපාංග නිසා ඇතිවන ශබ්දය හා කම්පනය නිසාත් මසුන් විශාල ලෙස ආතතියට පත් වෙනවා.


☹️සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම


ඇතැම් මසුන් වර්ග සැඟවී සිටීමට ප්‍රියකරන මා වෙන්න පුළුවන්. එවැනි සතුන් සඳහා ජලජ ශාක ලී කොට අඳුරු පසුබිම සහිතව මින් මැදුර සැකසීමෙන් ඔවුන් බොහෝ දුරට ආතතියෙන් ඉවත් කරගන්න පුළුවන්.


☹️අවශ්‍ය තරම් පෝෂණයක් නොලැබීම


අවශ්‍ය තාම පෝෂණයක් නොලැබීම නිසා මසුන් ගේ සෞඛ්‍යය පිරිහීම සහ විවිධ ලෙඩ රෝගවලට ඉතා පහසුවෙන් ගොදුරු වීම අනිවාර්යෙන්ම සිදුවෙනවා මෙමගින් මසුන් දැඩි ආතතියකට පත් වෙනවා තවත් සමහර මසුන් ටැංකියේ සිටින අනිත් මසුන්ට පහර දෙන්න උත්සාහ කරන අවස්ථා පිළිබඳ  අත්දැකීම් ඔබටත් ඇති. අවශ්‍ය ප්‍රමාණයට ආහාර දීම සහ ඉතා ඉහල පෝෂණයක් ලබා දීම මගින් ඉහත කරුණු සියල්ල නිසා සිදුවන ආතතිය වළක්වා ගැනීමට හේතුවක් වේවි


☹️ඉඩකඩ සීමා සහිත වීම


මා අසා ඇති ලොකුම විහිළුව නම් "දැන් පොඩි ටැංකියක හිටියට ලොකු වෙනකොට මම ලොකු ටැංකියක් හදනවා හොඳ ෆිල්ටරයක් පස්සේ හදනවා, filter media ටික ටික ගෙනල්ලා දානවා" බොහොම කලාතුරකින්  තමයිි upgrade කරන එක සිද්ධ්ධ වෙන්නේ්. 

කලින් කිව්වා වගේ මාළුවෙක් ඇති කරන්න කලින් ඒ මාළුවා ගැන විශේෂ අධ්‍යයනයක්  කළ යුතුමයි. එහෙම නැත්නම් ඉතා විශාල වන මසුන් කුඩා ටැංකිවල හිර කරල තැබීමෙන් ඔවුන් විශාල ලෙස ආතතියට පත් වෙලා අනිවාර්යෙන්ම මරණයට පත්වීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම වර්ධනය කෙටි කාලීනව හෝ සදාකාලික ලෙස බාධා පැමිණිය හැකිය. කුඩා ටැංකියක ජීවත්වීමේදී බොහෝ කාරණා නිසා මසුන් පහත දක්වා ඇති ආකාරයට පීඩාවට පත් වෙන්න පුළුවන්


1.ප්‍රමාණවත් ඔක්සිජන් නොමැති වීම,

2.ඉතා ඉක්මනින් ජලය දූෂණය වීම,

3.ගුණාත්මක ජලය නොමැති වීමෙන් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීම,

4.ඉඩකඩ සීමා වීම නිසා ව්‍යායාම නොමැති වීම

5.මාළුවාගේ වර්ධනය ඉතා පහළ මට්ටමකට වැටීම හෝ විකෘති වීම

6.ආයු අපේක්ෂාව අඩුවීම

වැනි බොහෝ කරුණු මෙයට ඇතුළත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මාලුවා වර්ධනය විශාල ලෙස සිදුවන කාලයේදී තමයි බොහෝ දෙනා ඔවුන් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක තබා ගන්න උත්සාහ කරන්නේ මෙමගින් මාලුවා ආතතියට ලක්වී මරණයට පත් වීමට පුළුවන්.


☹️ටැංකියේ ඉඩකඩට නොගැලපෙන ලෙස මසුන් විශාල ප්‍රමාණයක් ඇති කිරීම


මෙය බොහෝ දෙනා කරන ලොකු වැරැද්දක්. ලෝකේ ජීවත් වෙන කිසිම සතෙක් කැමති නැහැ තමන්ගේ නිදහස සීමා වෙනවට.විශාල ලෙස මසුන් එකතු කිරීම තුළින් ජලය ඉක්මනින් දූෂණය වීම ඔක්සිජන් ධාරිතාව අඩු වීම ලෙඩ රෝග ඉක්මනින් පැතිර යාම,ආහාර සඳහා අනවශ්‍ය තරගයක් ඇතිවීම එකිනෙකා සටන් කිරීමට පෙළඹීම ,මසුන් ටැංකියෙන් ඉවතට පැනීමට තැත් කිරීම වැනි බොහෝ කාරණා හේතුවෙනවා. මෙමගින් විශාල ලෙස ආතතියට පත්වන මාලු මිය යාම කිසිසේත් නවත්වන්න බැහැ.ඒ වගේම සමහර මාළු වර්ගයක් ඉතාම වේගයෙන් ටැංකියේ පිහිනීම නිසා ඇතැම් මසුන් වර්ග ආතතියට පත් වන්න පුළුවන්.


☹️ආක්‍රමණශීලී හැසිරීම


මසුන් එකතු කිරීමේ දී මේ ගැන අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. කිසිම අධ්‍යනයක් කරන්නැතුව හිතුමතේ ඉතා ආක්‍රමණශීලී මසුන් වර්ග සමග කොමියුනිටි කරන්න ගිහිල්ලා දහස් ගණන් මුදල් නාස්ති කරගන්නවා අපි දැකලා තියෙනවා. එවැනි ආක්‍රමණශීලී මසුන් ටැංකිය සිටින කොට අනිත් සතුන්ට ජීවත්වෙන්න සිදු වන්නේ මරණ බියෙන්. මෙමගින් බොහෝ රසායනික වෙනස්වීම් ශරීරය තුළ සිදු වෙනවා. මෙමගින් ආතතියට පත්වන මාලුවා සටන් කිරීමකින් තොරව හෝ පහර කෑම කින් තොරව වුණත් ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන්


☹️ Acclimation හරියාකාරව නොකිරීම


මෙය ක්ෂණික ආතතිය ඇති වී ක්ෂණික මරණය සිදුවීමට Acclimation  විවිධාකාරයෙන් සිදු කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අලුතින් ටැංකියට මසුන් හඳුන්වාදීමේදී ජලයේ උෂ්ණත්වයට හුරු කිරීම මෙයින් සිදු වෙනවා. ක්ෂණිකව ජලයේ උෂ්ණත්ව පරාසය හුරුවෙන්න පුලුවන් මසුන් වර්ග සුළු ප්‍රමාණයක් සිටියත් බොහෝ මසුන්ට එම ක්ෂණික වෙනස්වීම් දරාගත නොහැකිව ආතතියට පත් වෙනවා. ඔය ගැන ඔබ තරයේ මතක තබා ගත යුතු කාරණයක්.


☹️වතුරේ උෂ්ණත්වය ඉහළ පහළ යෑම


මේ සඳහා ඔබට හීටරයක් හෝ චිලර් එකක් භාවිතා කරන්න පුළුවන්. ලංකාව වැනි සමක ආසන්න රටවල ජීවත්වෙන අපිට ඒ තරම් ලොකු උෂ්ණත්ව වෙනස් වීම් වලට ක්ෂණිකව මුහුණදෙන්න වෙන අවස්ථා ඉතා විරලයි. මෝසම් වර්ෂා කාලවලදී සීතල කාලගුණයක් පවතින විට ඔබගේ ටැංකියේ සිටින මසුන් සඳහා හීටරයක් භාවිතා කිරීම සමහර විට සමහර මසුන්ට අවශ්‍ය වෙන්න පුළුවන්.


☹️නොගැලපෙන මසුන් එකතු කිරීම


බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි මේක මාලුවා ගෙදර ගෙනාවට පස්සේ තමයි විස්තර හොයන්න පටන් ගන්නෙ. මාළුවෙක් ටැංකියට එකතු කරන්න කලින් බලන්න ඕන  මාළුවාට අවශ්‍ය කරන පහසුකම් තමන් ළඟ තියෙනවද කියලා. අඩුම තරමේ ටැංකියේ pH අගයට ගැලපෙන මසුන් වර්ග පමණක් ඒක ටැංකියේ හදන්න ඕන. විවිධ pH අගයන් වල ජීවත් වෙන මසුන් එකම ටැංකියේ ඇති කරන්න ගියාම මාලුවා විශාල ආතතියකට පත්වෙලා මියයන්න වුණත් පුළුවන්

එමනිසා වතුරේ තියන පරාමිතීන් ගැන හොඳ අවධානයක් යොමු කරලා මසුන් ඇති කරන්න තෝර ගන්නවා නම් වටිනවා. අඩු උෂ්ණත්වයක ජීවත් වන මසුන් සහ ඊට වඩා ඉහළ උෂ්ණත්වය ජීවත් වන මසුන් සඳහා අවශ්‍ය ජලයේ උෂ්ණත්වය වෙන වෙනම සැකසිය යුතුයි එසේ නොමැතිව එකම ටැංකියේ ඇති කරන්න ගියොත් ඒකෙන් වෙන්නේ ලොකු හානියක්


☹️අනවශ්‍ය ආලෝකකරණය


විවිධ මසුන් වර්ග සඳහා විවිධ ආකාරයේ වර්ණ සහිත බල්බ යොදා ගන්නවා අපිට දකින්න පුළුවන්. ඉතා දීප්තිමත් ආලෝක සහිත බල්බ යොදා ගැනීමෙන් මසුන් ඉතා ඉක්මනින් ආතතියට පත් වෙනවා. ඒ වගේම දවසේ  කොපමණ කාලයක් ආලෝකය ලබා දිය යුතුද යන්න ගැන ඔබ අවබෝධයක් ලබාගත යුතුයි. මෙමගින් ජලයේ උෂ්ණත්වය පවා වැඩි වීමට හේතුවක් වෙන්න පුළුවන්. හිතා විශාල ආලෝක කරණයක් යොදා ගැනීමෙන් විවිධ ආකාරයේ ආතති තත්වයන් ට මසුන්ට මුහුණදීමට සිදුවෙන බැවින් එය හිතකර ලෙස සැකසීම ඉතා වැදගත්.


☹️අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමෙන් තොරව මසුන් එකතු කිරීම


ඉහත සදහන් කරා වගේ ඔබ තෝරාගත් මසුන් වර්ග සඳහා අවශ්‍ය කරන ලෙස මින් මැදුරට අවශ්‍ය සියලුම දෑ සකස් කිරීමෙන් අනතුරුව මසුන් රැගෙන ඒම ඉතා වැදගත් කාරණයක්. එසේ නොමැතිව විටින් විට වෙනස්කම් සිදු කිරීමට යාමෙන් ආතතියෙන් යුක්තව රැගෙන ආ මාළුවා තව තවත් ආතතියට පත්වීම නිසා මරණයට පත් වීමට පවා පුළුවන්.


 ☹️ මසුන්ට වැරදි ඖෂධ ලබාදීම හෝ මාත්‍රාව නිවැරදිව ලබා නොදීම


මෙය ඕනෑම කෙනෙකුට තේරෙන කාරණයක් එම නිසා මේ ගැන තවදුරටත් කතා කිරීම තේරුමක් නැහැ. තමන්ට හරි කියා හිතන දේ නොව හරියටම හරි දේ අවශ්‍ය මොහොතේදී ලබාදීමට කටයුතු කර මේ වගේ අවස්ථා මගහැර ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඖෂධ ලබා දුන් මසුන්ට ආතතිය අඩුවන ලෙස පරිසරය සකස් කර දීම අනිවාර්යයෙන් කරන්න ඕන. නැවත නැවත වෙනත් ටැංකිවලට මාරු කිරීම මාලුවා හොඳින් සිටිදැයි නැවත නැවත අතින් අල්ලා බැලීම ආලෝකය දිගින් දිගටම ලබාදීම එවැනි බොහෝ කාරණා වලින් ඈත්වී සිටීම ආතතිය වළක්වා ගැනීමට මෙන්ම රෝගය ඉක්මනින් සුව කර ගැනීමටත් හේතුවක් වේවි.


මේ ලියලා තියෙන ලිපියට අමතරව බොහෝ කරුණු පිළිබඳ සමූහයේ සිටින අය දැනුවත් වී සිටින්නට පුළුවන්.ඔයාලගේ පලපුරුද්දෙන්  ලැබුන දේවල් සමූහය සමග කොමෙන්ට් සෙක්ෂන් එකේ බෙදා ගන්නා ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා!!!

Polypterus ආධුනිකයන් සඳහා

  ආධුනිකයන් සඳහා 👇 ඇයි මිනිසුන් විසින් අභිජනනය කරන ලද ඇතැම් polypterus මාළුන්ගේ වර්ගය හරියටම අදුරගන්න බැරි වෙලා තියෙන්නෙ.  1. සමහර මාළුන්ගෙ...