අද කතා කරන්න යන්නේ අපි කවුරුත් හොඳින් දන්න ලාවා පාෂාණය ගැන.
ලාවා පාෂාණය යනු ගිනි කඳු පුපුරා යාමෙන් හටගන්නා ජ්වලිත පාෂාණයක්. පුපුරා යාමෙන් පසු උණුවූ ලාවා සිසිල් වී ඝන බවට පත්වෙනවා මෙසේ ඝන බවට පත් වූ මේ කොටස් ලාවා පාෂාණ ලෙස හඳුන්වනව. මෙම ලාවා පාෂාණවල ඇති සුවිශේෂී දෙයක් නම් එහි මතුපිට පෘෂ්ඨය ඉතා සිදුරු සහිත වීම.මේවා ඉතා සුලභව විවිධ වර්ණයන්ගෙන් අඩු මිල ගණන් යටතේ මිලදී ගන්න පුළුවන්.
මෙම සිදුරු සහිත ව්‍යුහයට නිසාවෙනම ඒ තුළ හිතකර ක්ෂුද්‍රජීවී ජනපද නිර්මාණය කළ හැක. එමගින් මේ පාෂාණය කදිම ජීව විද්‍යාත්මක පෙරහන් බවට පත්වේ. දැන් බලමු මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා.
පාෂාණ මතුපිටින් සහ එහි ඇති කුඩා වූ සිදුරු හරහා ජලය ගමන් කරන විට,නයිට්‍රිෆයින් බැක්ටීරියා ජලයෙන් ඔක්සිජන් නිස්සාරණය කර පරිභෝජනය කරනු ලබනවා. මේ ආකාරයෙන් පාෂාණය තුළ ස්වායු පරිසරයක් නිර්මාණය කරනව.
මෙම නිර්වායු පරිසරයේ ඇති හිතකර ඩිනයිට්‍රිෆයින් බැක්ටීරියා සියළුම නයිට්රේට් පරිභෝජනය කර ඒවා නයිට්රජන් හා ඔක්සිජන් බවට බිඳ දමනව. මේ ආකාරයෙන්, එය ජලයෙන් අතිරික්ත නයිට්රේට් නිස්සාරණය කර පිරිසිදු ජලය පාෂාණය හරහා අනිත් කෙළවරින් පිට කිරීමේ හැකියාව තිබෙනවා.
මෙමගින් මින්මැදුරු ජලයේ ගුණාත්මකභාවය නැවත නැවත ඇති කිරීම හා වැඩි දියුණු කරීම සිදුකරීම සිද්ධ වෙනවා තවද ජලයේ ඇති නයිට්රේට් ඉවත් කර ජලය පිරිසිදු කිරීමත් සිද්ධ වෙනවා, එමගින් ජලජ ජීවීන්ට වඩාත් සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට උදව් වෙනවා.
තවත් කාරණයක් තමයි මේ ලාවා පාෂාණය හරහා මින්මැදුරු ජලය ගමන් කිරීමේ දී ජලයේ දිය වී ඇති දුර්ගන්ධයට හේතුවන හයිඩ්‍රජන් සල්ෆයිඩ් වැනි මූලද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය විනාශ කර දැමීම.
ලාවා පාෂාණ මගින් Ph අගයට බලපෑමක් සිදු නොවන නිසා විද්‍යාත්මක පෙරනයක් ලෙස පමණක් නොව මින්මැදුරු අලංකරණය සහ මසුන්ට වාසස්ථාන නිර්මාණය කරදීම සඳහාත් මෙම පාෂාණ ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
ඒ වගේම අනිත් වැදගත්ම කාරණය වන්නේ නයිට්‍රජන් චක්‍රය මනාව පවත්වාගෙන යාමට අවශ්‍ය කරන හිතකර බැක්ටීරියා ජනපද ඇතිකර ගැනීමට මෙම ලාවා පාෂාණ උදව් වෙනවා
සැහැල්ලු සහ පරිසර හිතකාමී බව සහ පාෂාණය හරහා ජලය ගමන් කිරීමට ඇති හැකියාව නිසාම ජලජ පලටි සහිත මින්මැදුරු නිර්මාණය කිරීම සඳහාත් ඉතා උචිතයි.
substrate එකක් ලෙස භාවිතා කරනවානම් තරමක් සැලකිලිමත් වෙන්න ඕන. සමහර පාෂාණ කැබලි වල ඇති තියුණු බව නිසා මසුන්ට මෙන්ම ටැංකියේ වීදුරුව තුවාල සිදුවීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒක ගැනත් සැලකිලිමත් විය යුතුමයි.
ජීව විද්‍යාත්මක පෙරනයක් ලෙස කාලයක් භාවිතා කිරීමේ දී මෙහි ඇති කුඩා සිදුරු වැසී යාම සිදුවෙනව එවිට එය නැවත පිරිසුදු කොට භාවිතා කළ හැකිවීම වාසියක්.
ශ්‍රිම්ප් වැනි සතුන්ට සැඟවී සිටීමට සහ උන්ගේ පිටත ආවරණය සවිමත් කර ගැනීමට අවශ්‍ය ස්වභාවික කැල්සියම් වැනි අත්‍යවශ්‍ය දෑ ලාවා පාෂාණ මඟින් ඔවුන්ට ලැබෙනවා.
සමහරු ජීවවිද්‍යාත්මක පෙරනයක් ලෙස ලාවා පාෂාණ භාවිතා කරන කොටසට මෙම කුඩා ඉස්සන් වර්ග දමනවා. ඔවුන් එහි ජීවත් වෙමින් එහි රැඳෙන කුඩා ආහාර කැබලි සහ එහි බැඳෙන ඇල්ජී ආහාරයට ගනිමින් ජීවත් වනවා.
මෙම ලාවා පාෂාණ වල මැග්නීසියම්, කැල්සියම් සහ යකඩ වැනි විවිධ ස්වාභාවික ඛනිජ අඩංගු වෙන නිසා ජලජ ජීවීන්ගේ වර්ධනයට අවශ්‍ය දේ නොමිලේම ලැබෙනවා.
මතක තබා ගත යුතු වැදගත්ම කාරණයක් තමයි මින් මැදුර තුළට හෝ පෙරනය තුළට ලාවා පාෂාණ එකතු කිරීමට පෙර අවශ්‍ය ප්‍රමාණයට කැබලි කරගත් පසු ලාවා පාෂාණ කැබලි හොඳින් තම්බා ගත යුතුයි.
ඉතින් ඔබත් ඔබගේ ජීව විද්‍යාත්මක පෙරනයට හෝ මින්මැදුරු අලංකරණය සඳහා ලාවා පාෂාණ යොදා ගැනීමට පසුබට වන්න එපා.
ඉතින් වෙනදා වගේම මේ කුඩා ලිපියේ කතා නොවූ ඔබගේ අදහස් සහ දැනුම comments section එකේ සටහන් කරන ලෙස සමූහයෙන් සියලු දෙනාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි !!!

No comments:
Post a Comment